මුල මතක නැති අය කියවගෙනම එන්ඩො...😉🙊
13. මේවාන්
"""""" අයියෝ දෙයියනේ.. මොකක්ද ඩොක්ටර් ඔයා කරේ... ඇයී.. දෙයියනේ ඔයා මාව ඇල්ලුවේ... අනේ මන් දන්නේ නෑ ඔයාට දැන් මොනා වෙයිද.."""""
මන් එහෙම කියන ගමන් උගේ අත එහාට කරා.. මිනිහා ඇහිපිය ගහන්නේවත් නැතුව නලලත් රැලි කරගෙන මගේ දිහා බලන් ඉන්නවා..
"""""" ඔරවන්නේ ඇයි ළමයො.. ඔයාගේම හොදටමනේ කිව්වේ.. මොකද දන්නවද.. දැන් මේ එන්න කලින් මන් දෙන්නෙක් එක්ක එකපාර ඉදියා... අනේ ඉතින් අපෙ පින්වන්ත දොස්තර මහත්තයා මන් වගේ පව්ම්කාරයෙක් අල්ලලා කෙලසුනොත්... මට බැහැ ඒ පවට කර ගහන්න..."""""
මන් එහෙම කියලා ඉවර වෙනකොටම මූ එක අතකින් මගේ කොලර් එකෙන් අල්ල ගත්තා....
"""""" අතෑරපන්..."""""
ඌ මගේ කොලර් එකෙන් අල්ලපු නිසාම මන් ඇල්ලුවේ උගේ බෙල්ලේන්..
"""""" උබ මට කියන්නේ උබ ඔහොම හතර වටේම එවුන් එක්ක ඉන්නකොට.. මටත් උබ එක්ක ඉන්න කියලද..."""""
නිකේෂ් එහෙම ඇහුවම මට බකස් ගාලා හිනා ගියා..
"""""අනේ මේ... කව්ද දැන් ඔයාට කිව්වේ මාත් එක්ක ඉන්න කියලා... අනේ යනෝ ඕයී යන්න. අනික තමුසේ හිතන් ඉන්නේ මෙතන තමුසේගේ පිටිපස්සේන් එන්න මට ඔලුව හොද නෑ කියලද.."""
මන් ඒක කියලා ඉවර වෙනකොට මිනිහා මගේ කොලර් එකෙන් අත ගත්තා.. ඊටපස්සේ මාත් උගේ බෙල්ලේන් අත ගත්තා.
"""""" හරී තරහ ගන්නේ නැතුව අහපන්කෝ.. ඒ කියන්නේ දැන් උබට මන් ගැන මොනම හැගීමක්වත් නැහැ කියලද.."""""
නිකේෂයා ඒක අහපු විදියට දෙකක් අනින්න හිතුනා,,,
"""""" නැහැ.. අනික ඔයාට ලැජ්ජයි නේ මන් තමුසේ ලග ඉන්නකොට...""""""
මන් එහෙම කියලා දැම්මා..
"""""" හරී කියපන් මන් කවද්ද උබට එහෙම දෙයක් කිව්වේ... මට උබව තේරෙන්නෙ නෑ බන්.."""""
මන් ඒත් කල්පනා කරේ මේ ඊයේ පෙරේදත් ස්ට්‍රේට් ස්ට්‍රේට් මට කොම්ලෝ එපා කිය කියා හිටපු මිනිහා එකපාරටම කොහොමද මෙහෙම වෙනස් උනේ කියල..
YOU ARE READING
මේවාන්
Romance""""" හරී අමුතුවෙන් වටේ යන්න ඕනී නෑ මන් කෙලින්ම වැඩේට බහින්නම්කෝ... මෙච්චරයී වෙන්න ඕනී.. තමුසේ මාත් එක්ක නිදා ගන්න ඕනී...""""""" මන් එහෙම කියලා ඉවර වෙන්නවත් උනේ නෑ... නීකේෂ් මහ හයියෙන් කෑ ගහගෙන මන් ලගට ආවා.. """""" මො...මොක්කක්ද තමුසේ කිව්වේ... ලැජ්...