17. මේවාන්

696 70 2
                                    

17.මේවාන්

"""" එහෙනම් මොකද කියන්නේ... Toooo Romantic  වෙමුද.."""""

ඒක කියනකොට නිකේෂ්ගේ ඇස් නලලේ තිබ්බේ...

"""""" මේ කාර් එක ඇතුලේ..  අනික මෙතනින් යන එන කැම්පස් එකේ එවුන්ටත් පේනේවී..."""""

"""""" මට කමක් නෑ කාට පෙනුනත්....""""""

එහෙම කියන ගමන් මන් නිකේෂ්ගේ ඔලුවෙන් අල්ලගෙන කටට ලන් උනා...

මන් නිකේෂ්ගේ මූණ දිහා බලනකොට මූගේ ඇස් දෙකත් වැහිලා තිබුනේ..

"""""'" ඉන්න හැටි විතරක්. තාම නිකන් පලවෙනි කිස් එකවත් නොලැබුනු ගානට ඉන්නේ.. ඒත් හැබයි එකපාර ගෑනූ දෙන්නා දෙන්නා රන් කරන්නේ ."""""

මන් ටිකක් වෙලා ඉදලා, නිකේෂ්ගේ නලලට වැටිලා තිබුනූ කොන්ඩේ එහාට කරලා නලල පොඩි කිස් එකක් දුන්නා.. ඔන්න එතකොට තමයි මූගේ ඇස් දෙක ඇරුනේ.

"""""" මොකෝ ඇස් දෙකක් වහ ගෙන බයේ හිටියේ.. තවුසේ හිතුවේ මන් කට කඩලා ගනීවී කියලද.."""""

මන් ඌට කින්ඩියට හිනා වෙන ගමන් උගේ ඇගෙන් එහාට උනා..

"""""" වැඩෙමනේ මේ පොඩි පගයොන්ට බය වෙන්න.."""""

"""""" ආහ්හ් එහෙමද දොස්තර මහත්තයෝ... එහෙනම් හිටාන්කෝ කඩන් කනවා අහවල් එකම."""""

මන් තොලකටත් ලෙව කන ගමන්ම ඇස් දෙකත් මුගේ රහාස්‍ය ප්‍රදේශය පැත්තට දාගෙන නිකේෂ් ලගට ලන් උනා...

""""""" කෝ මෙහේ එනවා බූරූ තඩියා..."""""

නිකේෂ් මාව ඇදලා අරගෙන හයියෙන් බදා ගත්තා.. මන් දගලන්න වගේ ගත්තම..

"""""" දගලන්න එපා මේවාන්.. ටික වෙලාවක් මෙහෙම ඉන්න ඕනී..."""""

නිකේෂ්ගේ සීරීයස් කටහඩ නිසා මන් දගලන්නේ නැතුව එහෙම්මම හිටියා.

"""""" මල්ලී, මන් ඇත්තම කියන්නම්.. මට තාම උබව හුරු නෑ බන්... මට ඕනී උබ එක්ක මෙහෙම ඉන්න ඒත් මට තාමත් උබව හුරු නෑ...""""

ඌ ඒ කියපු දේට මන් මුකුත්ම කියන්න ගියේ නෑ.. මට හිතා ගන්න බැරි උනේ මන් මොකක්ද නිකේෂ්ට කියන්නේ  කමක් නෑ ඔයා ඒකට වෙලාව ගන්න කියලා කියන්න හිතුනත් මන් කට පියාගෙනම හිටියා..

මේවාන්Where stories live. Discover now