45. මේවාන්

588 48 2
                                    

මේවාන් 45

""""""" ඒ කියන්නේ තාත්තට තිබුනු ලෙඩේමද මටත් තියෙන්නේ... අනේ මාත් එයා වගේම මැරෙයිද...""""""""

මන් ඒ වෙලාවේ මන් කව්ද මන් නර්සින් ස්‍ටූඩන්ට් කෙනෙක් කියලවත් මට මතක් උනේ නෑ...

"""""""" අනේ අම්මේ අනේ.. මාත් තාත්තා වගේ මැරිලා යයිද...""'"''''""

මන් අම්මව බදාගෙන අඩ අඩා අහන්න ගත්තේ ඇත්තටම මට මන් ගැන බයක් දැනුන නිසා....

""""""" ඔයා බය වෙන්න එපා. මන් ආපහු වතාවක් කව්රුවත් නැති කර ගන්නේ නෑ.. ඔයා මගේ පුතා.. මේ අම්මා ඉන්නකන් ඔයාට බෑ මාව දාලා කොහේවත් යන්න...''""""""

එයාගේ තුරුලේ ඉදගෙන ඒ වගේ උණුසුමක් ආරක්ෂාවක් මට වෙන කාගෙන්වත් දැනුනේ නෑ... මන් එහෙම ඉන්න ගමන් බැලුවේ තාත්තා දිහා..

""""""" ඇයි ඔයා ඔයාගේ හොද පුතාව යවලා මන් වගේ කෙනෙක්..."""""""

ඇත්තටම මට අහන්න උනේ ඇයි මන් වගේ කෙනෙක් එක්ක සම්බන්දයක් පටන් ගත්තේ කියලා.. ඒත් ඒක අහන්න කලින්ම තාත්තා,,

"""""'"" ඔයා මගේම ලේ දරුවෙක් නොවෙන්න ඇති පුතේ.. ඒත් ඔයා කියන්නේ මගේ ජීවිතේ...""''''''

තාත්තා එහෙම කියලා අහක බලා ගත්තා.. මොකද එදා තමයි මන් එයාගේ ඇස් වලින් කදුලු දැක්ක පලවෙනි දවස..

"""""""" කෝ දැන් නැගිටින්න සුදූ.. දැන් ඔය ඇති. යමු කාමරේට.. ""''''''

මන් ලගට ඇවිත් බිම හිටපු මාව නැගිට්ටවන ගමන් ලොකූ එහෙම කිව්වා.. එයා මාව අල්ලගෙන කෙලින්ම ගියේ මගේ කාමරේට.. ලොකූ මුකුත්ම කිව්වේ නෑ.. ඇත්තටම මට එයාගේ මූණ බලන්නත් ලැජ්ජාවෙන් හිටියේ..

""""""" ඇයි එහෙම දෙයක් කරේ... ඇයි තමුසේ ඒ හැම දෙයක්ම භාර ගත්තේ..""""""

ලොකූ කාමරෙන් යන්න හදනකොට මන් ඇහුවේ ඒක..

""""""" ඔයාට එදා කරපු ට්‍රීට්මන්ට් වලින් අපි ඒ සිද්දිය ඔයාට අමතක කරන්න හැදුවේ සුදූ... හැමදෙයක්ම සීයට සීයක් සාර්තක නෑනේ.. ඔයාට ඒ සිද්දියේ සමහර දේවල්  මතක තිබුනා.. පලිගන්න එක හොද දෙයක් නෙවෙයි සුදූ.. ඒත් සමහර මිනිස්සුන්ට  පලිගන්න එකත් ජීවත් වෙන්න එක හේතුවක් තමයී..""'''''''""

මේවාන්Where stories live. Discover now