අවුරුදු දෙකක් !!
අවුරුදු දෙකකට පස්සෙ මගෙ ඇස් ඉස්සරහට , මගෙ පේන මානෙට ආව ඒ දුඹුරු පාට ඇස් දෙක දිහා බලාගෙන මම ඉස්සරහට ඇවිදගෙන ගියා ...
සුදු පාටට උඹ හරි පින් පාටයි කියපු කොල්ලා
සුදු පාටට උඹ හරි සරාගියි රස් කියපු කොල්ලා
එදා අවුරුදු දහනවයේ කොල්ලා වෙනුවට , අද අවුරුදු තිහක මහ මිනිහෙක් විදිහට මගෙ ගමනාන්තයේ හිටගෙන මගෙ දිහා බලාගෙන ඉන්නකොට
සුදු පාට ඇදුමක් ඇදගත්ත මම ඒ වයසින් මුහුකුරා ගිය දුබුරු පාට ඇස් ඉස්සරහට ඇවිදගෙන ගියා ...
මට දැන ගන්න ඕනා උනා ..
අද මන් සැරසිලා ඉන්න මේ සුදු ඇදුමට , මන් ඒ ඇස් වලට මොන වගේද කියලා ..
අන්තිමට මම නතර උනා ... ඒ රූපෙට අඩි දෙකක් ඉස්සරහයින් මම නතර උනා ..
මට ඕන කරේ වචන වුණත්
මට වචන වෙනුවට කදුලු පුරව ගත්ත බැල්මක් නතර වෙලා තිබුනා ..
ඒ දොතොල් තද කරලා දත් අතර හිර කරගෙන තිබුනා ..
"ඉතින් !! " සැලකිය යුතු පිරිසකගෙ අවදානය අපි දෙන්නට එල්ල වෙලා තියනකොට , ඒ ගැන තැකීමක් නැතුව ඌටත් මටත් ඇහෙන්න හිනා වෙලා කෙදිරුවා ..
සමහර විට අද වෙන්න ඇති පලවෙනි දවස , මන් ආසම ඒ දුඹුරු ඇස් වල කදුලු පිරිලා ඉතිරිලා යනකොට , මම දරා ගන්න බැරි සතුටකින් හිනා වුණ ..
"වචන නෑ රස් .. අද !!මට !! වචන නෑ"
ඇස් දෙක එක අතක ඇගිලි තුඩු වලින් මිරිකගෙන අහක බලාගෙන බාගෙට අඩන ගමන් , බාගෙට හිනා වෙන ගමන් ඌ මිමිනුවා ..
"අතනට යන්න තවත් පරක්කු වෙන තරමට , උබටම තමයි පාඩු "
සුදු පාට මල් වලින් සරසලා තිබුන අල්තාරෙ ඇස් වලින් පෙන්නන ගමන් කියනකොට , ඌට එක පාර බකස් ගාලා හිනාවක් පැන්නා ..
"ඇත්තට , මගෙ වෙන්ඩ හස්බන්ට හදිස්සි වගෙ "
"යකෝ නැත්තන් ඉතින් , අවුරුදු දෙකක් තිස්සෙ අතින් වත් අල්ලන්න හම්නුනාද කියපන් "
'ක්.හ්ම් !! මේ උබලා දෙන්නා මේක ඉවර වුනාම ඇති වෙන්න කියවපල්ලා .. දැන් අන්න අතනට පලයව් " නෙරා අපි දෙන්නා ලගට ඇවිත් කුටු කුටු ගාලා බැනලා අපි දෙන්නව ඉස්සරහට තල්ලු කරේ අපි දෙන්නා හිනා වෙනකොට ..