"සළලාන මාගේ!!!!!!! හීනේ පාට ඇහැරිලා~"
"ලස්සනට කියන්නකො.කිකිළියක් වාගෙ කෙකර ගාන්නෙ නැතුව."
"නින්ද නේන රැයක පිපුණු කුමුදු සුවඳ මගෙම නේද!!!!???????"
මෙවිභූ මයෙ කම්මුල්වලට ඇඟිල්ලෙන් ඇනලා නහයටත් තට්ටුවක් දාලා අහිංසක විදියට හිනා වෙවී ඉඳලා එක විඩේම ඇටේට ගැහුවා.මේ මනුස්සයා එක්ක ජීවත් වෙන එක ලේසී වාගෙ පෙනුනට හිතන තරම් ලෙහෙසි නෑ.
මම දෙකට නැවුනෙ යටහරියෙ ඉඳන් සරුවාංගෙම හිරි වැටිලා ගිය හන්දා.හාදුවක් දුන්නැති පළිය ගත්තෙ ඔය.දුෂ්ඨයා.
"කුමනිගෙන් ඈත් වෙලා ඉඳපං. මට ඒකිව දිරවන්නෑ.අපි එක්කලා කොලු බාගෙ වාගෙ.ඔයා ඉන්නැද්දි උගුරෙ වෙරලු ඇට හිර වෙනවා.....
'අහ්නෙහ්! සංව්සකහ්!' මෝ# අමාරුව තද වෙලා වාගෙ හරියට.කර සලු ගැලවෙනවා.පෙම් රැලි මූනට වැටෙනවා.දැක්කම කැටේට කහවණු ඔබලා එන්න හිතෙනවා....
කැටේ ඉර බේන් මෙච්චරක්!!"
බාගෙට වේලුන සලුවක් ඇදගෙන නැවිලා උන්න මම ඔලුව උස්සලා බැලුවෙ ඉර බලන්න.ඇඟිලි වියතක් පෙන්නගෙන අනිත් අත ඉනට ගහන් සුදු තුවායක් දවටගෙන උන්න මෙවිභූ කුමනිගෙ කැටේ ඉර පෙන්නුවෙ කට ඇද කරගෙන.
"බුරුලු ප්‍රදාහය හැදුන පට්ටි එළදෙනක් වාගෙ!"
"බොරුවට තරහ ගන්න එපා.මම ඔය දේවල් දැක්කෙත් නෑ.එයා කොහොම හිටියත් මට වැඩකුත් නෑ."
"ඔයා ඉස්සරහ අසෝභන විදියට එහෙම හැසිරෙන්න හොඳ නෑනෙ.එයා රජතුමාගෙ අග්‍රමහේෂිකාව.අප්පච්චිටත් නින්දාවක් අමුත්තො ඉදිරියේ එහෙම හැසිරෙද්දි."
"අපිට පිට මිනිස්සු හදන්න බෑ මෙවිභූ"
"ඔයා ඕවා දැක්කත් නොදැක්ක ගානට ගන්නැති හන්දා හොඳයි.හිතනවකො වෙන එකෙක් ඉස්සරහ ඔහොම උන්නානම්.මුල්ලකට ඇඳන් යනවනෙ...
කාටද දෝෂාරෝපණය? කෙලින්ම රජ පවුලට.එදා තෙධර්ණට නම් මම කීවා ඔය විදිහෙ ඇඳුම් ඇන්දොත් ඉතුරු ටිකත් හැමෝම ඉස්සරහ ගලවනවා කියලා...
කුමනි තමා තෙධර්ණට උපදේශන දීලා තියෙන්නෙ නැටුමට.මම ඒත් බැලුවා තෙධර්ණට එකපාරට මක් වුනාද කියලා.පවුල ඇතුලෙ නැති ප්‍රශ්න හදලා තෙධර්ණට මගෙ අඩුපාඩු පෙන්නනවා...
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)