පරිච්ඡේදය 70

308 48 90
                                    

සංඝනායක ස්වාමීන් වහන්සේගෙ මෘත දේහය දැකලා සිහිසුන් වෙන්න ගිය මාව මෙවිභූ නෙළුම් අංගනයකට ඇන්න ආවේ හිතේ කලබලකාරී ගතිය පහවෙන්න.

දළඳාවට අනතුරක් කරන්න යන අයට වස් වදිනවාය කියලා අහලා තිවුනට දැකලා තිවුන්නෑ.අතපය කොර වෙලා අංගවිකල ඇට කූඩුවක් තනිකර.නහයෙන් කනෙන් ලේ ඇවිත් කටින් සෙම පෙරාගෙන මැරිලා තියෙන්නෙ.බය හිතෙනවා දැක්කම.

මෙවිභූ කියන හැටියට දේවතා බණ්ඩාර ආරක්ෂාවට පිටින් දළඳාව ස්පර්ශ කරන අයට දැඩිමුණ්ඩ දෙවියො දඬුවම් කරනවලු.

දැන් අපි මේ ඉන්න රාජවාසලේ සුදු නෙළුම් අංගනය නිමවෙලා තියෙන්නෙ නෙළුම් කුමාරයාගෙ පළවෙනි ජන්ම දිනේට.නෙළුම් මලේ ආකෘතියට කලුගල් බැම්මෙන් තටාකය නිමවලා සුදු නෙළුම් යායට හදලා.මුලු උයනම නෙළුම් පුසුඹයි.

අනේකවිධ වර්ණවල මාළු තටාකය පුරාම පීනනවා.රටවල්වලින් ආනයනය කරපු උන් මයෙ හිතේ.මාළු විතරක් නෙවේ තාරකා ඉබ්බොත් ඉන්නවා උඩට ඇවිදින්.

සුදු නෙළුම් තටාකය හැරුනාම වටේම කහ මලින් බර වෙලා තියෙන්නෙ වියන් බැදුන ඇහැළ ගස්වලින්.බිමත් කහ පාවඩ එළලා වාගෙ.

මෙවිභූ කුමාරයා මාතලේට එන්න කලියෙන් ඉඳලා තියෙන්නෙ මැද මහනුවර රජවාසලේනෙ.මව්බිසව එක්කලා සෙල්ලම් දම දම ඉඳලා තියෙන්නෙ මෙතන.මට මැවිලා පේනවා අභිරානි බිසව චූටි කුමාරයට දුව දුව බත් කවන හැටි.

"මම දැවෙන ප්‍රශ්නෙක ඉන්නෙ සංසකයියෙ"

සිංහ පිළිමයක් උඩ දිගා වෙලා නයා මැරුණ අහිකුණ්ඨිකයා වාගෙ උන්න මෙවිභූ කීවෙ දුක්බර මූනෙන්.මට දැයෙන හැටියට ඔය අහන්න යන්නෙ 'කැරැල්ල මැද්දෙදි කක්කුස්සි බරක් හැදුනොත් මම මොකද්ද කරන්න ඕන?' වාගෙ පුරස්නයක්.

"කියන්න"

"මම තෙධර්ණව බැඳපු හන්දා ඔයා මගෙ බිරිඳගෙ සහෝදරයා වශයෙන් මයෙ මස්සිනා උනානෙ.මම ඔයාගෙ මස්සිනා උනා.මස්සිනා-මස්සිනා සම්බන්ධයක්."

"ඉතිං?"

"සීයාතාත්තාගෙ නංගිගෙ පුතා විදියට ඔයා මගෙ අප්පච්චිගෙ මස්සිනා වෙනවා.මම අප්පච්චිගෙ පුතා හන්දා ඔයා මගෙ මාමා වෙනවා.මම ඔයාගෙ බෑනා වෙනවා.මාමා-බෑනා සම්බන්ධයක්....

|| දෑල ||Where stories live. Discover now