"මං ප්‍රාර්ථනා කරනවා ඒ හැමදේම සිද්ද උන අවුරුද්දේ මම ජීවත් උනා නම් කියලා.. එහෙම උනා නම් මට මේ විකාර කිසිම දෙයක් කරන්න ඕන වෙන්නේ නෑ...."
ටේහ්‍යුන්ග් කෑ ගහලා කිව්වා..ටික වෙලාවක් එහෙමම ගතවෙලා යනකොට ටේහ්‍යුන්ග්ගෙ කම්මුල් දිගේ ගලාගෙන ගිය කඳුලු බිංදු පවා වියලී යන්න උනා.. ඒ මොහොත ටේහ්‍යුන්ග් දුර්වල වෙලා හිටිය මොහොතක් පමණයිද ?
එය ඔහුගේ කලා පංතියට වෙලාව බව ටේහ්‍යුන්ග්ට සම්පූර්ණයෙන්ම අමතක වී තිබුනු අතර ඒ සඳහා ටේහ්‍යුන්ග් ඕනවටත් වඩා ප්‍රමාද වී තිබුනා..
නමුත් විස්තර කල නොහැකි අමුතු හැඟීමක් ටේහ්‍යුන්ග්ට දැනුන අතර අඩු තරමින් දිවීමටවත් හැකියාවක් ටේහ්‍යුන්ග්ට නොතිබුණි...
එහෙමම පහල මාලයට ගිය ටේහ්‍යුන්ග් හිමීට තුන්වෙනි මහල දක්වාම ගමන් කරන්න උනා.. ටේහ්‍යුන්ග්ට අමුත්තක් දැනෙන්න උනේ මොකද කවදාවත්, කිසිම දවසක නැති තරමටම මුලු මහලම දැඩි නිශ්ශබ්දතාවයක ගිලී තිබෙන්නට විය...
පංතිකාමර වල දොරවල් වසා තිබූ අතර ඔවුන් පංතිවල සිටින අවස්තාවක වුවත් මේ තරමටම නිහැඬියාවක් පැවතීමට කිසිඳු හේතුවක් නොතිබුණි...
ඒ පිලිබඳ සිතුවිලි ඉවත දැමූ ටේහ්‍යුන්ග්, දිගටම ඇවිදගෙන යන්න උනා...
අවසානයේ ටේහ්‍යුන්ග් පංති කාමරයට අසලට පැමිණුනත්, එහි දොර වසා තිබුනු අතර දොරෙහි පවා වෙනදා නොමැති වෙනසක් දක්නට ලැබුනා..
"දොර කලින් මේ විදියට නෙවෙයි තිබුනේ.."
සීරීමට ලක්වෙලා තිබුන ලී දොර දිහාම බලාගෙන ටේහ්‍යුන්ග් තමා එක්කම මුමුණන්න උනා..ටේහ්‍යුන්ග් දොර විවර කලත් ඇතුලත කිසිවෙක් නොසිටි අතර නමුත් එහි සම්පූර්ණයෙන්ම තට්ටු දෙකේ ඇඳන් සහ ගමන් මලු වලින් පිරී තිබෙන්නට උනා..
ඇහිබැමකුත් උස්සපු ටේහ්‍යුන්ග් නැවතත් ඒ දිහාම බලාගෙන හිටියා.. එයා අනිවාර්යෙන්ම වැරදි පංති කාමරයකට පැමිණිලා ඇති..
ඒත්... නෑ...
මේ ටේහ්‍යුන්ග්ගෙ පංතිකාමර අංකය.. එය ඉතාම පැහැදිලිව සඳහන් වෙලා තිබුන අතර තමාට නොදන්වා පංතිය වෙනත් ස්ථානයකට රැගෙන යාමටද කිසිඳු අවස්තාවක් නොතිබුනි...
YOU ARE READING
Since 1894 || Taekook [ ONGOING ]
Fanfiction" යුද්ධය අවසන් උනාම අපි විවාහ වෙමු... මම ඔයා වගේම ලස්සන, මල් වවන්නම්... අපේ කතාව මේ මුලු විශ්වයෙම තියෙන ලස්සනම ආදර කතාව බවට පත් වේවි.... " - මිය ගිය සොල්දාදුවෙකුගේ සාක්කුවේ තිබී ලිපියක් හමුවිය ; කපිතාන් ජියොන් ජන්කූක්, 1895 - ‼️ Credits to the ori...