"ටේහ්යුන්ග් කොහෙද ?"
සොක්ජින් ඇහුවේ අනිත් සොල්දාදුවන් හැමෝම එක්ක පිට්ටනියට රැස්වෙන ගමන්.. ඔවුන් හැමෝම මේ පිට්ටනියට රැස් වෙන්නෙ රාත්රී 12 වෙනකන්...
මොකද මේ නත්තල් දවස...
පිට්ටනිය මැදට වෙන්න තබා තිබුනු විශාල දිග ලී මේසයක් මත විවිධ වර්ගයේ ආහාර වර්ග සූදානම් කර තිබුනු අතර සොල්දාදුවන් හැමෝම වගේ ඔවුනොවුන් එක්ක නත්තල් දිනය වෙනුවෙන් සාදයක් සූදානම් කර තිබුනා...
"මං හිතන්නෙ එයා කාමරේ.. ඉන්න මම එයාව එක්කන් එන්නම්.."
ග්රිල් කරන ලද මස් කැබැල්ලකුත් අතට ගන්න ගමන් කිව්ව බෝගම් එහෙමම ඇවිදගෙන ගියේ ඔවුන්ගේ කාමර තියෙන දිහාවට..."ටේහ්යුන්ග්..?"
ඇඳේ කොනටම වෙන්න ගුලි වෙලා නිදාගෙන හිටිය ටේහ්යුන්ග් දිහා බලාගෙන බෝගම් හිනා උනා.. ටේහ්යුන්ග්ට ඒ නත්තල් දවස කියලා අනිවාර්යෙන්ම අමතක වෙන්න ඇති.. ඒ නිසා තමයි ඔහු මේතරම් වේලාසනින් නිදාගන්න ඇත්තේ.. නමුත් ඊට අමතරව ඒ වෙනුවෙන් වෙනත් හේතුවක් තියෙන බවත් බෝගම් දැනගෙන හිටියා...
හිමීට ඒ දිහාවට ඇවිදගෙන ගිහින් බෝගම් ඒ ඇඳේ පැත්තකින් පරිස්සමට වාඩි උනේ හරියට ටේහ්යුන්ග් අවදි වෙයි කියලා බයෙන් වගේ.. ඔහු තත්පර කීපයක් ටේහ්යුන්ග්ගෙ මූණ දිහාම බලාගෙන හිටියේ ඒ මූණට වැටිලා තිබුනු කෙස් කැරැල්ලකුත් පරිස්සමට කන පිටුපසින් රැඳවන ගමන්...
කාමරය අඳුරුයි.. කිසිම විදුලි පහනක් දල්වලා තිබුනෙ නැති උනත්, සඳ එලිය පමණක් ටේහ්යුන්ග්ගෙ මුහුණට වැටිලා තිබුනා...
බෝගම්ගෙ තොල් අතර හිනාවක් ඇඳුනේ ඉබේටම වගේ..
"කොහොමද ඔයා නිදාගෙන ඉද්දිත් මේ තරමටම ලස්සන උනේ ?"ඒත් එකපාරටම බෝගම්ගෙ හිතට සියුම් වේදනාවක් දැනුනේ ටේහ්යුන්ග්ගෙ එක අතක ගුලි වෙලා තියෙන කැප්ටන් වෙනුවෙන් මහපු ලේන්සුව දකිනකොට...
"මං දන්නවා ඔයා අද වේලාසනින් නිදාගත්තෙ හෙට උදේම කැප්ටන්ව පිලිගන්න වරායට යන්න ඕන නිසා කියලා.."
YOU ARE READING
Since 1894 || Taekook [ ONGOING ]
Fanfiction" යුද්ධය අවසන් උනාම අපි විවාහ වෙමු... මම ඔයා වගේම ලස්සන, මල් වවන්නම්... අපේ කතාව මේ මුලු විශ්වයෙම තියෙන ලස්සනම ආදර කතාව බවට පත් වේවි.... " - මිය ගිය සොල්දාදුවෙකුගේ සාක්කුවේ තිබී ලිපියක් හමුවිය ; කපිතාන් ජියොන් ජන්කූක්, 1895 - ‼️ Credits to the ori...