Chapter - 33

1K 325 96
                                    

නැවතත් සියල්ල සාමාන්‍ය අතට හැරෙමින් තිබුනා.. මිය ගිය සොල්දාදුවන්ගෙ මෙන්ම සාමාන්‍ය ජනතාවගෙත් සිරුරු මිහිදන් කල අතර විනාශ වී ගිය ගොඩනැගිලි පවා යථා තත්වයට පත් කරමින් තිබුනා...

සියලුම සොල්දාදුවන් එකම අවස්තාවෙ ආචාර කලේ මියගිය සොල්දාදුවන්ගෙ සිරුරු මිහිදන් කරන අවස්තාවේ.. හැමදේකම තිබුනේ නීරස බවක්.. මොකද තම තමන්ගෙ ආදරණීයයන් අහිමි වුන පවුල් වල සාමාජිකයන් පවා තවමත් ගත කලේ දැඩි ශෝකාකූල දිනයක්...

හැමදේම දුක්ඛිතයි.. හැමෝම හිටියේ හඬමින්.. ඒ දේවල් දිහා බලාගෙන ඉන්න එක පවා ටේහ්‍යුන්ග්ගෙ හිතට ගෙනාවෙ දැඩි වේදනාවක්...

ටේහ්‍යුන්ග් කල්පනා කලා.. ඒ වෙලාවේ තමනුත් මිය ගියා නම්..? එහෙම උනා නම් තමන් වෙනුවෙන් හඬන්න හරි කෙනෙක් ඉන්නවද ? ටේහ්‍යුන්ග් ඒ හැමදේම ගැන හිතුවා...

මිහිදන් කිරීමේ කටයුතු අවසන් වෙනවත් එක්කම සොල්දාදුවන් සියලු දෙනාවම රැස් කල පුහුණුකරු කිව්වේ, මියගිය සොල්දාදුවන්ට ගෞරවයක් ලෙස එදා දින කිසිම පුහුණුවීමක් නැති බවයි...

ඒ වෙනකොට ඉර බැස යමින් තිබුනු අතර, ටේහ්‍යුන්ග් හිටියේ ඔවුන්ගේ ගොඩනැගිල්ලේ ඉහලමට තට්ටුවේ...

හැමදේම නිශ්ශබ්දයි.. හැමදේම සාමකාමියි. ඒත් තමන්ගෙ හදවත විතරක් කෑලි කෑලි වලට බිඳිලා ගිහින් බව ටේහ්‍යුන්ග්ට දැනුනා...

තමන්ගෙ හිතට මේ තරම් වේදනාවක් දැනෙන්නෙ ඇයි කියලා ටේහ්‍යුන්ග් දැනගෙන හිටියේ නෑ.. සමහරවිට සමීපම කෙනෙක්ගෙ අහිමි වීමක් නිසාද ? එහෙමත් නැත්තම් බලාපොරොත්තු කඩවීමක් නිසාද ? ඔව් සමහරවිට...

එහෙමත් නැත්නම්, අතීතයේ සිදු වුන නින්දා සහගත සිදුවීම් තමන්ට ඇස් දෙකෙන්ම දකින්න සිදුවුන නිසාද ?

ටේහ්‍යුන්ග් ඒ දෙයට වෛර කලා.. වචනයෙන් කියන්න බැරි තරමටම... කාලයක් ඉතිහාසය කියන්නෙ ටේහ්‍යුන්ග් අකමැතිම දෙයක්.. ටේහ්‍යුන්ග් කිව්වේ ඒක කම්මැලි වැඩක් කියලා.. ටේහ්‍යුන්ග් කිව්වේ ඒකෙ කිසිම විනෝදයක් නෑ කියලා.. ටේහ්‍යුන්ග් කිව්වේ ඒක කාලය නාස්ති කිරීමක් කියලා..

Since 1894  ||  Taekook  [ ONGOING ]Where stories live. Discover now