"ඔයාලා මෙයාව දැකලා තියෙනවද ? එයා උසයි.. කොණ්ඩෙ මෙන්න මේ වගේ.. ආහ් නැද්ද ?! හරි බොහොම ස්තූතියි.."
බෝගම් එහෙමම හුස්මක් පිටකරේ අතේ තිබුනු ටේහ්‍යුන්ග්ගෙ චිත්‍රය දිහා බලාගෙන.. බොහෝ වෙලාවක් බලාගෙන හිටියත් ටේහ්‍යුන්ග් නැවත පැමිණෙන්න ප්‍රමාද වෙනකොට බෝගම් එය ඇන්ඳෙ ටේහ්‍යුන්ග්ව හොයාගන්න අවශ්‍ය උන නිසා...
පිටත තිබුනෙ දැඩි සීතලක් උනත්, හිතේ තිබුනු නොසන්සුන්කම නිසාම බෝගම්ගෙ සිරුරෙන් දහඩිය පවා ගලාගෙන ගියා...
බෝගම් මේ ටේහ්‍යුන්ග්ව හොයන්නෙ උදේ ඉඳලා.. පෙර දින රාත්‍රියෙ මවගෙ සොහොන වෙත යන බව ටේහ්‍යුන්ග් පැවසුව මොහොතේ ඉඳලම බෝගම්ට නිදහසේ නිදාගන්නවත් නොහැකි උනේ මොකද ඔහු හිටියේ කියාගන්න බැරි තරම් නොසන්සුන්කමකින් වගේම අපහසුතාවයකින්...
ජෙනරාල්තුමා නිසා ටේහ්‍යුන්ග් ඉන්නෙ වෙනදටත් වඩා අනතුරක බව සිහිවෙන හැම වෙලාවෙම වගේ බෝගම්ගෙ හිතට කනස්සල්ලක් දැනුනා...
"ටේහ්‍යුන්ග්.. ඔයා කොහෙද ?"
බෝගම් තමාගෙන්ම ඇහුවා...හිතේ තිබුනු නොසන්සුන්කම නිසාම ඇස්වල කඳුලු පිරුනත්, ඒත් ටේහ්‍යුන්ග්ව සෙවීම නතර කරන්න බෝගම්ට පුළුවන්කමක් තිබුනෙ නෑ.. ඒ නිසාම ඔහු කඳවුර තුල මෙන්ම අවට සිටි හැමෝටම වගේ ටේහ්‍යුන්ග්ගෙ රූපය තිබුනු චිත්‍රය පෙන්වුවා.. ටේහ්‍යුන්ග් ගැන විස්තර කලා.. ඔවුන්ගෙන් තොරතුරු ඇහුවා.. ඒත් හැම වතාවකම ලැබුනෙ එකම එක පිලිතුරක් විතරයි.. ඔවුන් කිසිම කෙනෙක් ටේහ්‍යුන්ග්ව දැක තිබුනෙ නෑ...
"මං දැනගත්තා.. මට ඔයා එක්ක එන්න තිබුනෙ.. සමාවෙන්න ටේහ්‍යුන්ග්.."
සිරුරට දැනුන තෙහෙට්ටුව නිසාම අසල තිබුන බංකුවකින් වාඩි උන බෝගම් තමාටම දොස් කියාගත්තා...
බෝගම් මේ වෙලාවේ ඉන්න ඕන වෙලඳපොලේ.. තමන්ගෙ මවට මෙන්ම සහෝදරයට ඔවුන්ගෙ වෙලඳාම වෙනුවෙන් බෝගම්ගෙ උදවු අවශ්‍ය උනත්, නමුත් බෝගම් හිටියේ ඒ දේවල් ගැන හිතන්න පුළුවන් යහපත් මානසිකත්වයක නෙමෙයි.. ඔහුගේ මනසෙ තිබුන එකම දේ ටේහ්‍යුන්ග් විතරයි...
YOU ARE READING
Since 1894 || Taekook [ ONGOING ]
Fanfiction" යුද්ධය අවසන් උනාම අපි විවාහ වෙමු... මම ඔයා වගේම ලස්සන, මල් වවන්නම්... අපේ කතාව මේ මුලු විශ්වයෙම තියෙන ලස්සනම ආදර කතාව බවට පත් වේවි.... " - මිය ගිය සොල්දාදුවෙකුගේ සාක්කුවේ තිබී ලිපියක් හමුවිය ; කපිතාන් ජියොන් ජන්කූක්, 1895 - ‼️ Credits to the ori...