"කොහොමද මං ඒ ගැන කැප්ටන්ට ඔප්පු කරන්නෙ ? හිතන්න බෝගම් හිතන්න.."
බෝගම් කල්පනා කරේ ටේහ්‍යුන්ග් නැවතිලා හිටිය නිවස තුල කිහිප සැරයක්ම එහාටත් මෙහාටත් ඇවිදින ගමන්...
වෙලාව රාත්‍රී 8 පමණ වී තිබුන අතර බෝගම් ඒ වෙනකොටත් කැප්ටන්ට ඉදිරියේ කියන දේවල් කීපවතාවක්ම පුරුදු උනත්, නමුත් ගැටලුව උනේ ඒක නෙමෙයි...
ඒ හැමදෙයක්ම වෙනුවෙන් සාක්ෂි අවශ්‍යයි...
මොකද කැප්ටන් අනිවාර්යෙන්ම ඒ වෙනුවෙන් සාක්ෂි විමසන බව බෝගම් හොඳින්ම දැනගෙන හිටියා...
"මොනවද සාක්ෂි වෙනුවෙන් ඉදිරිපත් කරන්න ඕන..?"
මුලු හිතම විවිධ සිතුවිලි වලින් පිරී තිබුනත්, ගැඹුරින් හුස්මක් ගත්ත බෝගම් තමාවම සන්සුන් කරගත්තා...
"හරි.. ඒකට කමක් නෑ.. මේ හැමදේම ටේහ්‍යුන්ග් වෙනුවෙන්.. ඒ නිසා තව හොඳට කල්පනා කරන්න බෝගම්.."
සමහරවිට බෝගම් කියන දේවල් කිසිම තේරුමක් නැති දේවල් වෙන්න පුළුවන්.. නමුත් ඒ හැමදේම ඇත්ත.. සමහරවිට බෝගම් මෝඩ විදියට හැසිරෙන බව හිතෙන්න පුළුවන්.. මොකද කවදාවත් ආපස්සට නොලැබෙන ආදරයක් වෙනුවෙනුයි ඔහු මේ හැමදේම කරන්නෙ.. ඒත් ඒ තමයි බෝගම්ගෙ ආදරයේ ස්වරූපය...
බෝගම්ගෙ හිත කොයිතරම් වේදනාවට පත්වෙනවද යන වග කිසිම කෙනෙක්ට නොතේරෙනවා වෙන්න පුළුවන්.. මොකද ටේහ්‍යුන්ග්ව සනසන්න ඕන නිසා කැප්ටන් ගැන කතා කරන හැම මොහොතකම වගේ ඔහුගෙ හිතට දැනුනෙ තමන්ගෙ හදවත පසාරු කරගෙන යනවා වගේ වේදනාවක්...
දෙවියන් විතරයි ඒ වේදනාව ගැන දැනගෙන හිටියෙ..
ඒත් බෝගම්ට ඒ ගැන ප්‍රශ්නයක් තිබුනෙ නෑ...
ඒ දෙවල් වලින් තමාට වේදනාවක් උනත්, බෝගම් ඒ ගැන හිතුවෙ නෑ.. ටේහ්‍යුන්ග් කවදාවත් තමාට ආදරය නොකලත්, ඒත් බෝගම්ට ඒ ගැන ප්‍රශ්නයක් තිබුනෙ නෑ.. බෝගම් ඒ ගැන හිතුවෙත් නෑ...
බෝගම් හොඳින්...
ටේහ්‍යුන්ග් සතුටින් ඉන්න බව දැනෙන තාක්කල් බෝගම් හොඳින්.. යාලුවෙක් විදියට හරි ටේහ්‍යුන්ග් ලඟින් ඉන්න හැකිවෙන තාක්කල් බෝගම් හොඳින්...
YOU ARE READING
Since 1894 || Taekook [ ONGOING ]
Fiksi Penggemar" යුද්ධය අවසන් උනාම අපි විවාහ වෙමු... මම ඔයා වගේම ලස්සන, මල් වවන්නම්... අපේ කතාව මේ මුලු විශ්වයෙම තියෙන ලස්සනම ආදර කතාව බවට පත් වේවි.... " - මිය ගිය සොල්දාදුවෙකුගේ සාක්කුවේ තිබී ලිපියක් හමුවිය ; කපිතාන් ජියොන් ජන්කූක්, 1895 - ‼️ Credits to the ori...