කැප්ටන් ජියොන් !
තමන් ඔවුන්ට හසු උන බව දැන සිටියත්, ශක්තිමත් දෑත් තමාව ඉහලට ඔසවන බව දැනුනත් ටේහ්යුන්ග් තවමත් තමන් දුටු දෙයින් හිතාගන්න බැරි විදියට පුදුමයට පත් වී මෙන්ම නොසන්සුන් වී හිටියා...
"කැප්ටන්.." ඔවුන් සියලු දෙනාම ආචාර කලා..
"මම එයාව 3වෙනි මහලේ ඉඳලා හොයාගත්තේ.. මට හිතෙන්නේ එයා අපි ගැන ඔත්තු බැලුවා..""මං ඔයාට කිව්වා, මම ඔත්තුකාරයෙක් නෙවෙයි ! මොන විකාරයක්ද ?"
සොල්දාදුවාට තවදුරටත් කතා කරන්න නොදීම ටේහ්යුන්ග් ඉක්මනට කිව්වා...ටේහ්යුන්ග්ගේ අත් දෙකම ශක්තිමත් සොල්දාදුවන් දෙදෙනෙක් විසින් දැඩිව අල්ලාගෙන සිටි අතර, ඔවුන් තමාව කිසිම හේතුවකට නිදහස් නොකරන බව ඔහු දැන සිටියත්, තවමත් ටේහ්යුන්ග් ඔවුන්ගේ ග්රහණයෙන් මිදෙන්න තමන්ට හැකි උපරිමයෙන් උත්සාහ කරමින් සිටියා...
"එයාව විමර්ශනය කරන්න !"
කිසිඳු අනුකම්පාවක් නොමැති දැඩි කටහඬක් ටේහ්යුන්ග්ට ඇහෙනවත් එක්කම, ඒ හඬ ටේහ්යුන්ග්ගෙ මුලු කොඳුඇට පෙළ දිගේම මුලු ඇඟම හිරිවට්ටන්න සමත් උනා.. ටේහ්යුන්ග් සම්පූර්ණයෙන්ම නිහඬ වී සිටියා.. මොකද තවමත් තමන් ඉදිරියේ කැප්ටන් ජියොන් සිටින බව මෙන්ම, තමා ඔහුගේ කටහඬ පවා අසන බවක් විශ්වාස කරන්න ටේහ්යුන්ග්ට පුළුවන්කමක් තිබුනේ නෑ.. ඒත්... ටිකක් ඉන්න ! එයා දැනටමත් මිය ගිහින් නෙවෙයිද ??ටේහ්යුන්ග් තවමත් ඔවුන්ගෙන් නිදහස් වෙන්න උත්සාහ කලත් ඒ සියල්ලම අසාර්ථක වෙද්දි සිදු උන එකම දේ උනේ, ඔවුන්ගේ ග්රහණය තවත් දැඩි වීමත්, ටේහ්යුන්ග්ට විඩාවක් දැනීමත් පමණි...
ඔවුන් කාමරයකට ඇතුල් උන අතර එය විමර්ශනය කිරීමේ කටයුතු සිදුකරන ප්රදේශයක් බව හොඳින්ම දිස්වන්නට විය.. එහි ඇතුලතින් තවත් කාමරයක් තිබුනු අතර එය අනිවාර්යෙන්ම විමර්ශනය කිරීම පටිගත කිරීම් සිදුකරන ස්ථානය මෙන්ම, ප්රශ්න කිරීම් සිදුකරන ස්ථානය බවද පැහැදිලිවම පෙනෙන්නට තිබුනි...
ටේහ්යුන්ග්ව ලී පුටුවක වාඩිකල ඔවුන් ඔහුගේ අත්, පුටුවේ පිටුපසට වන්නට බැඳ දමන්නටද විය...
YOU ARE READING
Since 1894 || Taekook [ ONGOING ]
Fanfiction" යුද්ධය අවසන් උනාම අපි විවාහ වෙමු... මම ඔයා වගේම ලස්සන, මල් වවන්නම්... අපේ කතාව මේ මුලු විශ්වයෙම තියෙන ලස්සනම ආදර කතාව බවට පත් වේවි.... " - මිය ගිය සොල්දාදුවෙකුගේ සාක්කුවේ තිබී ලිපියක් හමුවිය ; කපිතාන් ජියොන් ජන්කූක්, 1895 - ‼️ Credits to the ori...