ටේහ්යුන්ග් නිහඬවම ජන්කූක් දිහාවට ගියත්, ටේහ්යුන්ග්ට පිටුපස හරවා සිටි ජන්කූක් ඔහුගේ පැමිණීම නොදැනෙන තරමටම වෙනත් කාර්යයක් වෙනුවෙන් තමන්ගෙ අවධානය යොමු කර තිබුනා...
මේ තරමටම අවධානයෙන් ඔහු කරන දේ පිලිබඳ ඇති උන කුතුහලයත් එක්කම ඒ උරහිසට උඩින් එබිලා බලපු ටේහ්යුන්ග්ට ජන්කූක් කිසියම් දෙයක් අඳිමින් ඉන්න බව පෙනුනා...
"ඇයි එයා තුවක්කු වල රූප අඳින්නේ ?"
ටේහ්යුන්ග් තමාගෙන්ම ඇහුවත්, තවමත් ජන්කූක්ගෙ චිත්ර ඇඳීමේ හැකියාව ගැන පුදුමෙන් ඒ දිහාම බලාගෙන හිටියා..ඒත්, ඒ ඒක ! දම්පාට සටහන් පොත ! ටේහ්යුන්ග් කුතුහලයෙන් හිටිය සටහන් පොත.. බැලූ බැල්මටම එය ජන්කූක්ට ඉතාම වටින දෙයක් බව හොඳින්ම පැහැදිලි උනා.. ඒ හේතුව නිසාම එය මොකද්ද කියන දේ ගැන දැනගන්න ටේහ්යුන්ග්ගෙ හිතේ ඕනවටත් වඩා වැඩි උවමනාවක් ඇති වෙන්න පටන් ගත්තා...
"වාහ් ඔයා දක්ෂයි.."
එකපාරටම ඇහුන කටහඬ එක්ක කලබල උන ජන්කූක් එහෙමම තමන්ගෙ සටහන් පොතත් පැත්තකට විසි කරලා පිටුපස හැරිලා බැලුවත් ඇවිත් ඉන්නෙ කවුද කියල දකිනවත් එක්කම ඒ මූණෙ නොරිස්සුම් පෙනුමක් ඉබේටම ඇඳුනා..."ඔයාට මොනවද ඕන ?"
සටහන් පොත තමන්ගෙ පිටුපසට කරලා හංගන්න ගමන් ජන්කූක් අහනකොට හුරතල් පෙනුමක් මවාගත්ත ටේහ්යුන්ග් තමන්ගෙ මූණෙන්ම සටහන් පොත පෙන්නුවා..."ඇයි ඔයා තුවක්කුවල රූප අඳින්නේ ?"
ටේහ්යුන්ග් ඇහුවා..."මට ඕන නිසා..!"
ජන්කූක් එතනින් පිටතට එන්න හැදුවත් ඊට වඩා ඉක්මන් උන ටේහ්යුන්ග්, ජන්කූක්ගෙ මග හරස් කරගත්තා..."ඒත් මට හිතෙන්නෙ එතන වෙන හේතුවක් තියනවා.."
ජන්කූක් ආයෙමත් එතනින් පිටත් වෙන්න හැදුවත් කලින් වතාවෙ වගේම ටේහ්යුන්ග් ඒ මග හරස් කරගත්තා...
"ඇයි ඔයා මාව මගාරින්නේ ?"
"මං ඔයාව මගහැරියෙ නෑ !"
"නෑ ඔයා මාව මගාරිනවා.."
"නෑ මං එහෙම කරේ නෑ !"
YOU ARE READING
Since 1894 || Taekook [ ONGOING ]
Fanfiction" යුද්ධය අවසන් උනාම අපි විවාහ වෙමු... මම ඔයා වගේම ලස්සන, මල් වවන්නම්... අපේ කතාව මේ මුලු විශ්වයෙම තියෙන ලස්සනම ආදර කතාව බවට පත් වේවි.... " - මිය ගිය සොල්දාදුවෙකුගේ සාක්කුවේ තිබී ලිපියක් හමුවිය ; කපිතාන් ජියොන් ජන්කූක්, 1895 - ‼️ Credits to the ori...