"ඔයා මොකද මෙතන කරන්නේ ?"
දර්ශනය ගැන ලියවුනු පොතක් කියවමින් කාර්යබහුල වෙලා හිටිය ජන්කූක්, ටේහ්යුන්ග් දිහා බලන්නෙ නැතුවම ඇහුවා...ප්රථමාධාර කට්ටලයකුත් අරගෙන ජන්කූක්ගෙ කාර්යාලයට ඇවිත් හිටිය ටේහ්යුන්ග්, එය ජන්කූක්ගෙ මේසය උඩින් තියනවත් එක්කම ජන්කූක් ඔලුව උස්සලා පුදුමෙන් ඒ දිහා බැලුවා...
"ඇයි ඔය දේවල් අරගෙන ආවේ ?""පුහුණුවීම් වලදි අපිට ප්රථමාධාර ගැන කියලා දුන්නා.. ඒ නිසා මට ඒ දේවල් ඔයා එක්ක උත්සාහ කරලා බලන්න ඕන.."
ජන්කූක්ගෙ බොහොමයක් තුවාල ඒ වනවිටත් සුව වී තිබුනු අතර, නමුත් උදරයේ තිබුනු පිහි ඇනුම් පහර තවමත් වේදනා දෙමින් තිබුනා...
"මිස්ටර් කිම් ! මට ඇත්තටම තුවාල වෙලා ඉන්නේ.. ඉතිං........."
ටේහ්යුන්ග්ගෙ වචන එක්ක කලබල උන ජන්කූක් ඉක්මනට කිව්වා..."ආහ් මොකද්ද අනේ... මට ඇත්තටම කාටහරි ප්රතිකාර කරන්න ඕන.. ඒකෙන් මට තව පුහුණුවක් ලැබේවි.."
ප්රථමාධාර පෙට්ටිය විවර කරන ගමන් ටේහ්යුන්ග් කිව්වේ, බොරු හුරතලයකුත් මවාගන්න ගමන්..."ඒක නෙමෙයි මෙතන තියන ගැටලුව.. අනිත් එක ඔයාට වෙන පුහුණුවීම් නැද්ද ?"
"දැනටමත් හවස 6ත් පහු වෙලා තියෙන්නේ.. මගේ පුහුණුවීම් ඉවරයි.. ඒ නිසා මට මේක කරන්න දෙනවද ? ප්ලීස් ? ප්ලීස් ?"
කියන්න ඕන මොනවද කියල ජන්කූක් දැනගෙන හිටියේ නෑ.. ටේහ්යුන්ග් තමන් ඉදිරියේ මේ විදියට හැසිරෙනකොට කොහොමද අකමැති වෙන්නේ ?
"හරි එහෙනං.."
කියවමින් හිටිය පොතත් වසා දැමුව ජන්කූක්, හුස්මකුත් පිටකරන ගමන් කිව්වා...ටේහ්යුන්ග්ට උද්යෝගයක් දැනුනා.. තමන් ඇත්තටම මෙතෙන්ට එන්න හේතුව උනේ දම්පාට සටහන් පොත ගැන විස්තරයක් හොයාගන්න උනත්, නමුත් දැන් ටේහ්යුන්ග්ට ජන්කූක්ගෙ තුවාල වලට ප්රතිකාර කිරීමේ දැඩි උවමනාවක් ඇති උනා...
වාඩිවෙලා හිටිය තැනින් නැගිට්ට ජන්කූක්, එහෙමම තමන්ගෙ නිල ඇඳුමේ බොත්තම් එකින් එක විවර කරන්න ගත්තා...
YOU ARE READING
Since 1894 || Taekook [ ONGOING ]
Fanfiction" යුද්ධය අවසන් උනාම අපි විවාහ වෙමු... මම ඔයා වගේම ලස්සන, මල් වවන්නම්... අපේ කතාව මේ මුලු විශ්වයෙම තියෙන ලස්සනම ආදර කතාව බවට පත් වේවි.... " - මිය ගිය සොල්දාදුවෙකුගේ සාක්කුවේ තිබී ලිපියක් හමුවිය ; කපිතාන් ජියොන් ජන්කූක්, 1895 - ‼️ Credits to the ori...