ඇස් දෙකට නිදිබර ගතියක් දැනෙනවත් එක්කම ජන්කූක් ඉක්මනට වාඩිවෙලා හිටිය තැනින් නැගිට්ටා.. ඒ වෙනකොටත් රාත්‍රී 10 පමණ වෙලා තිබුන නිසා කලබලෙන්ම එහෙ මෙහෙ ගියපු ඒ ඇස් අවසානෙ නතර උනේ ඈතින් පායලා තියෙන හඳ ගාවින්.....
ජන්කූක් බලාගෙන ඉන්නෙ පැය 9ක් තිස්සේ... නමුත් ඒ වෙලාව තුල වැදගත් වැඩ කීපයක් සිදුකල නිසා ඒ ගැන ඔහුට ගැටලුවක් තිබුනෙ නෑ... මොකද ගැටලුව තිබුනේ වෙනත් දෙයක් ගැන...
ටේහ්‍යුන්ග් තවමත් ඇවිත් තිබුනෙ නෑ....
ටේහ්‍යුන්ග් මේ වෙලාවෙ කාර්යබහුල ඇති.. එයා මොකක් හරි වැදගත් වැඩක් කරනවා ඇති.. සමහරවිට තව ටිකකින් ටේහ්‍යුන්ග් එන්න පුළුවන්.. ජන්කූක් තමන් එක්කම ඒ දේවල් ගැන හිතන්න ගත්තා.. නමුත් දැන් පැය කීපයක් තිස්සෙ ඉඳලම ජන්කූක් කලෙත් ඒකමයි.. කොයි මොහොතේ හරි ටේහ්‍යුන්ග් ඒවි කියල හිතන එක... නමුත් ඒ වෙනකොටත් නඩු විභාගය අවසන් වෙලා පැය 9ක් ගත වෙලා තිබුනත් ටේහ්‍යුන්ග්වත්, ටේහ්‍යුන්ග්ගෙ හෙවනැල්ලවත් පෙනෙන මානයක නොතිබුනා....
බලාපොරොත්තු එකින් එක ඈත් වෙලා හිතෙන් මැකිලා යන්න පටන් ගත්තත්, ජන්කූක් තවමත් බලාගෙන හිටියා...
"එයා ඒවි... ටේහ්‍යුන්ග් අනිවාර්යෙන්ම ඒවි..."
ටේහ්‍යුන්ග් කඳවුරේ ගේට්ටුව ඉස්සරහ හිටගෙන හිටියා.. සෑම සොල්දාදුවෙක්ටම ගේට්ටුව අසල මුර කිරීමට කාලසටහනක් අනුව බෙදා දී තිබුනු අතර අද මධ්‍යම රාත්‍රී 12 වෙනකන් ඒ ටේහ්‍යුන්ග්ගෙ වාරය උනා....
ටේහ්‍යුන්ග් එහෙමම හිටගෙන හිටියා.. නමුත් සිතුවිලි ? හිතේ තිබුන සිතුවිලි හැම එකක්ම එකිනෙක පැටලිලා.... ව්‍යාකූල වෙලා....
තමන් එනකන් ජන්කූක් බලාගෙන ඉන්න බව ටේහ්‍යුන්ග් දැනගෙන හිටියා.. නමුත් ජන්කූක් කියන්න යන දේට තමන්ගෙ හිත තාමත් සූදානම් නැති නිසා ටේහ්‍යුන්ග් ඔහු වෙනුවෙන් නොයා ඉන්න තමන්ගෙ උපරිමෙන් උත්සාහ කලා....
'සත්‍යය' කියන දේ රිදෙනවා.. ඒක හිතට වේදනාවක්.. එහෙම නේද ?
නමුත් විනාඩි කීපයක් ගත වෙන්නත් කලින්ම කාන්තාවක් අශ්වයෙක් පිටින් පැමිණි අතර, ඇය සමඟ තවත් පුද්ගලයෙක් හිටියා.. ඒක අමුතු දෙයක්.. මේ වගේ වෙලාවක ඇයි කාන්තාවක් පිටත ඉන්නේ ? මොකද රාත්‍රිය කියන්නෙ දිනපතා ඇඳිරි නීතිය පනවන වෙලාව....
YOU ARE READING
Since 1894 || Taekook [ ONGOING ]
Fanfiction" යුද්ධය අවසන් උනාම අපි විවාහ වෙමු... මම ඔයා වගේම ලස්සන, මල් වවන්නම්... අපේ කතාව මේ මුලු විශ්වයෙම තියෙන ලස්සනම ආදර කතාව බවට පත් වේවි.... " - මිය ගිය සොල්දාදුවෙකුගේ සාක්කුවේ තිබී ලිපියක් හමුවිය ; කපිතාන් ජියොන් ජන්කූක්, 1895 - ‼️ Credits to the ori...