"සුබ උදෑසනක්.."
මුහුණට වැටී තිබුන ඉර එලියට ඇස් හුරුවෙනකන් එහෙමම හිටිය ටේහ්යුන්ග්, අත් දෙකත් දෙපැත්තට දිගු කරලා හිමීට ඇස් විවර කරලා බැලුවා..."ආහ්... සුබ උදෑසනක්.."
ටේහ්යුන්ග් ආපස්සට සුබ පැතුවත්, එකපාරටම දැනුන නුපුරුදු හැඟීමක් ඔහුව වෙලාගත්තා...මේ ටේහ්යුන්ග්ගෙ කාමරය නෙමෙයි !!
ඒ සැනින් නැගිටලා ඇඳෙන් වාඩි උන ටේහ්යුන්ග්ගෙ ඇස් තවත් ලොකු වෙන්න ගත්තේ, තමන් ඉදිරියෙන් ඉන්න පුද්ගලයව දකිනවත් එක්කමයි...
"කැ..කැප්ටන්..?"
එකපාරටම නැගිට්ට සැනින් මේ තරම් වෙලා තමන් නිරුවතින් හිටියා වගේ කලබලයකින් ඇඳ ඇතිරිල්ලෙන් මුලු ඇඟම ආවරණය කරගන්න උත්සාහ කරන ටේහ්යුන්ග් දිහා ජන්කූක් ඇහිබැමකුත් උස්සගෙන පුදුමෙන් බලාගෙන හිටියා..."ඔයා මට මොනවාහරි කරාද ?"
"මම ඔයාව ඇඳට අරන් ආවා.. එච්චරයි.. වෙන කිසිම දෙයක් උනේ නෑ.."
ඊයෙ රාත්රියේ සිදු උන දේවල් එකින් එක මතක් කරන්න උත්සාහ කරන ගමන් ටේහ්යුන්ග් කෑ ගහන්න ගන්නවත් එක්කම ජන්කූක් අහිංසක විදියට කිව්වා...ටේහ්යුන්ග් තවමත් ජන්කූක්ගෙ කාර්යාලයේ සිටි අතර, ඊයෙ රෑ ඔහු අනිවාර්යෙන්ම ඒ තුල නිදාගෙනත් තිබුනා.. නමුත් තියෙන්නෙ එක ඇඳක් පමණයි...
"ඔයා කොහෙද නිදාගත්තේ ?"
ඊයෙ රැගෙන ආව ප්රථමාධාර කට්ටලය අතට ගන්න ගමන් ටේහ්යුන්ග් ඇහුවා..."පුටුවේ..."
ජන්කූක්ට අනිවාර්යෙන්ම හරිහැටි නින්දක් ලැබෙන්නෙ නැතිව ඇති.. ඒ ගැන හිතන ගමන්ම තොලකුත් හපාගෙන කනස්සල්ලෙන්ම ජන්කූක්ට ආචාර කරපු ටේහ්යුන්ග්, එතනින් එන්න හැදුවත්, නමුත් ඊට කලින් එකපාරටම මතක් උන දෙයක් නිසා ඉක්මන් උන ජන්කූක් ටේහ්යුන්ග්ව නැවැත්තුවා..."ආහ්.. අර මනුස්සයා ගැන... මං එයා ගැන බලාගත්තා.. ඔයා කරදර වෙන්න ඕන නෑ..."
සැනසිලිදායක හිනාවක් තොල් අතර රඳවගෙන ජන්කූක් කියනකොට, තත්පර කීපයක් ඒ දිහා බලන් ඉඳලා හිනා උන ටේහ්යුන්ග්, එතනින් පිටත් උනා...
YOU ARE READING
Since 1894 || Taekook [ ONGOING ]
Fanfiction" යුද්ධය අවසන් උනාම අපි විවාහ වෙමු... මම ඔයා වගේම ලස්සන, මල් වවන්නම්... අපේ කතාව මේ මුලු විශ්වයෙම තියෙන ලස්සනම ආදර කතාව බවට පත් වේවි.... " - මිය ගිය සොල්දාදුවෙකුගේ සාක්කුවේ තිබී ලිපියක් හමුවිය ; කපිතාන් ජියොන් ජන්කූක්, 1895 - ‼️ Credits to the ori...