Chapter - 23

957 338 142
                                    

"චූදිතයා පැමිණ සිටිනවද ?"

"චූදිතයා පැමිණ සිටිනවා, ස්වාමීනි.."

"චූදිතයාට විරුද්ධව නඩුව ආරම්භ කරන්න.."

විනිසුරුවරයා ආයෙමත් නියෝග කරනකොට ලිපිකරු නඩුව විස්තර කරන්න පටන් ගත්තා..

"චූදිත ජියොන් ජන්කූක් පනත් අංක 297ට අනුව මිනීමැරුම් අපරාධයක් සිදුකර ඇත.. එය පහත පරිදි වේ.."

"1894 දෙසැම්බර් 6 වන දින රාත්‍රී 9ට හෝ ඒ ආසන්න කාලයකදී, දකුණු කොරියාවේ බෙක්ජේ අගනුවරදී මෙම අධිකරණ බලය යටතේ චූදිතයා හිතාමතාම නීති විරෝධීව සහ දරුණු ලෙස පහර දී තුවාල සිදු කර ඇත.. තුවාල සිදු වූ තැනැත්තා හන් ජිප්යොන්ග්.."

"ඔහුගේ ශරීරය පුරාවටම පහර දී ඇති අතර පසුව දෙවතාවක් ඔහුට කඩුවකින් ඇනීම නිසා වින්දිතයා මරණයට පත්ව ඇත.. චූදිතයා නීතියට පටහැනිව ක්‍රියා කල හමුදා කපිතාන්වරයෙක් වන රජයේ නිලධාරියෙකි.."

කැප්ටන් ගැන කියන හැම විස්තරයක්ම හොඳින් මතක තියෙන විදියට ටේහ්‍යුන්ග් ඒ වෙතටම අවධානය යොමු කරගෙන හිටියා...

"ඔබට විරුද්ධව තියෙන චෝදනා පැහැදිලිද ?"
විනිසුරුවරයා කැප්ටන්ගෙන් ඇහුවා...

"ඔව්, ස්වාමීනි.."

"මේ අවස්ථාවෙ මේ නඩුව වෙනුවෙන් ඔබේ ප්‍රකාශය කුමක්ද ?"

"වැරදිකරු නොවේ, ස්වාමීනි.."
කැප්ටන් ඒ බව කියනවත් එක්කම උසාවිය තුල සිටි බොහොමයක් දෙනා එකිනෙකා එක්ක මුමුණනන්න ගත්තේ හරියට එතන තවත් කලබලයක් ඇති කරන්න වගේ...

"චූදිතයා ඔහු වරදකරු නොවන බවට පිලිගන්නවා.."

ජෙනරාල්තුමාගෙ නීතීඥයා ඒ සැනින් නැගී සිටියා..
"විරුද්ධයි ස්වාමීනි.."
ඔහු කියනකොට විනිසුරුවරයා ඔහුට කතා කරන්න අවස්ථාව ලබා දුන්නා...

"චූදිතයා නිර්දෝශී පුද්ගලයෙක් නොවේ.. ඔහු සිදුකල අපරාධය පිලිබඳ අපට ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කල හැකියි.."

"ඔහුගෙ නිලඇඳුම කුටියක තිබී අපි සොයාගත්තා.. ඒ වගේම එය රුධිරයෙන් වැසී තිබුනා.. එය අපරාධ ස්ථානයට ඉතාම නුදුරින් සොයාගෙන ඇති අතර අපරාධය සිදු වූ දින අපරාධය සිදු වූ වෙලාවට මිනිත්තු 10කට පමණ පසුව ඒ රුධිරය සහිත නිල ඇඳුම සොයාගෙන ඇත.."

Since 1894  ||  Taekook  [ ONGOING ]Where stories live. Discover now