ටේහ්‍යුන්ග් ඔවුන්ගෙ කාමරයේ පැත්තකින් වාඩි උනේ කණ්ඩායමේ අනිත් සාමාජිකයන් දිහා වෙනදටත් වඩා සැලකිල්ලෙන් බලන ගමන්...
"ඇයි ඔයාලා ඔය තරම් බඩු ලෑස්ති කරගන්නේ ? අපි නිකන් කඳවුරෙන් පිට පුහුණුවීමකටනෙ යන්නේ.."
"ඇයි ඇහුනෙ නැද්ද පුහුණුකරු කිව්වා අද පුහුණුවීම් තියෙන්නෙ වතුරේ කියලා..?"
ටේහ්‍යුන්ග් අහනකොට සොක්ජින් උත්තර දුන්නා.."මොකද්ද ??"
හෝසොක් ටේහ්‍යුන්ග් දිහා බැලුවේ සූදානම් කරගත්ත බඩු එක්ක තිබුනු බෑගය තමන්ගෙ කරට දාගන්න ගමන්...
"ඔව් පුහුණුකරු ගිය සතියේ කිව්වේ.. ඔයා කවදාවත් අහගෙන නෙමෙයි නේද ඉන්නේ ?"අනෙක් අය ටේහ්‍යුන්ග්ට විහිලු කරනකොට ටේහ්‍යුන්ග් පවා ඔවුන් එක්කම හිනා උනා..
ඇයි ටේහ්‍යුන්ග්ට හැමදාම වැදගත් දේවල් මගහැරෙන්නේ ?"ගිහින් ඉක්මනට බඩු ටික ලෑස්ති කරගන්න ටේහ්‍යුන්ග්.. තව ටිකකින් අපිට රැස් වෙන්න කියාවි.."
ඔවුන් ආයෙමත් ඉන්නේ වනාන්තරයක් තුල.. බලාපොරොත්තු නොවෙන හදිසි සිදුවීම් බොහොමයක් වෙන්නෙත් වනාන්තරයන් තුල..
"ඕහ් දෙවියනේ !!"
පිටුපසින් ඇහුන කටහඬක් නිසා ටේහ්‍යුන්ග් එකපාරටම කෑ ගැහුවත්, නමුත් පැත්තකින් හිටගෙන සිටි බෝගම් හිනාවෙන්න ගන්නවත් එක්කම ටේහ්‍යුන්ග් නිහඬ උනා..
"ඇයි හැමතිස්සෙම දෙවියන්ට කතා කරන්නෙ ? ඇයි මම මොකක් හරි නරක ආත්මයක් වගේ පේනවද ?"
බෝගම් දිගටම හිනාවෙන්න ගන්නකොට ඒ දිහා රවාගෙනම බලාගෙන හිටිය ටේහ්‍යුන්ග් බෝගම් දිහාවට ගිහින් ඔහුගෙ කනෙන් ඇදලා අල්ලගත්තා..
"ඇයි හැමතිස්සෙම මාව බය කරන්නෙ ?"
ටිකක් තදින් ඇහුව ටේහ්‍යුන්ග් ආයෙමත් හිනාවෙන්න පටන් ගත්තෙ දැනටමත් රතු වෙලා තියන බෝගම්ගෙ කන දිහා බලාගෙන..."ඇයි ඔහොම හැසිරෙන්නෙ ටේහ්‍යුන්ග් ? ආයෙමත් සර්පයෙක් එනකන්ද බලන් ඉන්නේ ?"
ටේහ්‍යුන්ග්ට පසුගිය සතියෙ සිදු උන දේවල් එකින් එක මතක් උනේ බෝගම්ගෙ වචන එක්ක.. මුලු ඇඟම හිරිවැටිලා යනකොට ටේහ්‍යුන්ග් කලබලෙන්ම වටපිට බලන්න ගත්තෙ හරියට ආයෙත් ඒ සීමාව ඇතුලෙ සර්පයෙක් ඉන්නවද කියලා සෝදිසි කරන්න වගේ...
YOU ARE READING
Since 1894 || Taekook [ ONGOING ]
Fanfiction" යුද්ධය අවසන් උනාම අපි විවාහ වෙමු... මම ඔයා වගේම ලස්සන, මල් වවන්නම්... අපේ කතාව මේ මුලු විශ්වයෙම තියෙන ලස්සනම ආදර කතාව බවට පත් වේවි.... " - මිය ගිය සොල්දාදුවෙකුගේ සාක්කුවේ තිබී ලිපියක් හමුවිය ; කපිතාන් ජියොන් ජන්කූක්, 1895 - ‼️ Credits to the ori...