"සර්.. මං ආවෙ ඔබතුමාගෙ අවසරය ගන්න.. මට ඔබේ දුව විවාහ කරගන්න ඕන.."
ටේහ්යුන්ග් පුදුම උනා.. මොකද ඉතිහාසයේ කිසිම තැනක කැප්ටන් ජියොන්ගෙ පවුල් ජීවිතය පිලිබඳවවත්, ඔහු ආදරය කල කෙනෙක් ගැනවත් කිසිම දෙයක් සඳහන් වෙලා තිබුනෙ නෑ... එතකොට මේ දේවල් මොනවද ? සමහරවිට ඇත්තටම ඔහුට සිදු උනේ මොකද්ද කියලා හොයාගන්න මෙය හොඳ අවස්ථාවක් වේවි යැයි ටේහ්යුන්ග් හිතුවා...
ජන්කූක් සමඟ සිටි පුද්ගලයා ගැඹුරින් හුස්මක් පිටකරන හඬ ටේහ්යුන්ග්ට ඇහුනා..
"ඔයා ගොඩක් හොඳ කෙනෙක්.. වැදගත් කෙනෙක්.. අනිත් එක මට ගොඩක් සතුටුයි, මොකද ඔයා කැප්ටන් කෙනෙක්... ඒත් ඔයා මගේ දුව විවාහ කරගන්නවා කියන දේට මට එකඟ වෙන්න බෑ.. අඩුතරමේ එයාගෙ පිලිතුර ලැබෙනකන්වත්... මට ඉස්සෙල්ලම එයා එක්ක කතා කරන්න ඕන.. ඊට පස්සෙ මං ඔයාට දැනුම් දෙන්නම්, මට මගේ අවසරය දෙන්න පුළුවන්ද බැරිද කියලා.."
ඔහු කිව්ව දේවල් හැම එකක්ම හිත ඇතුලෙ තියාගෙන ජන්කූක් හිමීට ඔලුව වැනුවා..."මට තේරුම් ගන්න පුළුවන් සර්.. ඔබතුමාගෙ කාලය වෙනුවෙන් බොහොම ස්තූතියි.."
වාඩිවෙලා හිටිය තැනින් නැගිටින ගමන් කිව්ව ජන්කූක්, එහෙමම ඔහුට ආචාර කලා...මුලු කාලය පුරාම ටේහ්යුන්ග් තමන්ගෙ සම්පූර්ණ අවධානයම ඒ කතාබහ වෙනුවෙන් යොදවා තිබුනු අතර, අඩු තරමින් ජන්කූක් නිවසින් පිටතට පැමිණිය බවවත් නොදැනෙන තරමටම ටේහ්යුන්ග් කල්පනා ලෝකයක ගිලිලා හිටියා...
ඒ සැනින් තමන්ගෙ බඩු ටික එකතු කරගත්ත ටේහ්යුන්ග්, ආයෙත් ජන්කූක් පස්සෙන් දුවගෙන යන්න උනා...
ටේහ්යුන්ග්ගෙ මුලු හිතම විවිධ ආකාරයේ සිතුවිලි වලින් පිරී තිබුනා.. හිතාගන්න බැරි ප්රශ්න දහස් ගණනක් හිතට නැගුනත්, ඒ කිසිවකට පිලිතුරු සොයාගන්න තවමත් කාලය නොවන බවද ටේහ්යුන්ග් දැනගෙන හිටියා...
"ඒ ගෑණු ලමයා වාසනාවන්තයි.. හහ් ! මං ප්රාර්ථනා කරනවා ඒ මම උනා නම් කියලා.."
තමන්ගෙම හිතේ ඇඳුන සිතුවිලි වලට ටේහ්යුන්ග් හිනා උනා.. විහිලුවක් වගේ !ටේහ්යුන්ග් ආයෙමත් කැප්ටන් පිටුපසින් යන එක ආරම්භ කරලා තිබුනත්, නමුත් මේ වතාවෙ ඔහු කලින් හැම වතාවකටම වඩා ප්රවේශම් උනා.. මොකද හදිසියේ ආයෙත් ප්රශ්නයක් උනොත් ඉක්මනට තමන්ගෙ මුහුණ ආවරණය කරගන්න හැකිවෙන විදියට ටේහ්යුන්ග් තමන්ගෙ බෙල්ල වටේට ස්කාෆ් එකක් පවා දාගෙන හිටියා...
YOU ARE READING
Since 1894 || Taekook [ ONGOING ]
Fanfiction" යුද්ධය අවසන් උනාම අපි විවාහ වෙමු... මම ඔයා වගේම ලස්සන, මල් වවන්නම්... අපේ කතාව මේ මුලු විශ්වයෙම තියෙන ලස්සනම ආදර කතාව බවට පත් වේවි.... " - මිය ගිය සොල්දාදුවෙකුගේ සාක්කුවේ තිබී ලිපියක් හමුවිය ; කපිතාන් ජියොන් ජන්කූක්, 1895 - ‼️ Credits to the ori...