1894, ඔක්තෝබර් 12,
ආදරණීය දිනපොත,
මම විනෝද උනේ නෑ..
මට ඇත්තටම ඒක වදයක්.. මට එයාව කන්දකින් පහලට තල්ලු කරන්න ඕන..!!
මම පිස්සෙක් වගේද !
ඒත් කොහොමහරි මම අද හොයාගත්ත තොරතුරු ටිකක් විනෝදයි වගේ.. මං හිතන්නෙ මං අද එයා ආදරේ කරන කෙනා ගැන හොයාගත්තා.. මං කිව්වේ, ඉතිහාසෙ කිසිම තැනක එයා ආදරේ කරපු කෙනෙක් ගැන සඳහන් වෙලා නෑ.. ඒ නිසා මට ඇත්තටම ලොකු කුතුහලයක් තියනවා ඒ ඇයි කියලා.. මොකද ඒ තරම් ලස්සන මූණක් එක්ක එයාට ආදරේ කරන්න කෙනෙක් හිටියේ නෑ කියන එක වෙන්න බැරි දෙයක්...
එයා ගොඩක් ලස්සන, ධනවත් ලොකු ගෙදරකට ගිහින් ඒකෙ හිටිය පුද්ගලයට කිව්වා එයාගෙ දුවව විවාහ කරගන්න ඕන කියලා.. ඒත් ඒ පුද්ගලයා කිව්වා එයාට ඉස්සෙල්ලම එයාගෙ දුව එක්ක කතා කරන්න ඕන කියලා..
මටත් එයා වගේ කෙනෙක් ඕන.. මගේ දෙමව්පියන්ගෙන් මං ගැන අහන්න කවදාවත් බය වෙන්නෙ නැති කෙනෙක්.. මොනදේ උනත් මං වෙනුවෙන් ඕනම දෙයක් එක්ක සටන් කරන කෙනෙක්.. අනිත් එක අනිවාර්යෙන්ම, මං මොනවගේ හිටියත් මට ආදරේ කරන කෙනෙක්.. මං කවුද කියන දේ පිලිගන්න පුළුවන් කෙනෙක්...
කොහොමද ඒක දැනෙන්නේ ? මං සමලිංගික කෙනෙක් ! බලාපොරොත්තුවක් නැතුවම ආදරණීය කෙනෙක්.. මේ කාලෙ සමලිංගික අයව පිලිගන්නවද ? එහෙම නැත්තම්, මං හිතන්නේ මට අමාරු කාලෙකට මුහුණ දෙන්න වේවි...
මට තාම පුදුමයි කවුද ඒ ගෑණු ලමයා කියලා.. කැප්ටන් ඩෝනට් වදයක් තමයි ! ඒත් ඒ ගෑණු ලමයා ඇත්තටම වාසනාවන්තයි.. එයා වෙනුවෙන් වගේම රට වෙනුවෙන් සටන් කරන, රටට ආදරේ කරන කෙනෙක් ලැබෙන්න තරම්...
එයාට ගොඩක් ආඩම්බර ඇති...
පුදුමෙන් ඉන්න,
කිම් ටේහ්යුන්ග්..
"මට හිතාගන්න බෑ මං හෙට ගැන පුදුම වෙන්න ඕනද, දුක් වෙන්න ඕනද කියලා.."
"ටේහ්යුන්ග්, නැගිටින්න.."
ටේහ්යුන්ග්ට තමන්ගෙ මව අතට තට්ටු කරන බව දැනුනත්, ඔහුගෙ ඇස්වල දැඩි නිදිමතක් මෙන්ම බර ගතියක් දැනුනු නිසා තවත් වෙලාවක් නිදාගැනීම ඇරෙන්න වෙන අදහසක් ටේහ්යුන්ග්ගෙ හිතේ නොතිබුනා...
YOU ARE READING
Since 1894 || Taekook [ ONGOING ]
Fanfiction" යුද්ධය අවසන් උනාම අපි විවාහ වෙමු... මම ඔයා වගේම ලස්සන, මල් වවන්නම්... අපේ කතාව මේ මුලු විශ්වයෙම තියෙන ලස්සනම ආදර කතාව බවට පත් වේවි.... " - මිය ගිය සොල්දාදුවෙකුගේ සාක්කුවේ තිබී ලිපියක් හමුවිය ; කපිතාන් ජියොන් ජන්කූක්, 1895 - ‼️ Credits to the ori...