Chapter - 14

964 339 73
                                    

ජන්කූක් ටේහ්‍යුන්ග් දෙන්නම හිතාමතාම එකිනෙකාව මගහරිමින්, එකිනෙකාව නොදැක්කා සේ හැසිරෙමින් තවත් සති කීපයක් ගෙවී ගොස් තිබුනි...

ටේහ්‍යුන්ග්ට තමන්ගෙ මෙහෙයුම ගැන අමතක වී නොතිබුනත්, ටේහ්‍යුන්ග් තවමත් නිහඬව හිටියා.. මොකද පෑරිලා, රිදුම් දෙන හදවත එක්ක, වේදනාව අමතක වෙන දවසක් හිතාගන්න බැරි උන නිසා හැමදේම කාලයට ඉඩදීලා ටේහ්‍යුන්ග් නිහඬවම ඉන්න තීරණය කලා...

නමුත් ටේහ්‍යුන්ග් නොදැන හිටිය එකම දේ උනේ ජන්කූක් තවමත් ඔහු වෙනුවෙන් හිටිය බව.. තවමත් ටේහ්‍යුන්ග්ව ආරක්ෂා කරන බව.. ඇස් මානයට පැමිණියෙ නැතත්, දුර ඉඳන් හරි ජන්කූක් තමන්ගෙ උපරිමෙන් ටේහ්‍යුන්ග්ව ආරක්ෂා කලා..
තමන්ගෙ එක බැල්මකින් පවා ටේහ්‍යුන්ග්ව ආරක්ෂා කරගන්න පුළුවන් නම්, රහසින් උනත් ඒ හැමදේම ජන්කූක් සිදුකලා...

නමුත් ඒ කිසිම දෙයක් ටේහ්‍යුන්ග් දැනගෙන හිටියෙ නෑ.. පුහුණුවීම් එක්ක කාර්යබහුල උන ටේහ්‍යුන්ග්, තමාගෙ අවධානය වගේම සිත වෙනතකට යොමු කරගන්න දැඩි උත්සාහයක නියැලුනා...

ජන්කූක් ඒ දේට හිත ඇතුලින් ස්තූතිවන්ත උනා.. අඩුතරමින් ටේහ්‍යුන්ග්ට යාලුවො ඉන්නවා, ඔහුගෙ කණ්ඩායමේ මිතුරන් ඉන්නවා.. ඉතිං ඒ කරුණම ජන්කූක්ගෙ හිතට සැහැල්ලුවක් ගෙන එන්න උනා...
ටේහ්‍යුන්ග්ට කරන්න අපහසු දේවල් වලදි ඔවුන් හැමවෙලාවෙම වගේ ටේහ්‍යුන්ග් එක්ක හිටියා.. ටේහ්‍යුන්ග්ව සතුටින් තිබ්බා.. ටේහ්‍යුන්ග්ගෙ මූණට හිනාවක් ගෙනාවා.. අවම වශයෙන් දැනට ජන්කූක් ඒ දේ වෙනුවෙන් ඔවුන්ට හිත ඇතුලින්ම ස්තූතිවන්ත උනා...

"කැප්ටන්, අපි යමු.."
ලුතිනන් හන් කිව්වා.. මොකද ඔවුන්ට වෙනත් නගරයක මෙහෙයුම් කීපයක් තිබුනු අතර, ඒ වෙනුවෙන් ඔවුන් අද පිටත් වෙන්න නියමිත වෙලා තිබුනා..

ලුතිනන් හන්ගේ වචන එක්ක ඔලුව වනපු ජන්කූක්, ඊට ටිකක් එහායින් තුවක්කුවකින් වෙඩි තියන්න පුහුණු වෙමින් ඉන්න ටේහ්‍යුන්ග් දිහාත් තවත් වතාවක් බලලා එහෙමම එතනින් පිටත් උනා...

හදවතට තවමත් බරක් දැනුනා.. දවසක තමා අනිවාර්යෙන්ම සමාව ගතයුතු බව ජන්කූක් දැනගෙන හිටියා.. මොකද ඔවුන් දෙදෙනම මේ හැසිරෙන විදිය එක්ක දවසක තමන්ට ජෙනරාල්තුමාගෙ අණ පිලිපදින්න නොහැකි වෙන බව ජන්කූක් හොඳින්ම දැනගෙන හිටියා...

Since 1894  ||  Taekook  [ ONGOING ]Where stories live. Discover now