"මං හිතන්නෙ කැලෑව ඇතුලෙ නීති ගැන ඔය හැමෝම දන්නවා ඇති.. තම තමන්ගෙ සයිලෙන්සර් ලඟ තියාගෙන ඉන්න.. අනවශ්‍ය ශබ්ද ඇති කරන්න එපා.. මොකද අපි සත්තුන්ට කරදර කරන්නෙ නෑ.. තේරුනාද ?"
"සර්, ඔව් සර්.."
පුහුණුවීම් වල නිරතවෙලා සිටි සොල්දාදුවන්ට අද නියමිත වෙලා තිබුනෙ සාමාන්‍ය දිනවලට වඩා වෙනස් මෙහෙයුමක්.. ඔවුන්ව ප්‍රධාන කණ්ඩායම් දෙකකට බෙදා වෙන්කර තිබුනු අතර එක් කණ්ඩායමක් කැලෑව තුල මෙහෙයුමක් වෙත යනකොට අනෙක් කණ්ඩායම වෙනමම මෙහෙයුමක් වෙත පිටත් උනා...
නමුත් අනෙක් මෙහෙයුම වෙත පිටත් උන පිරිස එක්ක බලනකොට කැලෑව තුල මෙහෙයුම වෙනුවෙන් හිටියේ ඉතාම සුලු පිරිසක්...
"ඔබ සියලු දෙනාම කරන්න ඕන සියලුම මෙහෙයුම් මේ තුල අඩංගු වෙනවා.. නමුත් ඔබ මෙහෙයුමක් තෝරගන්න කලින් අපි ඔබ සියලු දෙනාවම දෙදෙනා බැගින් කණ්ඩායම් කරනවා.."
කුඩා පෙට්ටියක් අතේ තියාගෙන පුහුණුකරු කිව්වා...ජන්කූක් හිටියේ පැත්තක ඉඳලා බලාගෙන හැමදේම අධීක්ෂණය කරන ගමන්...
පුහුණුකරු කණ්ඩායම්වල නම් නිවේදනය කිරීම ආරම්භ කරා...
"කිම් ටේහ්‍යුන්ග්, පාර්ක් බෝගම්.."ටේහ්‍යුන්ග්ට නොසන්සුන් බවක් දැනුනා.. මොකද ජන්කූක් බෝගම් එක්ක ඊරිසියයි.. ටේහ්‍යුන්ග් ඒ බව හොඳන්ම දැනගෙන හිටියා.. ඒ නිසාම බෝගම්ගෙ නම ඇහෙනවත් එක්කම ඉබේටම වගේ ටේහ්‍යුන්ග් ජන්කූක් දිහා බැලුවා.. ඒත්.. හැමදේම සාමාන්‍යයි.. ජන්කූක්ගෙ මුහුණෙ කිසිම වෙනසක් නෑ...
ඒක ටිකක් අමුතුයි...
එහෙමත් නැත්නම්, ටේහ්‍යුන්ග් ඒ ගැන ඕනවට වඩා හිතනවද ? ඒ නිසා ඒ ගැන හිතින් අයින් කරපු ටේහ්‍යුන්ග් බෝගම් එක්ක පෝලිමට එක් වෙනකොට, අනෙක් සොල්දාදුවන්වත් කණ්ඩායම් වලට වෙන් කර තිබුනා...
"ඔය හැමෝම මෙතනින් තෝරගන්න ඕන එක මෙහෙයුමක් විතරයි.. කඩදාසිය මත ලියවිලා තියන මෙහෙයුම තමයි හවුල්කරුවන් එක්ක සම්පූර්ණ කරන්න ඕන.. හැමෝටම විනාඩි 20ක කාලයක් ලැබෙනවා.."
පෝලිමක් ආකාරයට හිටිය සොල්දාදුවන් අහඹු විදියට තම තමන්ගෙ මෙහෙයුම තෝරගත් අතර, කිහිප දෙනෙක් ඒ ගැන සතුටු වෙනකොට, තවත් කිහිප දෙනෙක් ඒ ගැන දුන් උනා..
YOU ARE READING
Since 1894 || Taekook [ ONGOING ]
Fanfiction" යුද්ධය අවසන් උනාම අපි විවාහ වෙමු... මම ඔයා වගේම ලස්සන, මල් වවන්නම්... අපේ කතාව මේ මුලු විශ්වයෙම තියෙන ලස්සනම ආදර කතාව බවට පත් වේවි.... " - මිය ගිය සොල්දාදුවෙකුගේ සාක්කුවේ තිබී ලිපියක් හමුවිය ; කපිතාන් ජියොන් ජන්කූක්, 1895 - ‼️ Credits to the ori...