Chapter - 5

1.4K 368 85
                                    

නිවසින් පිටතට ගිය ටේහ්‍යුන්ග්, එහි අභ්‍යන්තරය කොයිතරම් නම් අලංකාරදැයි බලාගෙනම හිටියා.. අතීතයේ නිවෙස් මේ තරමට අලංකාර, විශාල ඒවා යැයි ටේහ්‍යුන්ග් සිතුවේ නෑ.. මොකද සැබවින්ම එය මන්දිරයකින් ඔබ්බට ගිය මාලිගාවකට සමාන උනා...

නිවසින් පිටත පවා මල් වර්ග මෙන්ම විවිධ ශාක බොහොමයක් තිබුන අතර, නිවස වටා තිබුනු ඉඩම පවා ඉතා විශාල උන අතර, එය කොයිතරම් විශාලද යත් එහි තවත් නිවසක් සෑදීමට තරමටම ඉඩකඩ තිබුනි...

එහෙමම අනෙක් පැත්තට ඇවිදගෙන ගිය ටේහ්‍යුන්ග් නිවස පිටුපස ගොවිපලක්ද තිබෙන බව සොයාගත්තා.. එහි වැඩ කරමින් සිටි සියලු දෙනාම සිනාසෙමින් සිටි අතර, නමුත් ඒ සිනහව පැවතුනේ ඔවුන් ඒ දෙසට එන ටේහ්‍යුන්ග්ව දකින තුරු පමණි...

"මි.. මිස්ටර් කිම් !"
කලබලෙන්ම වගේ කිව්ව ඔවුන් ඒ සැනින් හිසේ තිබුන හිස් ආවරණ පවා ඉවත් කරලා ටේහ්‍යුන්ග්ට ආචාර කරන්න උනා.. එකපාරටම සිදු උන දේ එක්ක ටේහ්‍යුන්ග්ට ව්‍යාකූල බවක් දැනුනත්, තමන් මේ වෙලාවෙ කරන්න ඕන මොකද්ද කියන කාරණාව ගැන ටේහ්‍යුන්ග්ට හිතාගන්න බැරි උනා.. මොකද ඔවුන් හැමෝම වගේ ටේහ්‍යුන්ග්ට දැඩිව බිය උනු බව හොඳින්ම පෙනෙන්න තිබුනා...

"සුබ සන්ධ්‍යාවක් සර් ! අපි මේ පොඩි වෙලාවක් විවේක ගත්තා විතරයි.. අනිත් එක අපි ඉක්මනට ආයෙත් වැඩ කරන්න යනවා.."
වැඩ කරමින් සිටි පුද්ගලයෙක් ටේහ්‍යුන්ග්ට ආචාර කරගෙනම බිම බලාගෙන කිව්වා...

වටපිට බලපු ටේහ්‍යුන්ග්ට දැනටමත් ඉර බැහැගෙන ගිහින් ඇති බව හොඳින්ම පැහැදිලි උන අතර, වැඩ කරමින් සිටි අයගේ මුහුණුවල ඇඳිලා තිබුන පෙනුම නිසා ඔවුන් පවා මුලු දවසම වැඩ කර ඇති බවක්ද පෙනෙන්නට තිබුනා...

"මං.. මං හිතන්නේ ඔයාලා හැමෝම දැන් ඔයාලගෙ ගෙවල් වලට ගියොත් හොඳයි.."
ටේහ්‍යුන්ග් හිනාවෙලා කිව්වත්, ඒත් ඒ සැනින් වැඩ කරමින් සිටි අය දණින් වැටී හඬා වැටෙන්න ගන්නවත් එක්කම එකපාරටම ගැස්සුන ටේහ්‍යුන්ග් පුදුමෙන් ඒ දිහා බලාගෙන හිටියා...
"කරුණාකරලා අපිව අස් කරන්න එපා ! අපේ පවුල් බලාගන්න, එයාලට කන්න දෙන්න අපිට තියෙන එකම බලාපොරොත්තුව මේක විතරයි.. කරුණාකරලා සර්..!"

Since 1894  ||  Taekook  [ ONGOING ]Where stories live. Discover now