පුදුම වෙන්න තරම් කිසිම දෙයක් නැති උනත්, ටේහ්යුන්ග් එකපාරටම ගැස්සුනා..
ඇයි ඒ ? බෝගම් එතන හිටගෙන හිටියා විතරයිනෙ..
"ටේහ්යුන්ග් කොහොමද ?"බෝගම් හිටියේ ටේහ්යුන්ග්ට පිටුපසින්.. ඒත් බෝගම්ට හිමීට හිනා ගියේ මොකද ටේහ්යුන්ග් ඔහුට මුහුණ නොදී ඉන්න උපරිම උත්සාහ කරනකොට...
"ආහ්.. මං හොඳින්.."
ටේහ්යුන්ග්ගෙ කටහඬ වෙව්ලනවා.. ඒත් ඇයි ? ටේහ්යුන්ග් කලබල වෙලාද ?"මගේ තුවාලය දැන් හොඳයි.. මං ආයෙත් බෙහෙත් දැම්මා.."
බෝගම් කිව්වේ ටේහ්යුන්ග්ගෙ මුහුණ බලන්න උත්සාහ කරන ගමන්..."ම්ම්ම්.. හොඳයි.. දිගටම බෙහෙත් දාන්න.."
ඔවුන්ගේ කාමරයෙන් පිටතට යන ගමන් ටේහ්යුන්ග් කිව්වා.. වෙලාව තවමත් පාන්දර 4යි.. ඔවුන්ගේ උදෑසන රැස්වීමට හරියටම පැයකට පෙර...ටේහ්යුන්ග් කාමරයෙන් පිටතට යනවත් එක්කම බෝගම් ඔහුගෙ පස්සෙන් යන්න පටන් ගත්තා...
"ටේහ්යුන්ග්.. ඔයා හොඳින්ද ?"
"ඔව්.."
"ඔයා කොහෙද යන්නේ ?"
"මෙතෙන්ට.."
"ඇයි ඔයා මගෙ දිහා බලන්නෙ නැත්තේ ?"
ඒ ප්රශ්නයට පිලිතුරක් හොයාගන්න ටේහ්යුන්ග්ට නොහැකි උනා.. නෑ පිලිතුරක් හොයාගන්න නොහැකි උනා නෙමෙයි.. පිලිතුර මොකද්ද කියල ටේහ්යුන්ග් දැනගෙන හිටියා.. ඒත් ඒ ගැන බෝගම්ට කියන්නෙ කොහොමද කියලා ටේහ්යුන්ග්ට හිතාගන්න බැරි උනා...
"කවුද මම ? නෑ ! මම එහෙම කරේ නෑ.. ඇයි මං එහෙම කරන්නේ ?"
"එහෙනම් ඇයි ඔයා මං දිහා බලන්නෙ නැත්තේ ?"
ටේහ්යුන්ග් හිත ඇතුලින් තමාටම දොස් පවරගත්තා.. ඔහුට ඊට වඩා ප්රවේශම් වෙන්න තිබුනා.. එහෙමත් නැතිනම් ඊයෙ ගිය ගමන නොයා ඉන්න තිබුනා.. මොකද එහෙම උනා නම් මේ කිසිම දෙයක් සිදු වෙන්නෙ නෑ...
"එහෙම නෑ ඔයාට පිස්සුද ?"
"ටේහ්යුන්ග් මං දිහා බලන්න !"
ඇවිදින ගමන් හිටිය ටේහ්යුන්ග් එහෙමම ගල්ගැහුනේ බෝගම් ටිකක් තදින් කියනවත් එක්ක...
YOU ARE READING
Since 1894 || Taekook [ ONGOING ]
Fanfiction" යුද්ධය අවසන් උනාම අපි විවාහ වෙමු... මම ඔයා වගේම ලස්සන, මල් වවන්නම්... අපේ කතාව මේ මුලු විශ්වයෙම තියෙන ලස්සනම ආදර කතාව බවට පත් වේවි.... " - මිය ගිය සොල්දාදුවෙකුගේ සාක්කුවේ තිබී ලිපියක් හමුවිය ; කපිතාන් ජියොන් ජන්කූක්, 1895 - ‼️ Credits to the ori...