"මේවගෙ මිල කීයද ?"
වෙලඳපොලේ තිබුනු කකුලුවන් කීප දෙනෙක් පරීක්ෂා කරන ගමන් ටේහ්‍යුන්ග්ගෙ මව ඇහුවා...ඒ සෙනසුරාදා දිනයක්.. සියලුම සොල්දාදුවන්ට නිවාඩු දිනයක් වූ බැවින්, තම මව සමඟ වෙලඳපොලට යන්න ටේහ්‍යුන්ග් තීරණය කලා...
නමුත් ටේහ්‍යුන්ග්ගෙ අවධානය තවමත් තිබුනෙ වෙනම තැනක.. වෙලඳපොල පිරිසිදුයි.. පිලිවෙලයි.. ඒ වෙනකොටත් මිනිසුන් බොහෝ පිරිසක් රැස් වෙලා හිටිය අතර, මිල දී ගන්න අවශ්‍ය තරම් විවිධ වර්ගයේ භාණ්ඩද දක්නට ලැබුනි...
කොයිතරම් මිනිස්සු රැස් උනත්, අනාගතයේ වෙලඳසැල් අවට සිටින තරම් මිනිස්සු එහි දක්නට ලැබුනේ නෑ...
පරීක්ෂා කරමින් සිටි කකුලුවක් කීපදෙනෙක් මිලදී ගත් ඔවුන් වෙලඳපොල ඇතුලට ගමන් කරේ, තවත් දේවල් මිල දී ගැනීම සඳහා...
"ඔයාට මොනවාහරි ගන්න ඕනද ටේහ්‍යුන්ග් ?"
ඇය අහනකොට ටේහ්‍යුන්ග් කලබලෙන්ම වටපිට බැලුවා...වැඩි ඈතක නොවුනත්, ටිකක් එහායින් තිබුනු මුහුදු බෙල්ලන් විකුණන කුටියක් ටේහ්‍යුන්ග් දැක්කා.. ටේහ්‍යුන්ග් මුහුදු බෙල්ලන්ට කැමතියි..!
"මං අතනින් මුහුදු බෙල්ලො ටිකක් ගන්නද ?"
ඇය හිනා වෙලා ඔලුව වනනකොට ටේහ්‍යුන්ග් ඒ දිහාවට ඇවිදගෙන ගියා.. අවශ්‍ය තරම් බෙල්ලන් ප්‍රමාණයක් මිලදී ගත් ටේහ්‍යුන්ග් කීප වතාවක්ම ඔවුන්ව පරීක්ෂා කලේ ඒ සියල්ල නැවුම් මෙන්ම පිරිසිදුද කියල තහවුරු කරගන්න.. මොකද අනාගතයේ තියෙන මුහුදු ආහාරවල තත්වය මොන වගේද කියල ටේහ්‍යුන්ග් හොඳින්ම දැනගෙන හිටියා...
අනිත් පැත්ත හැරුන ටේහ්‍යුන්ග් එකපාරටම පුදුම උනේ තමන්ගෙ මව තවත් කෙනෙක් එක්ක කතා කරමින් ඉන්න බව දකිනවත් එක්කමයි.. ඔහු ටේහ්‍යුන්ග්ට පිටුපස හරවා හිටියත්, ටේහ්‍යුන්ග්ගෙ හදවත වේගෙන් ගැහුනා.. මුහුණ නොපෙනුනත් ඒ කවුද කියන වග හඳුනා ගන්න අපහසු උනේ නෑ.. ඇස් වලට හුරුපුරුදු ඒ රූපය කාගෙද කියන බව ටේහ්‍යුන්ග් දැනගෙන හිටියා...
ටේහ්‍යුන්ග් හිමීට ඒ දිහාවට ගියේ තොල් අතර හිනාවකුත් රඳවගෙනමයි.. හිනාවකටත් වඩා ඒක හරියට හිතේ තිබුනු සතුට පිටකිරීමක් වගේ හැඟීමක්...
YOU ARE READING
Since 1894 || Taekook [ ONGOING ]
Fanfiction" යුද්ධය අවසන් උනාම අපි විවාහ වෙමු... මම ඔයා වගේම ලස්සන, මල් වවන්නම්... අපේ කතාව මේ මුලු විශ්වයෙම තියෙන ලස්සනම ආදර කතාව බවට පත් වේවි.... " - මිය ගිය සොල්දාදුවෙකුගේ සාක්කුවේ තිබී ලිපියක් හමුවිය ; කපිතාන් ජියොන් ජන්කූක්, 1895 - ‼️ Credits to the ori...