Chapter - 37

943 316 228
                                    

"ටේහ්‍යුන්ග් මට ඇත්ත කියන්න.. ඔයා අනාගතෙන් ආව කෙනෙක්.. එහෙම නේද ?"

"ඔව් ඇත්ත ! මං අනාගතෙන් ආව කෙනෙක් තමයි.. ඒත් ඔයා මගේ යාලුවෙක් නිසා.., මං ඒ ගැන ඔයාට කියන්නම් !"

ඇස් දෙකත් පියාගෙන හිටිය ටේහ්‍යුන්ග් දිගටම කියවන්න ගත්තෙ, මොකද ඒ වෙලාවෙ තිබුනු මත් ගතිය එක්ක කිසිම හොඳ සිහියකින් හිටියෙ නැති නිසා...

ඒ ඇහුන දේ එක්ක බෝගම් හිටියෙ වෙන කවදාවත් නැති තරම් පුදුම වෙලා.. බීමතින් ඉන්න අය බොරු කියන්නෙ නෑ.. එහෙම නේද ? ඒත් මේ දේවල් කොහොමද විස්වාස කරන්නේ ?

"මො..මොකද්ද ! ඔය ඇත්තමද ? ඔයා.. ඔයා අනාගතෙන් ආව කෙනෙක්ද ?"

හිතට නැගුන දේවල් තවත් තහවුරු කරගන්න වගේ බෝගම් ආයෙමත් අහනකොට ටේහ්‍යුන්ග් හයියෙන් හිනාවෙන්න පටන් ගත්තා...

"ඔව් ! ඒත් මං.. මං මෙහෙට ගොඩක් කැමතියි.. මොකද මං මෙහෙ ඉන්නෙ සතුටින්.."

බෝගම් හිටියේ එහෙමම ගල්ගැහිලා වගේ.. ඒ කියන්නෙ බෝගම් නිවැරදියි.. ටේහ්‍යුන්ග් දකින හැමවෙලාවෙම වගේ හිතට දැනුන සැකය නිවැරදි එකක්...

ටේහ්‍යුන්ග්ව දැක්ක පලවෙනි දවස.. එදා ටේහ්‍යුන්ග් හිටියේ කවදාවත් හමුදා කඳවුරකට ඇතුල් වෙලා නෑ වගේ.. හැමදේම දිහා පුදුමෙන් බැලුවේ.. ඒත් ජෙනරාල්තුමාගෙ පුතා වෙනකොට කොහොමද ඒ දේවල් ගැන නොදැන ඉන්නෙ..
අනිත් දේ තමයි ටේහ්‍යුන්ග් කතාබහ කරන විදිය.. ටේහ්‍යුන්ග්ගෙ මුවින් පිටවෙන ගොඩක් වචන තේරුම් ගන්න පුළුවන් දේවල් නෙමෙයි.. සමහර වෙලාවට ටේහ්‍යුන්ග් කතා කරන්නෙ හරිම අවිධිමත් විදියට.. ඒත් ඒ වචන වල වෙනම තේරුමක් ගැබ්වෙලා තිබුනා...

වැඩියෙන්ම සැක හිතුනු දේවල් තමයි ටේහ්‍යුන්ග් ලඟ තිබුනු දේවල්.. ආකේඩ් එකේදි දැක්ක පොඩි උපකරණය උනත්, ඒ දේවල් 1894 වර්ෂයට ගැලපෙන දේවල් නෙමෙයි.. ඒ හැමදේම හරිම සංකීර්ණයි...

ඒත්.. ඒත් අනාගතයෙන් ආවා කියන දේ විස්වාස කරන්නෙ කොහොමද ? කොහොමද එහෙම වෙන්නේ ?

"කොහෙද ... නෑ ! මොන අවුරුද්දෙද.. එහෙමත් නැත්තම් මොන ශතවර්ෂයේ ඉඳලද ඔයා ආවේ ?"

Since 1894  ||  Taekook  [ ONGOING ]Where stories live. Discover now