"ඔයාට ලස්සන ගෙදරක් තියනවා ජෙනරාල් කිම්.."
පැමිණ සිටි අමුත්තන්ගෙන් අයෙක් පවසන්නට උන අතර, ඔවුන් බොහෝ පිරිසක් පැමිණ සිටියත් දිගු අලංකාර මේසය සම්පූර්ණ වීමට තරම් පිරිසක් නොසිටිය අතර තවමත් එහි තවත් පිරිසකට අසුන් ගැනීමට තරම් ඉඩකඩ තිබුනි...පවුලේ සාමාජිකයන්ද රැස්වීම සඳහා සහභාගි විය යුතු බව තම මව පැවසූ හෙයින් ඒ සඳහා සූදානම් වුනු ටේහ්‍යුන්ග්, ඉහල මාලයේ තමන්ගෙ කාමරයේ සිටම පහල මාලය දෙස බලාගෙන සිටියා.. නිවස සම්පූර්ණයෙන්ම අලංකාර මෙන්ම තේජවන්ත පෙනුමක් ඉසිලූ අතර එහි අභ්‍යන්තරය පමණක් නිරීක්ෂණය කරන අයෙකුට පවා ජෙනරාල් කිම් පවුල යම්තාක් දුරට, සැලකිය යුතු මට්ටමකට ධනවත් පිරිසක් බව මෙන්ම වාසනාවන්ත, සැපපහසු ජීවිත ගත කරන පිරිසක් බවද ඉතා පහසුවෙන්ම පැවසිය හැකිව තිබුනා...
එය මන්දිරයක් වුවත් පෙනුමෙන් එය මාලිගාවකට සමාන උනු අතර ටේහ්‍යුන්ග් පවා තවමත් තමන්ගෙ නිවස සම්පූර්ණයෙන්ම අධ්‍යනය කර නොතිබුනේ, මොකද එහි ප්‍රමාණය සමඟ තමා වුවද අතරමං විය හැකි යැයි ටේහ්‍යුන්ග්ට සිතෙන්නට උනා...
"මෙහේ මගේ පවුල ඇත්තටම ධනවත්.. අනිත් එක මගේ තාත්තා ජෙනරාල් කෙනෙක් ! වාව් !!"
"ටිකක් ඉන්න ! ඕහ් දෙවියනේ !"
"කැප්ටන් ජියොන් පවා මේ රැස්වීමට එනවද ? එයා දැනටමත් ඇවිත් !"
"Oh my god !"
"මං ඇත්තටම ඉන්නේ 1894 නම්,"
"ඒ කියන්නේ මං මේ දකින්නේ ඇත්තම කැප්ටන් ජියොන්ද ?? එයා වගේ රඟපාන කෙනෙක් නෙමෙයිද ??"
"ඇත්තටම ?? මං අපේ රටේ ජාතික වීරයාවද දකින්නේ ? එයා ඇත්තටම ජීවත් වෙලා ඉන්න කාලේ ??"
"ආහ් ! වාව් !!"
"එයා ලස්සනයි..."
"මං කිව්වේ, මං එයාගෙ පින්තූර වෙබ් එකේ දැකලා තියනවා තමයි.. ඒත් එයා ඇත්තටම ඊටත් වඩා ලස්සනයි.."
"ආහ් මොකද්ද ? ඇයි මං මේවා හිතන්නේ ? මට පිස්සු හැදිලා වෙන්නැති !"
රැස්වීම ආරම්භ වෙනවත් සමඟම ඔවුන් විවිධ දේ ගැන සාකච්ඡා කිරීමට පටන් ගත් අතර, ටේහ්‍යුන්ග්ට ඒ කිසිවක් තේරුම් ගැනීමට නොහැකි උනත්, තමන්ට හැකි උපරිමෙන් ඒ දේවල් වලට සවන් දීගෙනම ඉන්න ටේහ්‍යුන්ග් දැඩි ලෙස උත්සාහ කලා...
YOU ARE READING
Since 1894 || Taekook [ ONGOING ]
Fanfiction" යුද්ධය අවසන් උනාම අපි විවාහ වෙමු... මම ඔයා වගේම ලස්සන, මල් වවන්නම්... අපේ කතාව මේ මුලු විශ්වයෙම තියෙන ලස්සනම ආදර කතාව බවට පත් වේවි.... " - මිය ගිය සොල්දාදුවෙකුගේ සාක්කුවේ තිබී ලිපියක් හමුවිය ; කපිතාන් ජියොන් ජන්කූක්, 1895 - ‼️ Credits to the ori...