ආකේඩ් එක තුල තිබුනු හැම විනෝද ක්රීඩාවක්ම උත්සාහ කරලා බලලා අවසන් වෙනවත් එක්කම ටේහ්යුන්ග්, ජන්කූක් දෙන්නටම දැනුන මහන්සිය නිසා ඔවුන් දෙන්නම ජනකාය අතරින්ම පටු පාර දිගේ දිගටම ගමන් කරමින් හිටියා...
ඉස්සරහින් ගමන් කරමින් හිටිය ජන්කූක්, තමන්ගෙ පිටුපසින් තවමත් පැකිලෙමින්, හිමීට අඩි තියමින් එන ටේහ්යුන්ග් දිහා බැලුවා...
ඇයි ටේහ්යුන්ග් මෙච්චර නිහඬ වෙලා ඉන්නේ ? කවදාවත් නැති විදියට නිහඬ වෙලා කිසිම සද්දයක් නැතිව ඉන්න ටේහ්යුන්ග් දිහා බලපු ජන්කූක්ට මේ තරම් වෙලා තමන්ගෙ හිනාව පාලනය කරගෙන හිටියත්, තවදුරටත් ඒක ඒ විදියට පාලනය කරගෙන ඉන්න බැරි උනා...
"ඇයි ඔයා කිසිම සද්දයක් නැතුව ඉන්නේ ?"
මීට ටික වෙලාවකට කලින් සිදු උන දේත් එක්ක ඔවුන් දෙන්නගෙ මුහුණ රතු වෙලා තිබුනු අතර, හදවත පවා පිටතට ඇහෙන තරමටම වේගෙන් ගැහෙමින් තිබුනා.. ටේහ්යුන්ග්ගෙ මුහුණ ජන්කූක්ටත් වඩා රතු වෙලා තිබුනු අතර වෙනදටත් වඩා හුරතල් පෙනුමක් ටේහ්යුන්ග්ගෙන් දිස් උන නිසා ජන්කූක් ඒ දේට ඇත්තටම ආස කලා...
"ආ..ආහ්... මම ? මම එහෙම නෑ..."
අඩු තරමින් ජන්කූක්ගෙ මුහුණ දිහාවත් බලන්න තරම් ශක්තියක් නැති වෙනකොට ටේහ්යුන්ග් ලැජ්ජාවෙන්ම බිම බලාගෙන කිව්වා..."ඔයා එහෙම තමයි.. දැන් ටික වෙලාවකට කලින් ඔයා හිනාවෙලා සතුටින් කියව කියව හිටියා.. ඒත් දැන් එකපාරටම කවදාවත් නැති විදියට නිශ්ශබ්ද වෙලා..."
ජන්කූක් හිනාවෙලා කිව්වෙ අත් දෙකත් පිටිපස්සට බැඳගෙන ඇවිදින ගමන්මයි..."ඔයා තාමත් හිතන්නේ... අපි දෙන්නා... සිපගත්ත........"
"කට වහගන්න !!"
ජන්කූක් කියන්න හදපු දේ සම්පූර්ණ කරන්නත් කලින්ම ටේහ්යුන්ග් ඔහුගේ අතට තදින් පහරක් එල්ල කරනකොට, ඒ මූණ තාමත් කොයිතරම් රතු වෙලාද කියලා ජන්කූක් දැක්කා...ජන්කූක් හයියෙන් හිනා උනා... මොකද ටේහ්යුන්ග්ගෙ නිහඬ බවට හේතුව මොකද්ද කියල ඔහු හොඳින්ම දැනගෙන හිටියා...
YOU ARE READING
Since 1894 || Taekook [ ONGOING ]
Fanfiction" යුද්ධය අවසන් උනාම අපි විවාහ වෙමු... මම ඔයා වගේම ලස්සන, මල් වවන්නම්... අපේ කතාව මේ මුලු විශ්වයෙම තියෙන ලස්සනම ආදර කතාව බවට පත් වේවි.... " - මිය ගිය සොල්දාදුවෙකුගේ සාක්කුවේ තිබී ලිපියක් හමුවිය ; කපිතාන් ජියොන් ජන්කූක්, 1895 - ‼️ Credits to the ori...