දකුණු කම්මුලට තදින් වැදුනු පහරක් නිසා ඈතට විසිවෙලා ගිය ටේහ්යුන්ග් බිමට වැටෙනවත් එක්කම එක අතක වැලමිට පවා තුවාල උනා...
ඒත් ටේහ්යුන්ග්ගෙ ඇස්වලින් දිගටම කඳුලු ගලාගෙන ගියේ ශරීරයට දැනුන වේදනාව නිසා නෙවෙයි.. හිතට දැනුන වේදනාව නිසා.. මොකද ඒ වගේ තද පහරකට තමන් සුදුසු බව ටේහ්යුන්ග්ගෙ හිත කිව්වා...
"මේ හැමදේම තමුන්ගෙ වැරදි !"
ටේහ්යුන්ග්ගෙ පියා කෑ ගහන්න පටන් ගත්තා...ජෙනී කාමරයේ මුල්ලක අඬමින් සිටි අතර යුන්ගිගෙ ඇස්වල පවා කඳුලු තිබුනත්, ඒ වෙලාවේ යුන්ගි තමන්ගෙ උපරිමෙන් උත්සාහ කලේ ටේහ්යුන්ග්ව පහර කෑම්වලින් බේරගන්න...
මොකද තමන්ට තිබුනු අඳුරු අත්දැකීම් ටේහ්යුන්ග්ටත් ඒ විදියටම ලැබෙනවා දකින්න යුන්ගිට ඕන උනේ නෑ...
"තමුන් නිසා තමයි එයා මැරුනෙ.. තමුන් එයාව මැරුවා..!"
"සර්.. කරුණාකරලා ඕක නවත්තන්න.."
ටේහ්යුන්ග් වගේම යුන්ගිත් බිමට වැටුනෙ ජේවොන් ඔහුවත් තදින් තල්ලු කරපු නිසා...
"තමුන්ට කොහෙන්ද මාව අල්ලන්න තරම් හයියක් ආවේ ?"
ඔහු කෝපයෙන් වෙව්ලුවා.. ඒ කෝපය කොයිතරම්ද කියනවා නම්, ඇස්වල තිබුනු ආලෝකය පවා නැති වෙලා ගිහින් තිබුනු ඔහුගෙ මුහුණ අමුතුම පෙනුමකින් සමන්විත උනා...
"මං ඔයාට වෛර කරනවා.. අම්මා නෙමෙයි ඔයා තමයි මැරෙන්න තිබුනේ !"
නමුත් හැමෝම වගේ පුදුම උනේ ජෙනී එකපාරටම කෑ ගහන්න ගන්නවත් එක්කමයි.. ජේවොන් දිහාවට හැරුනු ඇය හිතේ තිබුනු වේදනාව එක්කම කෑ ගහන්න ගත්තා..."ඔයා රාක්ෂයෙක් ! ඔයා තමයි අම්මව...."
ඉක්මනට ඇය දිහාවට ගිය ජේවොන් තරහින් රතු වෙලා තිබුනු ඇස් වලින් ඇය දිහා බැලුවේ ඇගේ කම්මුල් දෙපැත්තෙන් තද කරලා අල්ලගන්න ගමන්මයි...
"බලන්නකො මේ ප්රින්සස් දිහා.. එයා ගොඩක් නිර්භීත වෙලා.. ඒක නිසා නේද මෙච්චර සද්දෙ..?'
ඒත් ඉක්මන් උන ටේහ්යුන්ග් ඔවුන් අතරින් හිටගත්තේ පියා උනත් ඔහුගෙ අතින් ජෙනීට හිරිහැරයක් නොවෙන විදියට...
YOU ARE READING
Since 1894 || Taekook [ ONGOING ]
Fanfiction" යුද්ධය අවසන් උනාම අපි විවාහ වෙමු... මම ඔයා වගේම ලස්සන, මල් වවන්නම්... අපේ කතාව මේ මුලු විශ්වයෙම තියෙන ලස්සනම ආදර කතාව බවට පත් වේවි.... " - මිය ගිය සොල්දාදුවෙකුගේ සාක්කුවේ තිබී ලිපියක් හමුවිය ; කපිතාන් ජියොන් ජන්කූක්, 1895 - ‼️ Credits to the ori...