Chapter - 11

1.3K 363 103
                                    

"මට සමාවෙන්න සර්.. ඒත් සිද්ද වෙන්නෙ මොකද්ද කියලා දැක්කට පස්සේ මං ඔයාලා දෙන්නගෙ පස්සෙන් ආවා.."

ටිකක් වෙලා බෝගම් දිහාත් ටේහ්‍යුන්ග් දිහාත් බලාගෙන හිටිය ජන්කූක් හිමීට ආයෙත් එතැනට යනකොට, ටේහ්‍යුන්ග් නිසා තවමත් බිම වාඩි වෙලා ඉන්න ගමන්ම ඒ දිහාවට ආචාර කරපු බෝගම් පැහැදිලි කරනකොට ජන්කූක් එහෙමම හිමීට ඔලුව වැනුවා...

"ස්තූතියි.."
ජන්කූක් කියනකොට බෝගම් ටේහ්‍යුන්ග්ට නැගිටින්න උදවු කරත්, තවමත් කඳුලු ගලාගෙන ගිය සලකුණු ඒ මුහුණෙ සටහන් වෙලා තිබුන අතර ඇති උන කම්පනය එක්ක තවමත් කකුල් වෙව්ලන්න උනු නිසා ටේහ්‍යුන්ග්ට තනිවම නැගිටින එක පවා අපහසු උනා...

ඒ ඇස් එක මොහොතකට එකිනෙක මුණගැහුනත් ටේහ්‍යුන්ග් ඉක්මනට අහක බලාගත්තා.. ඔහු තවමත් වෙව්ලමින් හිටියා...
"ඒකට කමක් නැත්තම්, මං එයාව දැන් ආපහු කඳවුරට එක්කන් යන්නම්.."
බෝගම් අහනකොට වෙනත් විකල්පයක් නැති තැන ජන්කූක් නිහඬවම ඔලුව වැනුවේ මොකද, තමා ඔහුව කඳවුරකට රැගෙන යනවට අකමැති බව ටේහ්‍යුන්ග්ගෙ මුහුණෙන් හොඳින්ම පැහැදිලිව තිබුනා.. සමහරවිට ටේහ්‍යුන්ග් ජන්කූක්ව ඕනවටත් වඩා තමන්ගෙන් ඈත් කරන්න උත්සාහ කරනවා ඇති...

ආයෙත් ජන්කූක්ට ආචාර කල බෝගම් අශ්වයා මතට නැගලා ටේහ්‍යුන්ග්වත් ඔහුට ඉස්සරහින් තියාගෙන යනකොට එහෙමම බලාගෙන හිටිය ජන්කූක් ගැඹුරින් හුස්මක් පිටකරා...

එයා ඒ තරමටම ජන්කූක්ව ඈත් කරන්න උත්සාහ කරනවද ? මං කිව්වේ, ටේහ්‍යුන්ග් කියන්නේ අනාගත සොල්දාදුවෙක්.. එයා අනිවාර්යෙන්ම මේ වගේ දේවල් වලට පුරුදු වෙන්න ඕන...

ඒත් ජන්කූක්ට ටේහ්‍යුන්ග් ගැන ඒ විදියට දැනුනෙ නෑ.. ජන්කූක්ට දැනුනෙ ටේහ්‍යුන්ග් කියන්නේ වෙනමම කෙනෙක් වගේ.. සාමාන්‍ය පුද්ගලයෙක්වත්, සොල්දාදුවෙක්වත් වගේ නෙමෙයි... ටේහ්‍යුන්ග් කියන්නේ කවුද කියලා හිතාගන්න බැරි විදියෙ හැඟීමක්....

මුලු මනසම නානාප්‍රකාරයේ සිතුවිලි වලින් පිරෙනකොට තමන්ගෙ අශ්වයාව පදවන්න ගත්ත ජන්කූක් ආයෙත් කඳවුර වෙත පිටත් උනා...

Since 1894  ||  Taekook  [ ONGOING ]Where stories live. Discover now