"සුබ උදෑසනක් කැප්ටන් !"
කාර්යාලයට ඇතුල් වෙන ගමන් ඔහුට ආචාර කරලා ටේහ්යුන්ග් කියනකොට, හිතපු නැති වෙලාවක සිද්ද උන ටේහ්යුන්ග්ගෙ පැමිණීම එක්ක කලබල උන කැප්ටන්, මේසෙ මත තිබුන තමන්ගෙ සටහන් පොත ඉක්මනට සඟවගත්තා..."දැන් උදේ නෙමෙයි දැන් හවස.. අනිත් එක ඇතුලට එනකොට දොරට තට්ටු කරන්න දන්නෙ නැද්ද ?"
කිසිම ප්රසන්න හැඟීමක් නැති බැල්මක් එක්ක වාඩිවෙලා හිටිය පුටුවටම හේත්තු වෙන ගමන් ජන්කූක් ඇහුවා..."හරි එහෙනං, ආයෙත් කරමු !"
ඒ සැනින් කාර්යාලයෙන් පිටතට ගිය ටේහ්යුන්ග් තත්පර 3කට පමණ පසුව ආයෙත් දොරට තට්ටු කරන්න උනා...ජන්කූක්ගෙන් පිලිතුරක් ලැබෙනකන් ඉන්නෙ නැතුවම ආයෙත් කාර්යාලය තුලට ආව ටේහ්යුන්ග්, එහෙමම ජන්කූක්ට අචාර කලා...
ටේහ්යුන්ග් කරන දේවල් එක්ක හිමීට හිනා උන ජන්කූක්, ඔලුව උස්සලා ඒ දිහා බැලුවා...
"මොකද්ද මගෙන් වෙන්න ඕන ?"
ජන්කූක් අහනකොට එකපාරටම ඇති උන උද්යෝගය නිසාම එහෙමම මේසය ඉදිරියෙන් තිබුන පුටුවේ වාඩි උන ටේහ්යුන්ග්, කකුල් දෙකම උස්සලා මේසෙ උඩින් තියාගත්තා..."මෙහෙමයි... ඔයාට පුළුවන්ද මට ඇමෙරිකානෝ එකයි, පැස්ටා එකකුයි ගෙනත් දෙන්න ? තව....."
එහෙමම නතර උන ටේහ්යුන්ග්, ඇහිබැමකුත් උස්සගෙන තමන් දිහාම බලාගෙන ඉන්න ජන්කූක් දිහාවට හැරිලා හිනාවෙන ගමන්, වාඩිවෙලා හිටිය තැනින් ඉක්මනට නැගිට්ටා...
"නෑ.. ඇත්තටම.. මං ආවේ වෙන දෙයක් කියන්න..""මොකද්ද ?"
ඉස්සරහට නැවිලා මේසෙ මත තිබුන කඩදාසියක් අරන් ඒකත් කියවන ගමන්ම ජන්කූක් ඇහුවා..."හායි !"
පුදුමෙන් ලොකු උන ඇස් දෙකකුත් එක්ක ඇහිබැමත් උස්සලා ජන්කූක් ඒ දිහා බැලුවා...
"මොකද්ද ??""මං කිව්වේ හායි කියලා..!" ටේහ්යුන්ග් හිනාවෙලාම කිව්වා...
"ඒකද ඔයා කියන්න හැදුවේ ?"
තවමත් තොල් අතර රැඳිලා තියෙන හිනාව නිසා පිම්බිලා තියෙන කම්මුල් එක්කම ටේහ්යුන්ග් ඔලුව වනනකොට, හිනා වෙන්නද, තරහ ගන්නද කියලා හිතාගන්න බැරි උන ජන්කූක් ඇඟිලි වලින් තමන්ගෙ නළලත් තද කර ගන්න ගමන් ටේහ්යුන්ග් දිහා බැලුවා...
YOU ARE READING
Since 1894 || Taekook [ ONGOING ]
Fanfic" යුද්ධය අවසන් උනාම අපි විවාහ වෙමු... මම ඔයා වගේම ලස්සන, මල් වවන්නම්... අපේ කතාව මේ මුලු විශ්වයෙම තියෙන ලස්සනම ආදර කතාව බවට පත් වේවි.... " - මිය ගිය සොල්දාදුවෙකුගේ සාක්කුවේ තිබී ලිපියක් හමුවිය ; කපිතාන් ජියොන් ජන්කූක්, 1895 - ‼️ Credits to the ori...