"හැමෝම රැස් වෙන්න !"
පුහුණුකරු කිව්වේ අවට හිටිය හැම සොල්දාදුවෙක්ගෙම අවධානය ඒ දිහාවට ගන්න ගමන්...දවස් කීපයක්ම ගත වෙලා තිබුන අතර, මේ තරම් ඉක්මනට සිදු වේවි යැයි බලාපොරොත්තු නොවුනත්, කැප්ටන්ගේ විවාහය පවා සිදු උනා.. ලීසාගෙ පියා විසින් ජෙනරාල්තුමා ඇතුලු පවුලේ හැමෝටම විවාහය වෙනුවෙන් ආරාධනා කරත්, ටේහ්‍යුන්ග් ඒ වෙනුවෙන් සහභාගි උනේ නෑ.. කොහොමද තමන් ආදරය කරන කෙනා වෙනත් කෙනෙක්ව විවාහ කරගන්න දිහා බලාගෙන ඉන්නේ.. ඒක මවාපෑමක් පමණක් උනත් ඒ දේවල් දරාගන්න නොහැකි බව දන්න නිසාම ටේහ්‍යුන්ග් තීරණය කලේ ඒ වෙනුවෙන් සහභාගි නොවී ඉන්න...
පුහුණුකරුගේ කටහඬ එක්ක ටේහ්‍යුන්ග් පෝලිමට ඇවිත් දෙපා වලින් හිටගෙන හිටියත්, ඒ හිත තිබුනෙ වෙනම තැනක.. ටේහ්‍යුන්ග්ගෙ හිතට අමුත්තක් දැනුනා.. මීට කලින් දැනිලා නැති තේරුම් ගන්න බැරි හැඟීමක්.. ජන්කූක්ව අවසන් වරට දැකලත් දැන් සතියක් ගතවෙලා ගිහින්...
නමුත් අද, අද ඔහු කොරියාවෙන් පිටත් වෙලා යනවා...
ඇස් කඳුලින් පිරිලා වටපිටාව බොඳ උනත්, කඳුලු වලට නිදහසේ ගලාගෙන යන්න ඉඩ දෙන්න නොහැකි වෙනකොට වගේම හැමෝම ඉදිරියේ හඬන්න හැකියාවක් නැති වෙනකොට ටේහ්‍යුන්ග්ට තමන් ගැනම අසරණ කමක් දැනුනා...
"ඔයාලා හැමෝම දන්නවා, කැප්ටන් ජියොන් විවාහ උනා.. ඔහු කඳවුරේ මෙන්ම ඉන් පිටතත්, අනෙක් හැමදේකදිමත් ඉතාම විශිෂ්ට සේවයක් සිදු කලා.. ඒ නිසා දැන් ඔහු තමන් වෙනුවෙනුත් වෙලාවක් වෙන් කරන්න අවශ්‍යයි.."
පුහුණුකරු කියනකොට ජන්කූක් ඒ ඉදිරියෙන්ම ඉන්න බව ටේහ්‍යුන්ග් දැක්කා.. ඒත් ටේහ්‍යුන්ග්ට තමන්ගෙ කඳුලු පාලනය කරගන්න නොහැකි උනේ මොකද ජන්කූක් ටේහ්‍යුන්ග් වෙනුවෙන් කිසිම අවධානයක් දුන්නෙ නැති වෙනකොට.. අඩුතරමින් ටේහ්‍යුන්ග් දිහා බැලුවෙවත් නෑ...
තව මොහොතක් ගතවෙන්නත් කලින් තමන්ට කඳුලු පාලනය කරගන්න බැරි වෙන බව ටේහ්‍යුන්ග් හොඳින්ම දැනගෙන හිටියා...
"කැප්ටන් අද ඇමෙරිකාව බලා පිටත් වෙනවා.. නමුත් ඒ දීර්ඝ කාලයක් වෙනුවෙන් නෙමෙයි.. කැප්ටන් තවත් සතියකින් නැවතත් එනවා.. නමුත් දැනට ඔහු මෙතෙන්ට පැමිණිලා ඉන්නේ, ඔහුගෙ තාවකාලික සමුගැනීම වෙනුවෙන් හැමෝම ඉදිරියේ කතා කරන්න.."
YOU ARE READING
Since 1894 || Taekook [ ONGOING ]
Fanfiction" යුද්ධය අවසන් උනාම අපි විවාහ වෙමු... මම ඔයා වගේම ලස්සන, මල් වවන්නම්... අපේ කතාව මේ මුලු විශ්වයෙම තියෙන ලස්සනම ආදර කතාව බවට පත් වේවි.... " - මිය ගිය සොල්දාදුවෙකුගේ සාක්කුවේ තිබී ලිපියක් හමුවිය ; කපිතාන් ජියොන් ජන්කූක්, 1895 - ‼️ Credits to the ori...