ඒ පුහුණුවීම් වල තවත් දිනයක්.. එකම දින චර්යාව එක්ක හැමදේම සාමාන්ය විදියටම ගතවෙමින් තිබුනා.. සොල්දාදුවන් සියලු දෙනාම වගේ ටිකෙන් ටික සූදානම් වුනේ තවත් සතියකටත් වඩා අඩු කාලයකින් ඔවුන් සොල්දාදුවන් ලෙස පිටත්ව යෑමට නියමිතව තිබුනු නිසාවෙනි...
ඒත් බෝගම්... බෝගම්ට එය ඇත්තටම ඉතාම අපහසු දවසක්...
"ඔයා ටේහ්යුන්ග්ව මගාරිනවද ?"
මෙතෙක් වෙලා තමන් කරපු දේවල් කිසිවෙක් නොදැක්ක බව බෝගම් හිතාගෙන හිටියත්, නමුත් එකපාරටම සොක්ජින්ගේ මුවින් පිටවුන වචන එක්ක ඒ දිහාවට හැරිලා උරහිස් දෙකත් හකුලපු බෝගම් තමන් එක්කම යන්තමට හිනා උනා...
"මං ටේහ්යුන්ග්ව මගාරිනවා වගේ පේනවද ?"
සොක්ජින් ඇහිබැමකුත් උස්සලා ඒ දිහා බැලුවේ බෝගම්ගෙ මූණෙ හැම අඟලක්ම පරීක්ෂා කරන ගමන්...
"ඔයා බොරු කියන්න දන්නෙ නෑ බෝගම්.."
ඇත්ත ! බෝගම් ටේහ්යුන්ග්ව මගහැරියා.. නමුත් ඒ ගැන කියන්න තරම් ශක්තියක් ඒ හිතේ නැති වෙනකොට බෝගම් බොරුවක් කිව්වෙ තමන්ගෙ හිතේ තියෙන හැඟීම් ගැනවත් හරිහැටි විස්වාසයක් ඔහු තුල නොතිබුන නිසා...
එදා රෑ වනාන්තරය තුල දැක්ක දෙයින් පසුව බෝගම්ට තමා ගැනම දැනුනෙ මීට පෙර කවදාවත් නොදැනුන විදියෙ දුක්ඛිත බවක්.. අසරණ බවක්.. ඒ නිසාම වගේ බෝගම් එක දෙයක් තේරුම් ගත්තා.. සමහරවිට මේ ඔහුගෙ හැඟීම්වලට සමුදෙන්න, ඒ හැඟීම් අත්හරින්න කාලය පැමිණිලා ඇති...
"ඒ බව පේනවද ?"
බෝගම් ඇහුවේ පුහුණුවීම් වෙනුවෙන් රෙදි පටි කීපයකින් අත් දෙකම ආවරණය කරගන්න ගමන්..
"මං කිව්වේ, මම ටේහ්යුන්ග්ව මගාරින බව පේනවද ?"සොක්ජින් ඔලුව වැනුවා...
"මම ඔයාලා දෙන්නවම දන්නවා.. ඒ නිසා මට හොඳටම දැනුනා ඔයා ඊයෙ ඉඳලා ටේහ්යුන්ග්ව මගාරිනවා කියලා.."
එහෙමම අනිත් පැත්ත හැරුන බෝගම්ගෙ ඇස් නතර උනේ ඔවුන්ට ටිකක් ඈතින් ඉන්න ටේහ්යුන්ග් ලඟින්...
"ඒක ඔයාට දැනෙනවා ඇති සොක්ජින් හ්යුන්ග්.. ඒත් ඒක ටේහ්යුන්ග්ට දැනෙන්නෙ නෑ.. එක අතකට මට සතුටුයි එයාට ඒ බව දැනෙන්නෙ නැති එකට.. මොකද එයා මගෙන් ඇහුවොත් ඇයි මම එයාව මගාරින්නෙ කියල, මට හිතාගන්න බෑ එයාට මොනවද කියන්නෙ කියලා.."
YOU ARE READING
Since 1894 || Taekook [ ONGOING ]
Fanfiction" යුද්ධය අවසන් උනාම අපි විවාහ වෙමු... මම ඔයා වගේම ලස්සන, මල් වවන්නම්... අපේ කතාව මේ මුලු විශ්වයෙම තියෙන ලස්සනම ආදර කතාව බවට පත් වේවි.... " - මිය ගිය සොල්දාදුවෙකුගේ සාක්කුවේ තිබී ලිපියක් හමුවිය ; කපිතාන් ජියොන් ජන්කූක්, 1895 - ‼️ Credits to the ori...