ටේහ්යුන්ග් අවදි උනේ එකපාරටම ඇහුන සද්දෙත් එක්ක.. පිටත හිටිය සොල්දාදුවන් දෙදෙනෙක් සිර කුටියේ අගුල විවර කරමින් හිටියා...ටේහ්යුන්ග් නිදාගෙන හිටියත් ඒ වෙනකොට දහවල් 12 පමණ වී තිබුන අතර ඒ ඇස් වල ඉබේටම වගේ කඳුලු පිරුනේ, මොකද ටේහ්යුන්ග්ගෙ හිතට නැගුන එකම අදහස උනේ අගුල විවර වෙනවත් එක්කම ආයෙත් වතාවක් දඬුවම් විඳින්න සිදුවේවි කියන දේ විතරයි...
ඒත් ඇතුලට ආව සොල්දාදුවෙක් එකපාරටම ටේහ්යුන්ග්ගෙ අත්වල තිබුනු දම්වැල් ලිහිල් කරනවත් එක්කම ඒ ඇස් පුදුමෙන් ලොකු උනා...
"මො..මොකද්ද සිද්ද වෙන්නේ ?"
"කැප්ටන් කිව්වා තමුන්ව නිදහස් කරන්න කියලා.. ඒ නිසා තමුන්ට දැන් යන්න පුළුවන්.."
මේ වෙලාවෙ සතුටු වෙන්න ඕනද එහෙමත් නැත්තං දුක් වෙන්න ඕනද කියල කිසිම අදහසක් නැති වෙනකොට ටේහ්යුන්ග්ගෙ හිතට අමුත්තක් දැනුනා...
ඒ නිසාම වාඩිවෙලා හිටිය තැනින් හිමීට නැගිට්ට ටේහ්යුන්ග් සිර කුටියෙන් පිටතට යනවත් එක්කම ඈත ඉඳලම ඉවසීමෙන් බලාගෙන ඉන්න බෝගම්ව දැක්කා...
ටේහ්යුන්ග්ගෙ මූණ ආලෝකමත් උනේ බෝගම්ව දකිනවත් එක්කමයි.. ඒ නිසාම එහෙමම ඒ දිහාවට දිව්ව ටේහ්යුන්ග් බෝගම්ව තද කරලා බදාගත්තා...
"ටිකක් ඉන්න.. ටේ..ටේහ්යුන්ග්.. මට හුස්ම ගන්නත් බෑ.."
ටේහ්යුන්ග්ගෙ වැලඳගැනීම අතරින්ම බෝගම් අපහසුවෙන් කිව්වා.."ආහ්.. සමාවෙන්න.. මට ඇත්තටම ඔයාව දැක්කම සතුටු හිතුනා.. මං දන්නවා ඔයා මොනවහරි දෙයක් කරන්න ඇති.. ඒ නිසා තමයි මාව නිදහස් කරේ.. ස්තූතියි බෝගම්.."
ටේහ්යුන්ග් ගැස්සුනේ බෝගම් එකපාරටම ආයෙත් ටේහ්යුන්ග්ව බදාගන්නකොට...
"ඔයා අනිවාර්යෙන්ම මට ස්තූතිවන්ත වෙන්න ඕන.. මොකද ඔයා නිසා මම කරදර ගොඩක පැටලුනා.."
"මම ඇත්තටම කිව්වේ.. බොහොම ස්තූතියි බෝගම්.. ඒ වෙනුවෙන් මං ඔයාට හෙට දවල් කෑම අරගෙන දෙන්නම්.. එකඟයිද ?"
ටේහ්යුන්ග් හිනාවෙලා අහනකොට බෝගම් හිමීට ඔලුව වැනුවා...
"ආහ්.. බෝගම්.. ඒක නෙමෙයි.. ඔයා මොකද්ද කරේ ? කැප්ටන් එක්ක කතා කරාද ?"
ටේහ්යුන්ග් ඇහුවේ ටිකක් දෙගිඩියාවෙන්...
![](https://img.wattpad.com/cover/281789118-288-k26562.jpg)
YOU ARE READING
Since 1894 || Taekook [ ONGOING ]
Fanfiction" යුද්ධය අවසන් උනාම අපි විවාහ වෙමු... මම ඔයා වගේම ලස්සන, මල් වවන්නම්... අපේ කතාව මේ මුලු විශ්වයෙම තියෙන ලස්සනම ආදර කතාව බවට පත් වේවි.... " - මිය ගිය සොල්දාදුවෙකුගේ සාක්කුවේ තිබී ලිපියක් හමුවිය ; කපිතාන් ජියොන් ජන්කූක්, 1895 - ‼️ Credits to the ori...