ටේහ්යුන්ග් තමන්ගෙ උදෑසන ආහාරය ගෙන අවසන් උනා පමණයි.. නමුත් එකපාරටම ඇතිවුන කලබලයක් නිසා ටේහ්යුන්ග්ගෙ අවධානය සම්පූර්ණයෙන්ම වගේ යොමු වුනේ ඒ දිහාවට...
දැන් ටික වෙලාවක් තිස්සෙ ඉඳලම තැන් තැන් වල කුඩා කණ්ඩායම් විදියට එකතු වෙලා හිටිය අනෙක් සොල්දාදුවන්, යමක් ගැන බැරෑරුම් විදියට රහසින් සාකච්ඡා කරමින් හිටිය නිසා ටේහ්යුන්ග්ගෙ හිතේ පවා ඒ වෙනුවෙන් ඇති උනේ දැඩි කුතුහලයක්...
"මොනවද මෙතන සිද්ද වෙන්නේ ?"
තමන්ගෙ කණ්ඩායමේ හිටිය වෙනත් සොල්දාදුවෙක්ගෙන් ටේහ්යුන්ග් ඇහුවා..."ලුතිනන් ලී යන්න හදන්නේ.. කඳවුරේ නීති වලට විරුද්ධ උන නිසා එයාව කඳවුරේ කටයුතු වලින් අයින් කරලා.."
ලුතිනන් ලී කියන්නේ කඳවුර තුල දීර්ඝතම කාලයක් සේවය කල නිලධාරියෙක්.. මේ කඳවුර තුල ඔහුගේ සේවා කාලය දැනටමත් වසර 17ක්.. ඉතිං නීතිවලට පටහැනිව යමක් කිරීම නිසා ඔහුව කඳවුරෙන් නෙරපා හරින්නේ කොහොමද ?
"මොකද්ද ලුතිනන් ලී කඩකරපු නීතිය ?"
"ලුතිනන් නේද අපිට ඊයෙ පිටතට යන්න අවසර දුන්නේ ? එයාලා කියන්නෙ ඒක තමයි හේතුව කියලා.."
ඒ හිත සිතුවිලි දහස් ගණනකින් පිරී තිබුනත්, නමුත් ටේහ්යුන්ග් නිහඬවම ඔලුව වැනුවා.. ලුතිනන් ලී කියන්නෙ කවදාවත් ඒ වගේ දේවල් කරන කෙනෙක් නෙමෙයි.. විශේෂයෙන්ම තමන්ට වඩා උසස් තනතුරක අයෙක්ගෙන් නියෝගයක් ලැබුනොත් මිස ඔහු කිසිම දවසක කඳවුර තුල එවැනි දේවල් කල අයෙක් නෙමෙයි...
ටේහ්යුන්ග් සොක්ජින්ව දැක්කා.. ශාලාව කෙලවරේම තනිවම වාඩිවෙලා හිටිය ඔහුගේ ඇස් හිස් අවකාශය දිහාවටම යොමු වෙලා තිබුනා.. සොක්ජින් හිටියේ හරියට ඔහුගෙම සිතුවිලි අතර අතරමං වෙලා වගේ.. මොකද ටේහ්යුන්ග් ඒ අසලටම ගියත්, ඔහු ඒ බවවත් නොදැන සිටියා...
"හ්යුන්ග්...?"
ඔහුගේ මූණ ඉදිරියෙන් අතකුත් වනන ගමන් ටේහ්යුන්ග් කියනකොට, සොක්ජින් ගැස්සිලා වගේ ඒ දිහා බැලුවා..."ඕහ් ! ආහ්... ටේහ්යුන්ග්..."
"මොනවද ඔයා කල්පනා කරන්නේ ?"
ටේහ්යුන්ග් ඇහුවේ සොක්ජින්ට අනෙක් පසින් වාඩිවෙන ගමන්...
YOU ARE READING
Since 1894 || Taekook [ ONGOING ]
Fanfiction" යුද්ධය අවසන් උනාම අපි විවාහ වෙමු... මම ඔයා වගේම ලස්සන, මල් වවන්නම්... අපේ කතාව මේ මුලු විශ්වයෙම තියෙන ලස්සනම ආදර කතාව බවට පත් වේවි.... " - මිය ගිය සොල්දාදුවෙකුගේ සාක්කුවේ තිබී ලිපියක් හමුවිය ; කපිතාන් ජියොන් ජන්කූක්, 1895 - ‼️ Credits to the ori...