Chapter - 16

1K 324 96
                                    

Flashback

ඒ වන විටත් රාත්‍රිය උදා වී තිබුනු හෙයින් වීදිවල කිසිම මිනිසෙක් නොසිටි අතර, ඇසුනු එකම ශබ්දය මෙන්ම තිබුනු එකම දෙය උනේ, යන්තමට දැල්වෙන විදුලි පහන් මෙන්ම රැහැයියන්ගේ හඬත් පමණි...

ජන්කූක්ගෙ හිතේ බොහෝ දේවල් තිබුනා.. ඒ වනවිටත් නින්දක සිටි ටේහ්‍යුන්ග්ව තමන්ගෙ අත් දෙකට ගත්ත ජන්කූක්, ටේහ්‍යුන්ග් ඒ මොහොතේ නින්දක සිටීම ගැන බොහෝ වාරයක් ස්තූතිවන්ත උනා...

ජන්කූක් කලබලෙන්..! කවදාවත් නැති තරමටම ජන්කූක් කලබලයකින් මෙන්ම නොසන්සුන් බවකින් හිටියා...

එකපාරටම එක පාදයක් ලිස්සා යනවත් එක්කම ජන්කූක් වැටෙන්න ගියත්, ඒ සැනින් දණ නවපු ජන්කූක් බිමට වැටෙන්න නොදී සියලුම ශක්තිය දණහිසට යොදා ආයෙමත් නැගිටින්න උත්සාහ කලා...

නමුත් ඒක ඒ තරමටම වාසනාවන්ත දෙයක් උනේ නෑ.. මොකද බිමට තද කල දණහිසට ඒ වෙනකොටත් වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුනු අතර දිගින් දිගටම ලේ ගලමින් පවා තිබුනා...

"ආහ් !!!"
එකපාරටම දැනුනු වේදනාව එක්ක කෑ ගැස්සුනත්, ඒ දේවල් ගැන හිතන්න තරම් හොඳ මානසිකත්වක් පවා ජන්කූක්ට ඒ මොහොතේ නොතිබුනා.. ජන්කූක් වෙව්ලුවා.. මොකද ගතට දැනෙන වේදනාවට සමානම වේදනාවක් ඒ මොහොතේ හිතටත් දැනුනා.. ඔහුගේ ශරීරය පුරාම තුවාල තිබුනා.. මුහුණේ, දෑත්වල මෙන්ම දණහිස්වලත්....

තත්පර කීපයකට පස්සෙ ගැඹුරින් හුස්මක් පිටකරපු ජන්කූක්, ශරීරයේ තිබුනු මුලු ශක්තියම යොදලා ආයෙමත් දෙපා වලින් හිටගත්තා..
ජන්කූක්ගෙ ශරීරයේ වෙඩි පහරවල් දෙකක සලකුණු තිබුනා.. දණහිසට වැදුනු එක වෙඩි පහරක් හා අතට වැදුනු තවත් වෙඩි පහරක සලකුණු තියෙනකොට, ඒ හැම තුවාලයක්ම ඕනවටත් වඩා වැඩියෙන් වේදනා දෙන්න උනා...

නමුත් මේ තරම් වෙලා දරාගෙන හිටිය දේවල් මේ මොහොතේ අතාරින්න පුළුවන් හැකියාවක් ජන්කූක්ට තිබුනේ නෑ.. මොකද මුල් තැන දෙන්න ඕන ටේහ්‍යුන්ග්ගෙ ආරක්ෂාවට.. හැමදේටම කලින් ටේහ්‍යුන්ග් ආරක්ෂිත බවට වගබලා ගත යුතුයි...

එහෙමම වේදනාව දරාගත්ත ජන්කූක් අන්තිමේදී කඳවුර වෙතට පැමිණෙනකොට, ගේට්ටුව මුර කරමින් සිටි සොල්දාදුවන් ඒ කැප්ටන් බව දකිනවත් එක්කම ඉක්මනට ගේට්ටු විවර කලා...
වාසනාවකට මෙන් එතන සිටි අයගෙන් අයෙක් බෝගම් වුන නිසා ජන්කූක් ඉක්මනට ඔහුට කතා කලා...

Since 1894  ||  Taekook  [ ONGOING ]Where stories live. Discover now