"ටේහ්‍යුන්ග් ? දරුවෝ ? ඕහ් දෙවියනේ !!"
ටේහ්‍යුන්ග් හිමීට ඇස් විවර කරලා බැලුවත්, එකපාරටම දැනුන දැඩි ආලෝකයට ඇස් හුරු කරගන්න නොහැකි උන නිසා, ආයෙත් ඇහිබැමත් හකුලවගෙන ඇස් පියාගත්තා...ටේහ්‍යුන්ග් ඇඳක හාන්සි වෙලා හිටියා.. මුලු පවුලම ඒ වටා සිටිය අතර ඔහුගේ මව ඒ අසල හඬමින් හිටියා...
"දෙවියන්ට ස්තූති වේවා...!"
ටේහ්‍යුන්ග්ගෙ පියා හිමීට මිමිණුවා...යුන්ගිගෙ මුහුණෙන් පවා කනස්සල්ලක් දිස් උනත්, නමුත් දැන් ඒ මුහුණෙ සැනසිලිදායක පෙනුමක් එක්ක සිහින් හිනාවක් ඇඳී තිබුන අතර ටේහ්‍යුන්ග්ගෙ මව වගේම ඔහුගෙ නැගණිය ජෙනීත් ඇය අසලම හිඳගෙන හඬමින් හිටියා..
"මං හිතුවෙ අපිට ඔයාව නැති උනා කියලා.."
ඇය කඳුලු අතරින්ම කිව්වා...ටේහ්‍යුන්ග් තවමත් ව්‍යාකූල වෙලා හිටියා.. මොනවද සිද්ද වෙන්නෙ කියල කිසිම තේරුමක් නැති වෙනකොට වගේම හිස ඇතුලින් දරුණු වේදනාවක් දැනෙනකොට ටේහ්‍යුන්ග් අපහසුවෙන්ම කතා කරන්න උත්සාහ කලා...
"මං.. මං මේ කොහෙද ඉන්නේ...?""ඔයා ගෙදර ඉන්නෙ, ටේ.."
යුන්ගි හිමීට කියනකොට, ඒ වචන දිගේම ටේහ්‍යුන්ග් කල්පනා කරන්න ගත්තා...ටේහ්‍යුන්ග්ට මතක තිබුනු එකම දේ උනේ කඳු මුදුන විතරයි.. තමන් ටිකෙන් ටික පහලට ලිස්සා යන්න පටන් ගත් විදියත්, එතැනදි තමන් ක්ලාන්ත උන විදියත් පමණක් ටේහ්‍යුන්ග්ට මතක තිබුන අතර ඉන් එහාට සිදු උන කිසිම දෙයක් මතකයට නගාගන්න ටේහ්‍යුන්ග්ට නොහැකි උනා...
"ටේහ්‍යුන්ග්.. දරුවෝ.. ඒ ගැන ඕනවට වඩා හිතන්න එපා හොඳද ! ඔයා දැන් ආරක්ෂිතයි.. හැමදේම හොඳින් සිද්ද උනා.. බෝගම්ට ස්තූතිවන්ත වෙන්න හැමදේම හොඳින් සිද්ද උනා.."
"බෝ..බෝගම් ??"
එකපාරටම ඇහුන නම එක්ක ඒ දිහාවට අවධානෙ යොමු කරන ගමන් ටේහ්‍යුන්ග් ඇහුවා.."බෝගම් තමයි ඔයාව ගෙදර ගෙනාවේ.. එයා කිව්වා ඔයාව කඳු මුදුනෙ ගැටගහලා ඉන්නවා එයා දැක්කා කියලා.. ඒ සිද්දියෙන් පස්සෙ දැනටමත් දවස් දෙකක් ගතවෙලා.."
ටේහ්‍යුන්ග්ට බලාපොරොත්තු කඩ උනු බවක් දැනුනා.. බලාපොරොත්තු කඩවීමක් එක්ක කලකිරීමක්... ඒත් ඇයි ? මොකද තමාව බේරගනීවි යැයි බලාපොරොත්තු උන පුද්ගලයා නොවී වෙනත් කෙනෙක් ඔහුව බේරගැනීම ටේහ්‍යුන්ග්ගෙ හිතට යම්තාක් දුරට කනස්සල්ලක් ගෙනාවා...
YOU ARE READING
Since 1894 || Taekook [ ONGOING ]
Fanfiction" යුද්ධය අවසන් උනාම අපි විවාහ වෙමු... මම ඔයා වගේම ලස්සන, මල් වවන්නම්... අපේ කතාව මේ මුලු විශ්වයෙම තියෙන ලස්සනම ආදර කතාව බවට පත් වේවි.... " - මිය ගිය සොල්දාදුවෙකුගේ සාක්කුවේ තිබී ලිපියක් හමුවිය ; කපිතාන් ජියොන් ජන්කූක්, 1895 - ‼️ Credits to the ori...