ඒ ඉරිදා දිනයක්.. ජන්කූක් පවා නොසිටි නිසා ටේහ්යුන්ග්ට කම්මැලිකමක් දැනුනා.. මොකද ජන්කූක් කඳවුර තුල සිටින ටේහ්යුන්ග්ගෙ හැම ඉරිදා දිනයක්ම වගේ ගත වුනේ ජන්කූක්ගෙ රාජකාරි වලට බාධා කරමින් ඔහුගේ කාර්යාලය තුල...
ටේහ්යුන්ග් පිටතට ගියේ කවුරුහරි පැමිණෙන බලාපොරොත්තුවෙන් වගේ.. ටේහ්යුන්ග්ට ඇත්තටම කම්මැලිකමක් දැනුනා.. මොකද ජන්කූක් නැවත පැමිණෙනකන් මේ විදියට කම්මැලිකමෙන් කාලය ගත කරනවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි..
තවත් විනාඩි කීපයක් එහෙමම හිටිය ටේහ්යුන්ග් අගනුවර තිබුනු වෙලඳපොල වෙත පිටත් උනා.. හැමදේම කාර්යබහුලයි වගේම බොහෝ දේවල් සාමාන්ය විදියටම සිදු වෙමින් පැවතුනා.. වෙලඳාම්.. භාණ්ඩ විකිනීම්.. මිලට ගැනීම්.. ආපනශාලා මෙන්ම අනෙක් වෙලඳසැල් පවා හැමදේම සාමාන්යයි...
ටේහ්යුන්ග් මීට පෙර මෙතනට පැමිණිලා තිබුනත්, නමුත් සැලකිය යුතු මට්ටමේ පුලුල් ප්රදේශයක් පුරා පැතිර තිබුනු වෙලඳපොල නිසා ඕනම කෙනෙක් පහසුවෙන්ම අතරමං වීමේ හැකියාවක් තිබුනා...
ටේහ්යුන්ග් අතරමං වෙලාද ?
නෑ ටේහ්යුන්ග් අතරමං වෙලා නෙවෙයි.. නමුත් ඔහු යා යුතු මාර්ගය සොයාගැනීම අපහසු උනා...
නමුත් තත්පර කීපයක් වටපිට බලපු ටේහ්යුන්ග් අවසානයේ තමන් දකින්න බලාපොරොත්තුවෙන් සිටි පුද්ගලයාව දැක්කා...
"බෝගම්..!"
ටේහ්යුන්ග් බෝගම් දිහාවට හැරිලා කෑ ඇහුවේ අතකුත් වනන ගමන්.. මේ වගේ වෙලාවක, මේ වගේ තැනක බෝගම් ටේහ්යුන්ග්ව බලාපොරොත්තු නොවුනත්, ඔහු ටේහ්යුන්ග් දිහා බලලා හිනාවෙලා අත වැනුවා..."ඇයි ඔයා මෙතෙන්ට ආවේ ?"
සෙනඟ අතරින්ම තමන් දිහාවට එන ටේහ්යුන්ග්ගෙන් බෝගම් ඇහුවේ තමන්ගෙ කුටිය ඉදිරියේ තිබුනු අර්තාපල් ටිකකුත් පිලිවෙලට අසුරන ගමන්...ටේහ්යුන්ග් හිතපු දේ නිවැරදියි.. මොකද කලින් වතාවේ බෝගම් කිව්ව දේවල් එක්ක ඔහු අනිවාර්යෙන්ම මේ මොහොතේ වෙලඳපොල තුල ඉන්න බවට ටේහ්යුන්ග් අනුමාන කලේ නිවසින් පිටත් වෙන්නත් කලින්...
YOU ARE READING
Since 1894 || Taekook [ ONGOING ]
Fanfiction" යුද්ධය අවසන් උනාම අපි විවාහ වෙමු... මම ඔයා වගේම ලස්සන, මල් වවන්නම්... අපේ කතාව මේ මුලු විශ්වයෙම තියෙන ලස්සනම ආදර කතාව බවට පත් වේවි.... " - මිය ගිය සොල්දාදුවෙකුගේ සාක්කුවේ තිබී ලිපියක් හමුවිය ; කපිතාන් ජියොන් ජන්කූක්, 1895 - ‼️ Credits to the ori...