දෙසැම්බර් මාසයේ මුල් සතියේ එක් දිනක් වූ එදින නිවාඩු දිනයක් උන අතර සියලුම සොල්දාදුවන්ට කඳවුරෙන් පිටතට යාමට අවසර ලැබුනි.. දින කීපයක සිටම විනෝද උද්‍යානය වෙත යාමට ටේහ්‍යුන්ග්ගෙ හිතේ දැඩි ආශාවක් තිබුනත්, පුහුණුවීම් එක්ක ඒ වෙනුවෙන් ඉඩක් නොලැබුනු නිසා අද එහි යාමට ටේහ්‍යුන්ග් තීරණය කලත්, නමුත් තනිවම යෑමට තිබුනු අකමැත්ත නිසා ටේහ්‍යුන්ග් කෙලින්ම කැප්ටන්ගේ කාර්යාලය වෙතට යන්න තීරණය කලා...
"ඇයි මොකද ?"
වැදගත් දෙයක් යතුරු ලියනය කරමින් හිටිය ජන්කූක්, ටේහ්‍යුන්ග් කෙලින්ම කාර්යාලය තුලටම ආවත් ඒ දිහා බලන්නෙවත් නැතුවම ඇහුවා..."ඔයා තාම වැඩ කරනවද ? මොකද්ද අනේ ! අද නිවාඩු දවසක්නෙ !"
ජන්කූක්ට නොපෙනෙන විදියට හිමීට දම්පාට සටහන් පොත ආයෙත් පොත් රාක්කය මතින් තියන ගමන් ටේහ්‍යුන්ග් කිව්වා..."විනෝද වෙන එකෙන් වෙන්නෙ මගේ කාලය නාස්ති වෙන එක ! මං සොල්දාදුවෙක් වෙන්න තීරණය කරේ අපේ රට ආරක්ෂා කරගන්න. එහෙම නැතුව තැන් තැන්වල ඇවිදින්න නෙමෙයි !"
ටේහ්‍යුන්ග් ඇස් දෙකත් කරකවලා ඒ දිහා බැලුවා.. ඇත්ත.. කැප්ටන්ගේ හිතේ රට වෙනුවෙන් තියෙන ආදරය හොඳ දෙයක් තමයි.. ඒත් එයාට පොඩි වෙලාවකටවත් විවේකයක් ගන්න බැරිද ?
"මං දන්නවා.. ඒත් ඔයාට බැරිද පොඩි වෙලාවකට විවේකයක් ගන්න ? විනෝද වෙන්න ?"
ඒ කිසිම දේකට පිලිතුරු නොදුන් ජන්කූක්, ඇහිබැමත් උස්සගෙන තමන් කරමින් හිටිය දේ වෙනුවෙන්ම අවධානය යොමු කරා..
තත්පර කීපයක් එහෙමම හිටිය ටේහ්‍යුන්ග්, ජන්කූක් වැඩ කරමින් සිටි මේසය ලඟට ලං වෙනවත් එක්කම ඔහුගෙ ඇස් පුදුමෙන් ලොකු උනා.. මොකද ජන්කූක් කිසිම වැරැද්දක් සිදු වෙන්නෙ නැතිව එක දිගටම යතුරු ලියනය බාවිතා කරන විදිය ඇත්තටම පුදුම හිතෙන දෙයක්.. යතුරු ලියනය කියන්නේ පරිගණකයකට සමාන දෙයක් උනත් නමුත් එහි තිබුනු වෙනස වුනේ යමක් වැරදුනොත් නැවත එය මුල සිටම සිදු කිරීමට වීමයි...
"ඔයා මෙතෙන්ට ආවේ ඇයි කියල කියන්න.."
ජන්කූක් ටිකක් තදින් කිව්වා...
YOU ARE READING
Since 1894 || Taekook [ ONGOING ]
Fanfiction" යුද්ධය අවසන් උනාම අපි විවාහ වෙමු... මම ඔයා වගේම ලස්සන, මල් වවන්නම්... අපේ කතාව මේ මුලු විශ්වයෙම තියෙන ලස්සනම ආදර කතාව බවට පත් වේවි.... " - මිය ගිය සොල්දාදුවෙකුගේ සාක්කුවේ තිබී ලිපියක් හමුවිය ; කපිතාන් ජියොන් ජන්කූක්, 1895 - ‼️ Credits to the ori...