ඇඳෙන් නැගිට්ට ටේහ්යුන්ග් ටිකකට පිටතට යන්න තීරණය කලේ සීතල සුලඟ විඳින්නත් එක්ක...
ඒ දෙසැම්බර් මාසය.. ශීත කාලය.. පිටත සීතල බව හොඳින්ම දන්න නිසාම ස්කාෆ් එකකුත් බෙල්ල වටේට දාගත්ත ටේහ්යුන්ග් අඳුරු කොරිඩෝව දිගේම ඉස්සරහට ඇවිදගෙන ආවා...
හැමදේම සීතලයි.. ටේහ්යුන්ග්ට උණුසුම අවශ්යම මොහොතක ඇයි ජන්කූක් පිටත් වෙලා ගියේ ?
ඒ වෙනකොටත් රාත්රී 10 පමණ වී තිබුනු අතර, මුලු දවස පුරාම තිබුනු පුහුණුවීම් නිසා ටේහ්යුන්ග්ගෙ ඇඟට ඕනවටත් වඩා මහන්සියක් දැනුනා.. ඒත් ටේහ්යුන්ග්ට නිදාගන්න පුළුවන්කමක් තිබුනෙත් නෑ.. මොකද විවිධ සිතුවිලි ගොන්නක්ම ඒ හිතේ සැරිසරමින් තිබුනා...
ආයෙමත් එන බවට, ජීවතුන් අතර ඉන්න බවට ජන්කූක් පොරොන්දු උනත්, ඒත් ටේහ්යුන්ග්ගෙ හිතට සැනසීමක් දැනුනේ නෑ.. ඒ මුලු හිතම මීට පෙර නොදැනුන බියකින් වෙලාගෙන තිබුනා..
එහෙමම හුස්මක් පිටකරපු ටේහ්යුන්ග් බෙල්ලෙ තිබුනු මාලය ඇඟිලි අතර පටලගත්තා.. ඒ තොල් අතර හිනාවක් ඇඳුනේ ඉබේටම වගේ...
"ඇයි ඔයා තාමත් අවදියෙන් ඉන්නේ ?"
එකපාරටම පිටුපසින් ඇහුන කටහඬක් නිසා ටේහ්යුන්ග් ගැස්සුනත්, එහෙමම අනිත් පැත්ත හැරුන ඔහු දැක්කේ කුතුහලයෙන් පිරුනු මූණක් එක්ක ඉන්න බෝගම්ව..."මට නින්ද යන්නෙ නෑ.."
ටේහ්යුන්ග් යන්තමට හිනා උනා..."දැනටමත් කැප්ටන් නැතුව පාලුයිද ?"
බෝගම් අහපු දේ එක්ක ටේහ්යුන්ග් එකපාරටම ගැස්සුනා...එයා ඒ ගැන දන්නවද ?
"මො..මොකද්ද ?""මං විහිලුවක් කලේ.."
ටේහ්යුන්ග් දුකින් ඉන්න හේතුව කැප්ටන් බව බෝගම් දැනගෙන හිටියා.. ඒත් බෝගම් තවත් ඒ ගැන කතා කරන්න උත්සාහ නොකලේ, මොකද එහෙම උනොත් සිදුවන එකම දේ තමා වේදනාවට පත් වීම විතරක් නිසා..."ආහ් ටේහ්යුන්ග්.. කැප්ටන් මට දෙයක් දුන්නා.."
ටේහ්යුන්ග් ඉක්මනට ඒ දිහාවට හැරුනේ බෝගම්ගෙ මුවින් ඒ වචන ටික පිටවෙනවත් එක්කමයි.. තමා පිටුපස සඟවගෙන හිටිය පෙට්ටියක් බෝගම් ටේහ්යුන්ග්ට දුන්නා.. කුඩාත් නොවන, විශාලත් නොවන සාමාන්ය ප්රමාණයේ පෙට්ටියක්...
YOU ARE READING
Since 1894 || Taekook [ ONGOING ]
Fanfiction" යුද්ධය අවසන් උනාම අපි විවාහ වෙමු... මම ඔයා වගේම ලස්සන, මල් වවන්නම්... අපේ කතාව මේ මුලු විශ්වයෙම තියෙන ලස්සනම ආදර කතාව බවට පත් වේවි.... " - මිය ගිය සොල්දාදුවෙකුගේ සාක්කුවේ තිබී ලිපියක් හමුවිය ; කපිතාන් ජියොන් ජන්කූක්, 1895 - ‼️ Credits to the ori...