"කැප්ටන් එනවා...! කැප්ටන් එනවා...!"
සොල්දාදුවන් හැමෝම කලබලෙන්ම වගේ පෝලිම් වල සිටගත්තා...කැප්ටන් කියන්නේ තද ගතිගුණ තියෙන කෙනෙක්.. අවශ්ය වෙලාවට ඔහු තදින් හැසිරුනත්, නමුත් හැමවෙලාවෙම වගේ සොල්දාදුවන්ට හොඳ නායකයෙක් උනා.. කැප්ටන් කෝපයට පත් වෙන්නෙ කොහොමද වගේම, ඒ අවස්තාවලදී කැප්ටන් හැසිරෙන්නෙ කොහොමද කියලත් හොඳින්ම දැනගෙන හිටිය සොල්දාදුවන්, හැමවෙලාවෙම වගේ ඔහුව කෝපයට පත් නොවෙන විදියට හැසිරෙන්න වගබලා ගත්තා...
"සුබ උදෑසනක් කැප්ටන්..."
කැප්ටන් ඔලුව වැනුවා.. සොල්දාදුවන් සෑම උදෑසනකම ඔහුට සුබ පැතීමට පුරුදු වී සිටියත්, නමුත් ඒ කිසිම දවසක කැප්ටන් ඔවුන්ට ආපස්සට සුබ පැතීමට උනන්දු නොවුනා...
ඒත් අද... අද ඒ විදියට සිදු උනේ නෑ...
"සුබ උදෑසනක් හැමෝටම... ඔයාල හොඳින් පුහුණුවීම් කරගෙන යනවද ?"
සොල්දාදුවන් හැමෝම එහෙමම ගල්ගැහිලා වගේ බලාගෙන හිටියා.. මොකද කාටවත් කතා කරගන්න හැකියාවක් තිබුනෙ නෑ.. ඒ ඔවුන්ට ඇහුන විදියද ? නැත්තං කැප්ටන් ඇත්තටම ඔවුන්ට සුබ පැතුවද ?
"ඔ..ඔව් සර් !"
ඔවුන් ආචාර කරන ගමන් කියනකොට ඔලුව වනපු කැප්ටන්, ලස්සන හිනාවකුත් තොල් අතර රඳවගෙනම එතනින් පිටව ගියා..."ඒයි ! ඒ.. ඒ ඇත්තටම කැප්ටන් ද ?"
"මම දන්නෙත් නෑ... මොකද්ද ඒ සිද්ද උනේ ? එයා අපිට සුබ පතලා, හිනා උනාද ?"
"මං හිතන්නෙ එයාට වෙන ආත්මයක් වැහිලා..!"
සොල්දාදුවන් එකිනෙකා එක්ක හිමීට මුමුණන්න ගත්තෙ මොකද කැප්ටන්ගේ හැම හැසිරීමක්ම ඔවුන්ට අලුත් දෙයක් උනා...
ජන්කූක් එහෙමම පිට්ටනියෙ අනෙක් පසට ගියේ, මොකද කෙනෙක්ව බැලීමෙ දැඩි උවමනාවක් උදෑසන සිටම ඔහුගේ හිත තුල තිබුන නිසාවෙනි... දැනටමත් මාසයකුත් තවත් සතියකුත් ගෙවී තිබුනු අතර, පුහුණුවීම් අවසන් වෙන්න ඉතාම ආසන්න වී තිබුනා...
ජන්කූක් ටේහ්යුන්ග්ව දැක්කා.. පිට්ටනිය පසෙක ඔහුගෙ කණ්ඩායමේ තවත් කෙනෙක් සමඟ ටයිකොන්ඩෝ පුහුණුවීම් කරමින් ටේහ්යුන්ග් හිටියා.. ජන්කූක් තත්පර කීපයක් ඒ දිහා බලාගෙන හිටියා.. මොකද පසුගිය සති කිහිපය පුරාම ටේහ්යුන්ග්ගෙ පුහුණුවීම්වල කැපීපෙනෙන දියුණුවක් දක්නට ලැබුනා...
YOU ARE READING
Since 1894 || Taekook [ ONGOING ]
Fanfiction" යුද්ධය අවසන් උනාම අපි විවාහ වෙමු... මම ඔයා වගේම ලස්සන, මල් වවන්නම්... අපේ කතාව මේ මුලු විශ්වයෙම තියෙන ලස්සනම ආදර කතාව බවට පත් වේවි.... " - මිය ගිය සොල්දාදුවෙකුගේ සාක්කුවේ තිබී ලිපියක් හමුවිය ; කපිතාන් ජියොන් ජන්කූක්, 1895 - ‼️ Credits to the ori...