Chapter - 6

1.2K 356 98
                                    

හිමීට අඩි තියමින් නිවසින් පිටතට එනකන්ම ටේහ්‍යුන්ග් තමන්ගෙ හුස්ම හිර කරගෙන හිටියා.. ඒ වනවිටත් රාත්‍රී 10 පමණ වී තිබුන අතර සියල්ලන්ම වගේ තද නින්දක පසු උනා...

සාර්ථකව නිවසින් පිටතට ආව ටේහ්‍යුන්ග් පමණක්ම පාරේ තනිවෙද්දි, වෙන කිසිවෙකුත් පිටත නොසිටි අතර රාත්‍රියේ දැල්වෙමින් තිබුන විදුලි පහන් පමණක් පාර දෙපසම තිබුනා... අවට තිබුන අඳුරත් සමඟ හිතට නොසන්සුන් හැඟීමක් දැනුනත්, ඒ පිලිබඳ අවධානය නොදීම ටේහ්‍යුන්ග් තමන්ගෙ මෙහෙයුම ගැන සිතන්න උනා...

අඳුරු පටු පාර දිගේම ඇවිදගෙන ආව ටේහ්‍යුන්ග්, තමන්ගෙ ඇස් හැම දිශාවටම යවමින් වටපිට නිරීක්ෂණය කරන්න උනා.. දැනටමත් රාත්‍රිය උදා වී තිබුනත්, තිබුනු සඳ එලියත් සමඟ රාත්‍රී අහස යම්තාක් දුරට දීප්තිමත් උන අතර, හමාගෙන ආ සුලඟ පවා දැඩි සීතලක් වෙනුවට සිත සැහැල්ලු කරන සන්සුන් බවක් ගෙන එන්න උනා...

මේ ඔක්තෝබර් මාසය... ඒ විශේෂ සිදුවීම මෙන්ම කැප්ටන් ජියොන්ගේ මරණය සිදුවෙන්න හරියටම මාස 3කට පෙර... එනම්, ඒ සියල්ල නව වසර ලබනවත් සමඟම සිදුවෙන්න නියමිත වී තිබුනා...

කොයිතරම් නම් විහිලුවක්ද ! නව වසර කියන්නේ අලුත් බලාපොරොත්තුවල සංකේතයක් විය යුතුව තිබුනත්, නමුත් ඒ දවසෙම ඔහු මිය යන එක ?? ඇත්ත.. නව වසර ලබන දින කැප්ටන් ජියොන් ඔහුගේ ජීවිතයට සමුදිය යුතුව තිබුනා...

ටේහ්‍යුන්ග් ගැඹුරින් හුස්මක් පිටකරා.. ඔහු තවමත් කැප්ටන් සමඟ සමීප වෙලා තිබුනේ නෑ.. අඩුතරමේ යාලුවෙක් විදියටවත්.. ඒත් ඔහුගේ මරණය තමාට දකින්න වෙන බවත්, ඒ අත්දකීම් සියල්ලටම තමාටත් මුහුණ දිය යුතු බවත් හැඟෙනකොට, ඒ හැඟීම ටේහ්‍යුන්ග්ගෙ හිත ඇතුලෙන් වේදනාවට පත් කරා...

"මෙහෙයුම ගැන විතරක් අවධානෙ දෙන්න ටේ ! හැමදේම හොඳින් සිද්ද වේවි.."
ටේහ්‍යුන්ග් තමාවම සනසගත්තා...

ටේහ්‍යුන්ග්ට දැනටමත් ඈත තියාම සාප්පු මධ්‍යස්ථානය පෙනුන අතර, නමුත් එකපාරටම හිතට දැනුන අමුත්තක් නිසා ටේහ්‍යුන්ග් තමන්ගෙ ගමනේ වේගය ටිකෙන් ටික අඩු කරන්න උනත්, ඔහු ඉදිරියට අඩි තියන සෑම වාරයක් පාසාම ඒ අමුතු හැඟීම තව තවත් දැනෙන්න උනා...

Since 1894  ||  Taekook  [ ONGOING ]Where stories live. Discover now