සිවිල් ආරක්ෂක භටයින් දෙන්නෙක් විසින් ටේහ්යුන්ග්ගෙ අත් දෙකම අල්ලගෙන සිටි අතර, පන්දම් කීපයක් පමණක් දල්වලා තිබුනු සිර කුටියක් වෙතට ඔහුව ඇදගෙන යමින් හිටියා...
අනාගතයේ තියෙන නවීකරණය උනු සිරගෙවල් එක්ක සසඳන විට මෙය වානේ කම්බි කීපයක් සමඟ තියෙන ගුහාවකට සමාන උනා...
ටේහ්යුන්ග්ව සිර කුටිය තුලට තල්ලු කල අතර ඒ තුල තවත් පුද්ගලයෙක් සිටියා.. ඒ කවුද කියන දේ ටේහ්යුන්ග් හොඳින්ම දැනගෙන හිටියත්, නමුත් හදවතට දැනුන වේදනාව එක්ක ඔහු දිහා කෙලින් බලන්න තරම් ශක්තියක් නැති වෙනකොට ටේහ්යුන්ග් එහෙමම අනිත් පැත්ත බලාගෙනම හිටියා...
හැමදේම සිදු වෙන්න තිබුනේ මේ විදියටද ? එකම එක වතාවක් කඳවුරේ නීති වලට අවනත නොවීම නිසා ලැබෙන දඬුවම මේ විදියට සිර දඬුවමද ?
නෑ !! මොකද ටේහ්යුන්ග්ගෙ පියාට වෙනම සැලැස්මක් තිබුනා...
තවත් සොල්දාදුවෙක් පැමිණ සිරකුටිය තුල බිමට ලුණු වත්කරන්න පටන් ගත් අතර, එය ඒ තරම් ප්රමාණයක් නොවුනත්, ජලය බාල්දි දෙකක් අධික ලෙස ලුණු සහිත වීමට තරම් ප්රමාණවත් උනා...
"දණ ගහනවා !"
අනෙක් සොල්දාදුවා ටේහ්යුන්ග් ඇඳ සිටිය කලිසම ඔහුගෙ දණහිස අසලට එනකන්ම ඉහලට කරන ගමන් නියෝග කලා...ටේහ්යුන්ග්ගෙ හිතට බයක් දැනුනා.. මොකද ඔවුන් කරන්න හදන්නෙ මොකද්ද කියන දේ ටේහ්යුන්ග් හොඳින්ම දැනගෙන හිටියා...
එය අතීත කාලයේ තිබුනු දඬුවම් ක්රමයක්.... ලුණු ඇතිරූ බිමක සිරකරුවන්ට දණගසාගෙන සිටීමට සිදු උන අතර, ඔවුන්ගේ හිස මත මෙන්ම දෑත්වලත් පොත් කීපයක් තබාගෙන සිටීමටත් සිදු විය.. නමුත් ලබා දී තිබුනු කාලය අතරතුර එක් පොතක් හෝ බිමට වැටුනොත් දඬුවම් කාලය නැවතත් මුල සිට ගණනය වන ආකාරයට එම දඬුවම සම්පාදනය වී තිබුනි...
"මං කිව්වනෙ, දණ ගහනවා !"
ඔහු එකපාරටම කෑ ගහනකොට ටේහ්යුන්ග් වගේම ජන්කූක් පවා ගැස්සුනා.. ටේහ්යුන්ග් සිරකුටියට පැමිණෙනකොට ජන්කූක් නින්දක පසු උනත්, නමුත් දැන් ඔහුත් අවදියෙන් සිටියා...
YOU ARE READING
Since 1894 || Taekook [ ONGOING ]
Fanfiction" යුද්ධය අවසන් උනාම අපි විවාහ වෙමු... මම ඔයා වගේම ලස්සන, මල් වවන්නම්... අපේ කතාව මේ මුලු විශ්වයෙම තියෙන ලස්සනම ආදර කතාව බවට පත් වේවි.... " - මිය ගිය සොල්දාදුවෙකුගේ සාක්කුවේ තිබී ලිපියක් හමුවිය ; කපිතාන් ජියොන් ජන්කූක්, 1895 - ‼️ Credits to the ori...