වෙලාව උදෑසන 4යි.. ටේහ්යුන්ග් හිටියේ බෝගම් එක්ක පුහුණුවීම් වෙනුවෙන් කඳවුරට යන අතරමග...
ඒත් බෝගම් වෙනස් වෙලා.. ඒ මුහුණෙ පවා තිබුනෙ වෙනස්ම පෙනුමක්.. ඒ නිසාම බෝගම්ගෙ මූණට හිනාවක් ගේන්න කල්පනා කරපු ටේහ්යුන්ග් කිසිම තේරුමක් නැති විහිලුවක් කතාවක් කියන්න පටන් ගත්තා.. ඒත් මහ හයියෙන් හිනා උනේ ටේහ්යුන්ග් විතරයි.. බෝගම්ගෙ තොල්වල තිබුනෙ යන්තමට ඇඳුනු ව්යාජ හිනාවක්...
ඊයෙ රෑ ඉඳලම ටේහ්යුන්ග්ගෙ හිතේ බෝගම් ගැන සැකයක් තිබුනා.. ඒ ඇස් රතු වෙලා.. ඉදිමිලා.. හරියට බෝගම් එකදිගටම අඬලා වගේ...
අද උදෑසන පවා සිදුවුනේ ඒ ගැන සැකය තවත් වැඩි උන එක විතරයි.. මොකද බෝගම් කවදාවත් නැති විදියට නිශ්ශබ්ද වෙලා හිටියා.. සාමාන්යයෙන් අනෙක් දිනවලට හැම උදෑසනකම වගේ බෝගම් ටේහ්යුන්ග්ව පුදුම කරා.. එහෙම නැත්තම් ටේහ්යුන්ග් අවදි වෙන විදියට විවිධ ශබ්ද කරා.. ඒත් අද ? අද ඒ කිසිම දෙයක් තිබුනෙ නෑ.. බෝගම්ගෙන් කිසිම සද්දයක් නැති වෙනකොට ටේහ්යුන්ග් උදෑසන තනිවම අවදි උනා...
තවත් විහිලු කතා දෙක තුනක්ම කිව්වත් බෝගම්ගෙ ඒ වෙනුවෙන් කිසිම ප්රතිචාරයක් ලැබෙන්නෙ නැති වෙනකොට අවසානයේ නිහඬව ඉන්න ටේහ්යුන්ග් තීරණය කලා.. සමහරවිට ඒ දේවල් බෝගම්ට අපහසුතාවයක් වෙන්න ඇති.. ඒත් ඇත්තටම ටේහ්යුන්ග්ට ඕන උනේ බෝගම්ගෙ මූණට හිනාවක් ගේන්න විතරයි.. මොකද බෝගම් කියන්නෙ හැමවෙලාවෙම වගේ සතුටින් ඉන්න කෙනෙක්.. ඒ නිසාම බෝගම්ගෙ මේ හැසිරීම නිසා ටේහ්යුන්ග්ගෙ හිතට අමුත්තක් දැනුනා...
"ඔයා හොඳින් නෙමෙයි වගේ.."
බෝගම්ගෙ දිහා බැලූ බැල්මට ඔහු හොඳින් නොවන වග පෙනෙන නිසා අවසානයේ ටේහ්යුන්ග් කතා කරන්න තීරණය කලා...
"මොකද්ද ඔයා ඒකෙන් අදහස් කරේ ? මං හොඳටම හොඳින්.."
බෝගම් කිව්වත් ඒ කටහඬේ පවා වෙනදා තිබුනු උද්යෝගිමත් බව නැති බව තේරුම් යනකොට ටේහ්යුන්ග්ගෙ හිතට දැනුනෙ කනස්සල්ලක්...
එහෙමම හුස්මක් පිටකරපු ටේහ්යුන්ග් තවත් වැඩිදුර විස්තර නොඅසාම නිහඬ උනේ මොකද බෝගම්ට පවා මේ මොහොතේ නිදහසේ ඉන්න අවශ්ය ඇති කියලා හිතුන නිසා...
YOU ARE READING
Since 1894 || Taekook [ ONGOING ]
Fanfiction" යුද්ධය අවසන් උනාම අපි විවාහ වෙමු... මම ඔයා වගේම ලස්සන, මල් වවන්නම්... අපේ කතාව මේ මුලු විශ්වයෙම තියෙන ලස්සනම ආදර කතාව බවට පත් වේවි.... " - මිය ගිය සොල්දාදුවෙකුගේ සාක්කුවේ තිබී ලිපියක් හමුවිය ; කපිතාන් ජියොන් ජන්කූක්, 1895 - ‼️ Credits to the ori...