හුරුපුරුදු ස්ථානයක ඉඳලා ඇස් දෙක විවර කරනවත් එක්කම ටේහ්යුන්ග්ට හැම දෙයක්ම දැනුනේ හරිම බරක් විදියට...
ටේහ්යුන්ග් හිටියේ රලු බිමක වැතිරිලා.. ඒ අත් දම්වැල් වලින් බැඳ දමලා තිබුනු අතර ඒත් ටේහ්යුන්ග් එකපාරටම පුදුම උනේ ඇස් ඉස්සරහ තියෙන යකඩ පොලු දකිනකොට...
ටේහ්යුන්ග් හිමීට වැතිරිලා හිටිය තැනින් නැගිට්ටේ ඇස් ආලෝකයට හුරු කරගන්න ගමන්.. ඒත් එතන තිබුනේ 1980 ගණන්වල අපේක්ෂා කරන්න පුළුවන් විදුලි පන්දම් වගේම විදුලි පහන් විතරයි...
මොකද ටේහ්යුන්ග් හිටියේ සිර මැදිරියක...
ඒ ගැන ටේහ්යුන්ග් තහවුරු කරගත්තේ මොකද ඔහු මීට කලිනුත් මෙතනම සිටිය නිසා.. ඒත් අද ඒ හිතට දැනුනේ වෙනදට වඩා නොසන්සුන්බවක්.. මොකද තමන් මේ ස්ථානයේ ඉන්න හේතුව මොකද්ද කියලා කිසිම අදහසක් ටේහ්යුන්ග්ගෙ හිතේ තිබුනේ නෑ...
ඒත් ටේහ්යුන්ග්ගෙ හිතට විවිධ සිතුවිලි ගලාගෙන එන්න පටන් ගත්තේ ටිකක් එහායින් හිටගෙන ඉන්න ජන්කූක් දකිනකොට.. ඉක්මනට නැගිටලා ඒ දිහාවට ගිය ටේහ්යුන්ග්, ජන්කූක්ගෙ ඇස් වලට එබුනේ ඔහුවත්, ජන්කූක්වත් වෙන් කර තිබුනු එකම බාධකය උන යකඩ කූරු තද කරලා අල්ලගන්න ගමන්...
"ජ..ජන්කූක්.. මොකද්ද සිද්ද වෙන්නේ ?"
ඒ කටහඬ වෙව්ලුවා.. මොකද මීට ටික වෙලාවකට කලින් සිදු උනේ මොකද්ද කියලා ටේහ්යුන්ග්ට හොඳින්ම මතක තිබුනා...
නමුත් ටේහ්යුන්ග් ජන්කූක්ව විස්වාස කලා.. ටේහ්යුන්ග්ට ජන්කූක්ව විස්වාසයි...
ටේහ්යුන්ග් එහෙමම අඩි කීපයක් පිටුපසට උනේ ආරක්ෂකයින් දෙදෙනෙක් එක්ක ජන්කූක් සිර කුටියේ දොර විවර කරගෙන ඇතුලට එනවත් එක්කමයි...
ටේහ්යුන්ග් හිටියේ මොන තරම් වේදනාවකින්ද කියල කවුරුවත් දැනගෙන හිටියේ නෑ.. මොකද ජන්කූක් නැවත පැමිණෙන බව ආරංචි උන මොහොතේ ඉඳලම ටේහ්යුන්ග් හිතුවේ එකම එක දෙයක් ගැන විතරයි...
සතුට...
ටේහ්යුන්ග් හිතුවේ ඔවුන්ගේ සතුට ගැන විතරයි...
YOU ARE READING
Since 1894 || Taekook [ ONGOING ]
Fanfic" යුද්ධය අවසන් උනාම අපි විවාහ වෙමු... මම ඔයා වගේම ලස්සන, මල් වවන්නම්... අපේ කතාව මේ මුලු විශ්වයෙම තියෙන ලස්සනම ආදර කතාව බවට පත් වේවි.... " - මිය ගිය සොල්දාදුවෙකුගේ සාක්කුවේ තිබී ලිපියක් හමුවිය ; කපිතාන් ජියොන් ජන්කූක්, 1895 - ‼️ Credits to the ori...