"ජන්කූක්.... ම්ම්හ්... දැන්.... ගොඩක් වෙලානෙ....."
ටේහ්‍යුන්ග් යන්තමට වචන එකතු කරගත්තේ සිපගැනීම අතරතුරමයි... ඒත් ඒක ඇත්ත... ඔවුන් මේ සිපගන්නෙ බොහෝ වෙලාවක ඉඳලමයි... ඒ කොපමණ වෙලාවක්ද කියල ඔවුන් දෙන්නාවත් දැනගෙන හිටියේ නෑ...
සමහරවිට ඒ දෙන්නා එකිනෙකාට ඒ තරමටම ආදරේ කරන්න ඇති....
"එහෙනම් අපි දැන් කතා කරමුද ?"
ජන්කූක් ඇහුවා...ජන්කූක් කාර්යාලයේ තිබුන ඔහුගෙ පිටුවෙන් වාඩි වෙනකොට, ටේහ්‍යුන්ග් කලින් වගේම මේසේ මතම වාඩි වෙලා හිටියා...
කාමරය අඳුරුයි.. මොකද විදුලි පහනක් දල්වන්න කාටවත් උවමනාවක් තිබුනෙ නෑ.. නමුත් කාමරය යන්තන් ආලෝකමත් වෙන විදියට සඳ එලිය විතරක් ඒ තුලට ගලාගෙන ආවා....
"මොනවා ගැනද අපි කතා කරන්නේ ?"
"ඇයි ඔයා නඩුව ගැන කතා කරේ නැත්තේ ?"
ටේහ්‍යුන්ග් අනිවාර්යෙන්ම ඒ ගැන අහන බව ජන්කූක් දැනගෙන හිටියා...
"මට තාම හැමදේම ඔයාට කියන්න බෑ..""එයාලා ලුතිනන් හන් ව මැරුවා.. මොකද නීති විරෝධී ගිනිඅවි, මත්ද්‍රව්‍ය වගේම ඇමෙරිකාව එක්ක පවත්වා ගෙන යන නීති විරෝධී සම්බන්ධතා ගැනත් ලුතිනන් හොයාගත්තා.."
ටේහ්‍යුන්ග් ඇස් ඉබේටම වගේ ලොකු උනේ ජන්කූක් කිව්ව රටේ නම ඇහෙනවත් එක්කමයි...
"ඇමෙරිකාව...??""ලුතිනන් ඒ හැමදේම ගැන හෙලිදරව් කරන්න හැදුවේ.. ඒත් අවසානෙ එයාට මියයන්න උනා.. ටේහ්‍යුන්ග් මට සමාවෙන්න මෙහෙම කියනවට, ඒත් ජෙනරාල්තුමා තමයි එයාව මරන්න නියෝග කලේ.."
ටේහ්‍යුන්ග්ට තරහවක් දැනුනා.. නෑ ! ඊටත් වඩා තරහවක්.. ඇඟ ඇතුලෙන්ම තමා වෙව්ලන බව දැනෙනකොට ටේහ්‍යුන්ග් තමන්ගෙ අත තදකරලා මිටිමොලව ගත්තා...
"ඇත්තම සැකකාරයා අහු නොවෙන විදියට නඩුව නොමග යවන්න ඕන නිසා එයාලා ඒකට මාව අල්ලගත්තා.. අනිත් එක ඔයාගෙ තාත්තා කැමති නෑ තවදුරටත් මං ඔයාව ආරක්ෂා කරනවට.. ඒ නිසා එයාට ඕන උනා මාව මෙතනින්ම අයින් කරලා දාන්න.."
![](https://img.wattpad.com/cover/281789118-288-k26562.jpg)
YOU ARE READING
Since 1894 || Taekook [ ONGOING ]
Hayran Kurgu" යුද්ධය අවසන් උනාම අපි විවාහ වෙමු... මම ඔයා වගේම ලස්සන, මල් වවන්නම්... අපේ කතාව මේ මුලු විශ්වයෙම තියෙන ලස්සනම ආදර කතාව බවට පත් වේවි.... " - මිය ගිය සොල්දාදුවෙකුගේ සාක්කුවේ තිබී ලිපියක් හමුවිය ; කපිතාන් ජියොන් ජන්කූක්, 1895 - ‼️ Credits to the ori...