3. නාදුනන්නා 🌻

865 194 111
                                    


විසිඑක් හැවිරිදි තරුණයා අන්තිමම වතාවට තමන්ගෙ ගෙවතු වගාව දිහා බලන් හිටියා. එයා හැත්තෑපස්වෙනි වතාවටත් තමන්ගෙ පෞද්ගලික සේවකයෙක් වෙච්ච හැරී⁣ට විස්තර කරමින් හිටියේ එයාගේ ස්ට්‍රොබෙරී වගාවට නියමිත විදිහට සාත්තු සප්පායම් කරන්න කොහොමද කියලා ස්ට්‍රෝබෙරි හැම පැළයක් වගේම අලුත් ලපටි පැල. ඉතින් එයා බය වෙලා හිටියෙ චුට්ටක් හරි ස්ටෝබෙරි පැල වලින් ඈත්වෙලා කල්ගත කරන්න වෙන එකෙන් එයාගේ පැටව් ටික හරියට වැඩෙන්නැතිවෙයි කියලා . හැරී විසිඑකොලොස්දාස් හැත්තැපස්වෙනි වතාවටත් ජන්කුක් ඉස්සරහා ඔලුව වනන ගමන් කියන ඔක්කොම පිළිගත්තා.

මේ මොන මංගල්ලයක්ද කියලා කියනවා බබ්ලීයා එයාගේ ලොකු නැට්ට එහෙට මෙහෙට වනන ගමන් ජන්ග්කුක් වටෙ කැරකුනා. බබ්ලී කියන්නේ ජන්ග්කුක්ගේ අප්පගේ සුරතල් බලු පැටියා. පැටියා කිව්වට එයා චුටිම පැටියෙක් නෙවෙයි. අවුරුදු තුනක ආඩම්බර බලු කෙල්ලෙක්...

එයාගේ උප්පැන්න සහතිකේ නමට අප්පා දාලා තිබ්බේ එයාගේ පෙනුමටම ගැලපෙන නමක්. Night fury... ඒත් ජන්ග්කුක් අප්පා දාපු නම පැත්තකට දාලා බබ්ලී කියලා එයාට කතා කරන්න පුරුදු කර ගත්තා. ජන්ග්කුක් නම් කිව්වෙ බබ්ලී තමන්ගේ උප්පැන්නෙ නම දිග වැඩී කියලා එයාට කිව්වා කියලා .... ඒ නිසාත්, බබ්ලි ඇත්තටම බබල් එකක් වගේ හුරතල් හින්දා ( මොන පිස්සුද එයා තනිකරම බුලට් එකක්. ) ජන්ග්කුක් දාපු නමට එයා ගොඩාක් කැමති උනා කියලත් තමයි ජන්ග්කුක් කිව්වේ. බබ්ලි ජන්ග්කුක්ටයි, මිස්ටර් ජොන්ටයි, ගෙදර අයටයි නම් ඇත්තටම හුරතල් බවුවෙක් තමා. හැබැයි පිට කෙනෙක්ටනම්...... ඒ ගැන කතා නොකර ඉමු.

ඊලගට එයා හැරී ගේ අතින් අල්ලගෙන පුංචි තක්කාලි පැල ටික පෙන්නන්න එක්කගෙන ගියා. බබ්ලිත් පස්සෙන්මයි ... තක්කාලි වැල් වල නම් ලොකුවට නැතත් පුංචි පුංචි ගෙඩි හැදෙන්න පටන් අරගෙන. අනිවාර්යෙන් තව මාස දෙකක් ඇතුලත සේරෝම රතු පාටින් බැබලෙන හැටි මැවිලා පේනවා. එයාට ඇත්තටම වද උනේ එයාගෙ ඇස් සීමාවේ හැදෙන ලස්සන ගෙවතු වගාව සීමාව ගැන විතරයි . එතකොට එයාගෙ secret garden එක... ඒ ගැන කවුරුත් දැනන් හිටියේ නෑ... අඩුම එයාගේ අප්පවත්.....

ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ Where stories live. Discover now