4. Jiggle Wiggle 🌻

793 196 96
                                    


" හ්ම්ම් " ජන්ග්කුක්ගේ ඉස්සරහා ලොකු කැර⁣කෙට පුටුවේ ඉඳගෙන අත් බැඳගෙන විනිවිදින සුළු ඇස් ⁣වලින් එයාගේ මුහුණේ වෙනස් වෙන හැම අඟලක්ම නිරීක්ෂණය කරමින් ඉන්න සොක්ජින් සුසුමක් හෙලුවා . ජන්ග්කුක් තවමත් ඉන්නේ ශොක් වෙලා වගේ වුණත් එයා උපරිමෙන්ම උත්සාහ කලා එයාගෙ හිත ඇතුලෙ තෙරපෙන හැඟීම් පිටතට නොපෙන්වා ඉන්න . ඒත් එයාගේ නළල බ්ලොන්ඩඩ් කොණ්ඩෙ අයිතිකාරයව මතක් වෙද්දි දාඩිය නාන්න පටන් ගන්න එකත්, කන පිටි පස්සෙ රත් වෙලා දන්න පටන් ගන්න එකත් එයාට වලක්ව ගන්න බැරි වුණා . සොක්ජින්ට වැඩියෙන්ම ජන්ග්කුක්ගේ මොකක්ම හරි හොරයක් තියනවා කියලා හිතෙන්න ගත්තේ මේ දේවල් හින්දමයි...

" යා..... ජන්ග්කුකා... ඔයා කොහෙද මෙච්චර වෙලා හිටියෙ .ඇයි කෝල්ස් ආන්සර් කරන්නේ නැත්තේ. ඔයා කොටෙජ් එකෙත් නෑ .මම ඊට පස්සේ ආයේම මගේ කැබින් එකට ආවා ඔයා ඇවිත් ඇති කියලා හිතලා. ඒ අස්සේ ජොන් අංකල් මට කීප වතාවක්ම කෝල් කරා ඔයා කෝල් ආන්සර් කරන්නෑ කියලා ... ඔයා පැය භාගයක් තිස්සේ මොන ලෝකෙකද අතුරුදහන් වෙලා හිටියේ .... "
ජින් ඇහුවෙ තරමක් තද ස්වරයකින්. එයා හිටිය තරමක් දුරට නොරිස්සුමකින්. ජංකූක් සෝල් වලට ආවා විතරයි . විනාඩි පහකට හයකට කලින් කැබින් එකට ඇවිල්ලා ඉන්න කියලා කිව්වම එන්නම් කියපු මනුස්සයා පැය බාගයක් විතර යනකම් කැබින් එකේ නැහැ .... කීප සැරයක්ම කෝල් කරා වුණත් කිසිම කෝල් එකක් jungkook ආන්සර් කරෙත් නෑ. පස්සෙ මෙන්න මනුස්සයා මූණ පුරා දාඩිය පෙරාගෙන , හුබහෙන් ඇදපු තලගොයා වගේ තමන්ගේ ඉස්සරහින් මතු වෙනවා...

තමන්ව අනවසරෙන් සිප ගත්ත බ්ලොන්ඩඩ් කොණ්ඩය හිමි තරුණ රූපය වාශ්ප වෙලා ගියපු පලවෙනිම සැරේ ජන්ග්කුක් කරේ එහා පැත්තට වෙන්න තිබ්බ හුරුබුහුටි ඇද උඩ හතරගාතෙන් වැටෙන එක. එයා තමන්ගෙම පපුව ගිඩිගිඩි ගාලා හැහෙන එකට සවන්දෙන ගමන් හුස්මක් අරන් තද කරලා තියා ගෙන මුදා හැරියේ තමන්ව සංසුන් කරගන්න. එයා විනාඩි කිහිපයක් එතන එහෙමම හිටියි . තවමත් පුපුරු ගහන දෙතොල් මතින් ඇගිලි තියලා සොෆ්ට් එකට තද කරන ගමන් දැන් ටික වෙලාවකට කලින් තමන් කොහෙවත් නැති ආඩම්බර නහර කාර හාල් මැස්සෙක්ට තමන්වම කිස් කරන්න ඉඩ දුන්නා කියලා මතක් උනාම එයාට පොළව පලන් යන්න හිතුනා.

ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ Where stories live. Discover now