57. මගේ ලස්සන ලිලියම් 🌻

391 138 67
                                    

මින් යුන්ගි හිටියේ තමන්ට අහන්න ලැබුණු ප්‍රවෘත්තියෙන් බොහොම කලබලයට පත් වෙලා. ඒ හේතුව නිසාම එයා තමන්ගේ දෙමව්පියන්ව මුන ගැහෙන්න තීරණය කරා. දැන් බොහෝ කාලෙකට කලින් පාර්ක් මන්දිරයට යන ගමන යුන්ගි නවත්තලා තිබුණා උනත් මේ අවස්ථාව එයාගේ පුංචි සහෝදරයා වෙනුවෙන් එයාට තමන්ගෙ ප්‍රතිපත්ති කඩන්න වෙනවා. මොනවා උනත් යුන්ගිගෙ හරාබොජි කියන්නෙ සෑහෙන්න ධනය බලය තියන මනුස්සයෙක් . එයා කල නොහැක්කක් නැති තරම්. ඒත් එයා කවදාවත් ජිමින් වෙනුවෙන් කිසිම දෙයක් කරලා නැහැ....

අනික් කාරණාව ජිමින් සහා දාම ගාතකයා සම්බන්ධව එයාව හමුවෙන්න ආව විදේශීය ජාතික කාන්තාව කියපු දේවල්... ඒ හැමදේම හරාබොජි තමන්ගෙන් වසන් කරපු ඇත්තක් නම්.... ජිමින්ගෙ ජිවිතේ ඇත්තේ ලොකු රිස්ක් එකක කියලා එයා කල්පනා කරා.

යුන්ගිගේ ආගමනය මහළු පාර්ක් මහතාට නම් ගෙනාවේ උද්යෝගයක්. ජිමින්ගෙ සහා යුන්ගිගේ අප්පා නම් හිටියේ සෑහෙන්න මානසිකව කඩා වැටුණු තත්ත්වයක. ජිමින්ගෙ අම්මා තමන්ගෙ හැගීම් පිටට නොපෙන්වා හිටියේ පුරුදු විදිහටමයි.

මහළු පාර්ක් මහතා යුන්ගිව වැළදගෙන නිවස තුලට කැදවාගෙන ආවා.

කතාව පටන් ගන්න කලින් යුන්ගි වටපිටාවට අවධානය යොමු කරා. කිසිම කලබලයක් පේන්න තිබුනෙ නැහැ. හැමදේම ඒ විදිහටම හරාබොජිගේ පිලී.....වෙලටම සිද්ධ වෙනවා වගේ.

" හරාබොජි .... ජිමින් නැහැ. ඔයා නිව්ස් දැක්කනේ " යුන්ගි කිව්වා.

" ම්හ්...." හරාබොජිගෙන් ආවේ එච්චර හොද ප්‍රතිචාරයක් නෙවෙයි.

" අපේ ජිමින් ..... එයාලා මොනවද ඒ කියන්නේ......."

" මෙතන අපේ ජිමින් කියලා එකක් නැ යුන්ගි .... " හරාබොජි කිව්වා. " මම හිතුවා කවදාහරි, කවදමහරි මගේ මූණෙ දැලි ගාන්න තරම් එයා නිර්භීතවෙයි කියලා ... ඉපදුනු දා ඉදලා එයාට කරන්න පුළුවන් උනේ ඔච්චරයි ..... ඒකා ජරා විදිහේ සම්බන්දකම් ඇති කර ගන්නවත් එක්කම... මාව විනාශ කරලා දානවා. මගේ ගෞරවය මගේ තත්ත්වය .... " මහළු මිනිසා හිටියේ වෙව්ලන තරම් කේන්තියෙන් ... " වැරදි ලේ..... වැරදි ලේ වල අඩුව මකන්න බෑ... "

ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ Where stories live. Discover now