8. පළවෙනි පාඩම 🌻

607 187 66
                                    

ජිමින් කිචන් එකේ ඕඩර්ස් ගැන බලන ගමන් තමන්ගෙ අලු පැහැති යුනිෆෝම් එකේ නේම් ටැග් එක හරි අතට හදාගත්තා...

එයා වට පිට නිකමට වගේ ඇස් යැවුවේ හැන්ඩ්සම් උස හාදයව හොයන්න නෙමෙයි වෙන වැඩකට. ඇත්තමයි....

ජෙනි එක්ක බර කයියක් දාගෙන හිනාවෙවී එළවළු කූඩයක් උස්සගෙන ඉන්න ජන්ග්කුක් දැක්කම ජිමින්ට චුට්ටක් අවුල් ගියා... හේතුව මොකක් උනත් ජන්ග්කුක් එහෙම ලස්සනට හිනා වෙලා ඉන්න එක එයාට ඇල්ලුවෙ නෑ. සමහර විට පුංචි ඉරිසියාවක් වගේ දෙයක්... එයාට දැනුනා.... ජන්ග්කුක් ඉන්නේ සතුටින්....

" හහ්.... ආපු ගමන්...... " ජිමින් තමන්ට කියා ගත්තේ නොරිස්සුම් හඩක් පිට කරමින්... එයා එහෙම්ම චෙෆ් මොමෝ ඉන්න දැනට ගියේ දවසේ රාජකාරි පටන් ගන්න හිතාගෙන.... චෙෆ් මෝමෝ ජිමින්ව දැක්ක ගමන් හුස්ම ඇදලා ඉහලට ගත්තා.

" ඔයා පරක්කුයි පාර්ක්....... එනිවේ මම ඒත් බැලුවා දම් පාට ගෝවා ගෙඩියකටවත් පන ඇවිල්ල කිචන් එක පුරා ඇවිදිනවද කියලා .... " චෙෆ් කිව්වෙ ජිමින්ව හිනා ගස්සන්න උනාට වෙනදා වගේම එයා ඔහෙ ඔරවගෙන හිටියා... චෙෆ් මෝමෝම තනියම හිනාවෙලා ජිමින්ගෙ පිටට තට්ටුවක් දැම්මා...

" ඒක ඔයාට අලුත් ලුක් එකක් දීලා පාර්ක්..... ඒ්ත් අර එක වතාවක් කොළ පාට හලාගෙන ග්‍රොකලියක් වගේ හිටපු කාලෙ තමයි හොදම..." චෙෆ් හැදුවේ ජිමින්ට ආයෙම ටීස් කරන්න . ජිමින් යන්තමට අමාරුවෙන් හිනා වෙලා ⁣බිම බලා ගත්තා.

" එනිවේ.... පාර්ක් අපට අලුත් කෙනෙක් ඉන්නවා . ජොන් ජන්ග්කුක් .එයා තමයි අපේ මිස්ට........."

" මම දන්නවා චෙෆ්....මට දැනටමත් එයාව හම්බුනා......" ජිමින් කිව්වෙ කතාව දිගට ඇදගෙන යන්න තරම් උවමනාවක් එයාට නොවුන නිසා. චෙෆ් මෝමෝ හුස්මක් අරගත්තා.... එයා දැනටමත් අලුත් ජුනියර්ව දැකලා තිබුනෙ. ඒ කෙනාම තමයි ජන්ග්කුක් කියන්නෙ කියලා එයාට විශ්වාස වෙන කිසිම අලුත් මූණක් කිචන් එකෙ නොහි⁣ටිය නිසා.

" හ්ම්ම් ..... අඩුම මම මේ පාරවත් ට්‍රයි කරේ ඔයාට එයාව ට්‍රෙනින් කරන්න කියලා කියන්න. හොදයි ඔයා ඒකට කැමති නැහැ වගේ නිසා... මම හ්වාසට කියන්නම් "

ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ Where stories live. Discover now